ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට වැඳ නමස්කාර කළා. එතනදිම මගේ සිත නතර වුණා. දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවට පෙර 27/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. එහි දී කායමුදුතාව මගින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ඉවත් වෙන බවත්, එනම් hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වෙන බවත්, මෙය කාමරාග අනුසය නිසා වූ අවිද්‍යා අනුසය කොටසෙන් වන බලපෑම ඉවත් කිරීම ලෙස සැලකිය යුතු ය, කියන වාක්‍යයට සිත යොමු කළා. මේක මම ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා.
ඊයේ භාවනාවේ අපි දන්නවා diagram එකක් හැටියට ගන්නවා නම් අපිට පේනවා ඉතින් වේදනා, පරාමාස, ඉදංසච්ච තුන ලකුණු කරගත්තා. මෝහයේ ඉඳන් පරිදේවයට එන එක line 6 එක, ඊළඟට ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන එක line 5 එක, දැන් line 7 එක අනිත් පැත්තට යනවා ඒ පරිදේවයේ ඉඳන් පරාමාසයට කියන එක. ඉතින් පරාමාසයෙන් අපි එනවා අර සෝකය කියන තැනට. සෝකයෙන් ඊට පස්සේ අපිට වේදනාව, වේදනාවෙන් චේතනාව දක්වා ගමන් කරනවා කියන එක. එතකොට මට තේරුණා මේක නේ ද ඒ line 7 වලින්, ඒ කියන්නේ මේක නේ ද line 7 වලින් වන දේ නැති කිරීමයි කියලා මට වැටහුණා. ඒ කියන්නේ අර කාමරාග අනුසය, කායමුදුතාව මගින් මොකද්ද සිද්ධ කරන්නේ, අර line 7 වලින් වෙන දේ නැති කිරීමයි කියලා වැටහුණා. Line 7 වුණා නම් මොකද වෙන්නේ? අර පරාමාස, සෝක, වේදනා, චේතනා කියන එක සිද්ධ වෙනවා. මෙන්න මේක නවතිනවා. ඔන්න ඕක මම වටහා ගත්තා line 7 වලින් තමයි මේ කායමුදුතාවේ කතාව වෙන්නේ. Line 7 අනිත් පැත්තට.
ඊළඟට මේ විදිහට ම මට තේරුණා, ඒ කායපාගුඤ්ඤතාවය කියන එකෙන් ඒ line 5 කියන එක නතර වෙනවා. කායුජ්ජුකතාවය මගින් line 6 කියන එක, නතර වෙනවා. චිත්තපාගුඤ්ඤතාවය මගින් ඒ පරාමාසයේ ඉඳන් සෝකයට එනවා කියන එක, නතර වෙනවා කියලා. ඒ විදිහට වැටහුණා. කොහොම ද මේක වෙන්නේ? කායුජ්ජුකතාවයෙන් අපි පටන් ගමු. අර 315°ක් අවිද්‍යා ආශ්‍රව line X එක කියන එක කැරකවෙනවා, ඒක පරිදේවය කරා ගමන් කරනවා. ගමන් කරලා තමයි මේ line 6 එක කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේකේ නැවතීම පළමුව සිද්ධ වෙනවා. මේක සංස්කාර කියන ඒවා, කාය සංස්කාරයන් ඒ කියන්නේ පාණාතිපාත, අදත්තාදානයන්ගේ කියන එකේ නිරෝධය. මාළුවා වරල ගහන්නේ නෑ. නැවතත් මරණය බව දැනගන්නවා. නැවතත් අදත්තාදානය කියලා ඒක නවත්තනවා.
ඊළඟට දෙවනි කාරණේට අපිට එනවා කායපාගුඤ්ඤතාවය මගින් ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන බලපෑම ඉවත් කරනවා කියලා වටහා ගත්තා. එය දැන් නිත්‍ය යැයි ගන්නා වූ, ඒ කියන්නේ line A එක, අවිද්‍යා යෝග රේඛාව 180° න් භ්‍රමණය වන්නේ, ඒ කියන්නේ වට දෙකකින් ම සිද්ධ වෙන උද්ධච්චය පරිදේව වීම ලෙස සැලකිය යුතු ය. අපි දන්නවා line A වල දකුණු පැත්තේ අර උද්ධච්චය කියන එක ලකුණු කරනවා. ඒක 180° ක් කැරකුණොත් හරියට ඔය පරිදේවය තියෙන තැනට ඒක එනවා. එතකොට කෙනෙකුට ඇඳගන්න පුළුවන් ඉතින් කැමති නම් ඉදංසච්ච, මෝහ අර පරිදේව කියන එක line A එක තමයි ඉදංසච්චයයි ඒ මෝහයයි අතර දැන් ඇවිල්ලා තියන position එක. මෙතෙන්දි වචී සඞ්‌ඛාර, එනම් විතක්ක විචාර කියන ඒවා නවතනවා. දැන් එකට වඩා පෙර එක හොඳ යැයි නොකියයි.
ඊළඟට තුන් වෙනි කාරණාවට එනවා ඔය line A එක රේඛාව 270°ක් වෙනවා නම් සුඛ වේදනාව මිය යනවා. එතකොට කායමුදුතාව මගින් චිත්ත සංස්කාර කොටසක් නිරෝධය කරා ගමන් කරනවා. ඊර්ෂ්‍යා නොවේ.
හතර වෙනි කාරණාවට එනවා චිත්තපාගුඤ්ඤතාවය මගින් ඉතිරි වී ඇති චිත්ත සංස්කාරයන් නිරෝධය කරා ගමන් කරනවා. සම්මා සංකප්පය පිරේ. අභිජ්ඣා නොවේ. කෙසේ ද? යම් අභිජ්ඣාවක්, මිච්ඡා දිට්ඨිය ඒ කියන්නේ පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වූවා ද ඒක නවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.