පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම ම සිහි කරලා මං වැඳ නමස්කාර කළා.
එතකොට මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේ කෙටියෙන් කියනවා නම්, ඕගොල්ලන්ට මතක ඇති, අපි දන්නවා පදුට්ඨමනසඞ්කප්පය නිසා අපිට ඇති වෙනවා මිච්ඡා දිට්ඨියක්. එතකොට ඒ එන්නෙ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය. එතකොට මේ මිච්ඡා දිට්ඨිය කියන එක, අපි ඉගෙන ගත්තා කාරණා දෙකකින් ඒකේ පැවැත්වීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ අභිජ්ඣාව කියන එක, මිච්ඡා දිට්ඨිය ම පවතිනවා කියලා හිතුවහම ඒකට අභිජ්ඣා වෙනවා. එතකොට ඒ අභිජ්ඣා මගින් ඒ මිච්ඡා දිට්ඨිය ම සනාථ කරනවා කියන එක තියෙනවා. අපි ඒක ඉගෙන ගත්තා කොහොම ද සනාථ කරන්නේ, කියලා. ඒ අර π අකුරේ ස්වභාවයෙන් එතන ඇවිල්ලා සනාථ කිරීමක් තියෙනවා. ඉතින් ඒක හුඟාක් ම significant. අර මැරිච්ච වෙලාවක අපි අභිජ්ඣාවෙන් කොහොම හරි වරල ගහලා හරි ඒක කරනවා කියන එක. ආයෙත් අපි ඉගෙන ගත්තා ඔය පරාමාසකායගන්ථයේ තිබෙන්නා වූ දේ සෝකයට ඇවිල්ලා ඒ සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාවට ඇවිල්ලා ඒ චේතනාව ඒ සනාථ කරනවා කියලා. එතකොට ඒක මගින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
එතකොට අපි ඊයේ භාවනාවෙදි පෙන්නුවා, මේක නතර වෙන ක්‍රමය අර line 5, 6, 7 කියන එක බලන එක. ඉතින් ඒකේ පළවෙනි ම line 6 කියන එක අපි දන්නවා අර මෝහයේ ඉඳන් පරිදේවයට එන එක, ඕක අපි කායුජ්ජුකතාවයෙන් නතර වෙන බවත්, ඊළඟට අපි ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන එක, ඒක කායපාගුඤ්ඤතාවයෙන් නතර වෙන එකත්, ආපහු line 7 එකේ අනිත් පැත්තට යන එක, කායමුදුතාවෙන් නතර වෙන විදිහත්, ඊට පස්සේ පරාමාසයේ ඉඳන් සෝකයට යන එක, චිත්තපාගුඤ්ඤතාවයෙන් නතර වෙන එකත් බැලුවා.
ඉතින් මේකේ order එකක් අපි ඉගෙන ගත්තා ඒ කායුජ්ජුකතාවයෙන් කොහොම ද වෙන්නේ, අපි පටන් ගත්තා අර 315° න් මේක කැරකුණාට පස්සේ, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව line එක, අපි X රේඛාව කියලා කිව්වේ. ඒක පරිදේවය කරා ගමන් කරනවා. ඒකෙන් තමයි line 6 එක හැදෙන්නේ කියලා. ඒක තමයි මේක පළවෙනියෙන් ම නැවතුණා කියලා කිව්වා. ඉතින් මෙතෙන්දි කිව්වා මේ පාණාතිපාත වාගේ සංස්කාරයන් අදත්තාදානයන් අයින් කරා කියලා. ඉතින් භාවිත කාය කියන කොටස එතන තියෙනවා.
ඊළඟට දෙවනියට කිව්වා මේ කායපාගුඤ්ඤතාවය මගින් ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන බලපෑම කියන එක, ඉවත් වෙනවා කියලා ඉතින් අර අපි line A කියන රේඛාව, ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට යන රේඛාව අපි 180° න් කරකවනවා. 180° න් කැරකෙව්වාට පස්සේ ඉතින් වට දෙකක් සිද්ධ වෙලා නේ තියෙන්නේ. එතෙන්දි අපිට පේනවා ඉතින් අර පරිදේවය කියන එක ඇවිල්ලා තියෙනවා ඒ රේඛාව කැරකෙව්වායින් පස්සේ. ඉතින් මේ වෙලාවෙදි අර වචී සංස්කාර කියන එක, එනම් විතක්ක විචාර කියන ඒවා නවතිනවා. ඒ වෙලාවේ කියන්නේ නෑ, අර ඉස්සෙල්ලා එක දැන් එකට වඩා හොඳයි ආදී වශයෙන් එහෙම කියන්නේ නැති වුණායි, කියලා ඉගෙන ගත්තා.
ඊළඟට ආපහු අපි ඉගෙන ගත්තා ඒ line A රේඛාව 270°ක් වෙනකොට සුඛ වේදනාව මිය ගියා කියලා, කායමුදුතාව මගින් ඒ චිත්ත සංස්කාර කොටසක නිරෝධය ඊර්ෂ්‍යාව වෙන්නේ නෑයි, කියලා. ආපහු පෙන්නුවා අන්තිමට චිත්තපාගුඤ්ඤතාවය මගින් ඉතිරි වෙලා තියෙන චිත්ත සංස්කාරයන්, නිරෝධය කරා ගමන් කරනවා කියලා ඉතින් සම්මා සංකප්පය පිරෙනවා, අභිජ්ඣා නොවේ කියලා නේ ද? යම්කිසි අභිජ්ඣාවක් අර පදුට්ඨමනසඞ්කප්පය නිසා ඒක ඇති වුණා ද, ඒක නවතිනවා කියලා.
ඉතින් අද මේ භාවනාවේදි අද මම කල්පනා කළේ, තේරුම් ගත්තේ අර ඕකේ flow on effect එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය කායුජ්ජුකතාවය මගින් මොකද්ද අපි නැති කරන්නේ? ඒකෙන් නැති කරන්නේ, අර නිත්‍යයි කියන කතාව. ඒ කියන්නේ අපි අරූප ධ්‍යානවල කලින් භවයන්වල එහෙම ඉඳලා තියෙන නිසා, ඒවායේ බොහෝ කාලයක් ජීවත් වීමෙන් ඇති වුණා වූ යම් වූ නිත්‍ය ස්වභාවයක් තියෙනවා ද, එහෙමත් නැත්තන් ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන්නා වූ ඒ නිත්‍ය ස්වභාවය කියන එක, අන්න කායුජ්ජුකතාවය විසින් ඒකෙන් අයින් කරා. දැන් අපේ තියෙන සංස්කාරවලින් ලොකු ම එක කියන එක අයින් කළා. ඒක අයින් කළායින් පස්සේ තමයි අර ඒ කායපාගුඤ්ඤතාවය, ඒ බලපෑම ඉවත් වුණහම කායපාගුඤ්ඤතාවය මගින් යම්කිසි විතක්කයක් පෙර වී ද, ඒක නවත්තනවා. ඒක තමයි අර කායපාගුඤ්ඤතාවය. කායපාගුඤ්ඤතාවය කියනකොට අපි කිව්වා අර අරූප ධ්‍යානයේ බලපෑම නවත්තන්නේ කියලා, අර උඩින් එන එක නේ ද? අර කායුජ්ජුකතාවයෙන් ඒක නැවැත්වීම නිසා තමයි, එයාට ඒක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ආස්වාද ඉන්ද්‍රිය නිසා, කායපාගුඤ්ඤතාවයේ දී තියෙන්නේ ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන්නා වූ ඒ කොටස කියන එක, කරන්න තමයි එයාට තියෙන්නේ.
ඊට පස්සේ දැන් එතකොට දැන් ඒකේ බලපෑම ඊළඟ එකට ඒක එනවා. එතකොට ඒ කියන්නේ මෙසේ යම් විතක්කයක් නවත්තන්නේ ද, එය මගින් වූ චිත්ත සමාධිය මගින් අර වේදනාවට කියන එකට ප්‍රතිචාර නොදක්වනවා කියන එකයි. එතකොට එකේ බලපෑම දෙකට ආවා, දැන් දෙකේ බලපෑම තුන් වෙනි කාරණාව කියන එකට එනවා. එකක් behind. ඒකයි තියෙන්නේ. එතකොට ප්‍රතිචාර දක්වන් නැත්තන් මේ නිසා මේ කායමුදුතාව කියන එක පවතිනවා, ඊර්ෂ්‍යාව කියන එක නොවෙනවා කියන එක තියෙනවා.
දැන් ඊට පස්සේ තියෙන්නේ තුනේ බලපෑම ඊළඟ එකට එනවා. ඒ කියන්නේ චිත්තපාගුඤ්ඤතාවයට එනවා, අර කායමුදුතාවේ තිබුණා වූ, බලපෑම. එතෙන්දි පෙර යම්කිසි දෙයක් පරාමාස වුණා ද, අන්න ඒකට නොසැලී ඉන්නවා කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ අර වේදනාවේ ඉඳන් අර සුඛය කියන එක පරාමාස වෙලා නේ ඕක ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේක unwinding කියන එක අනිත් පැත්තට සිද්ධ වෙන්නේ. අරූප ධ්‍යාන කෑල්ල අයින් කරා, ඒ කියන්නේ ආස්වාද ඉන්ද්‍රිය නිසා, ඊට පස්සේ ඇලුම් කටයුතු ආලම්බනය නිසා එන උද්ධච්ච ස්වභාවය, දැන් ඉතින් අර පවතිනවා කියන කතාව නෑ, දැන් පහසුයි ඊට පස්සේ කෑලි ටික ගලවගෙන යන්න පුළුවන් කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.