Date: 20/10/2015 Name: Avijja

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම කළේ ඊයේ භාවනාවේ එක්තරා කොටසක් තමයි, මං ගැඹුරට බැලුවේ. ඒකෙදි මතකයි අපි ඔය නිබ්බාන, 18 වෙනිදා, ඒ පෙරේදා කරපු භාවනාවේදි පෙන්නුවා, ඔය line A රේඛාව 270°ක් වෙනවා නම් සුඛ වේදනාව මිය ගියා, කායමුදුතාව මගින් චිත්ත සංස්කාර කොටසක් නිරෝධය කරා ගමන් කරනවා, ඊර්ෂ්‍යා කරන්නේ නෑ කියලා. එතකොට මේ වෙනකොට අපි දන්නවා අපි කායුජ්ජුකතාවය කියන එක භාවිතා කරලා එතෙන්දි අපි අර උද්ධච්චයේ තිබුණා වූ අර ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන අර නිත්‍ය ස්වභාවය කියන එක අයින් කරලා, ඒ වගේ ම අර කායපාගුඤ්ඤතාවය මගින් ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන බලපෑමත් කියන එක ඉවත් කරලා තියෙනවා. එහෙම නම් අර උඩින් වෙන්නා වූ ඒ අරූප ධ්‍යාන, ඇලුම් කටයුතු ආලම්බන ඒ දෙක ම ගිහිල්ලා තියෙනවා, දැන් සඤ්ඤාවේ ඉඳන් එන එක.

දැන් ඊළඟට ගත්තහම මෙතන මේ කායමුදුතාව කොටස අපි සාකච්ඡා කරන්නේ, මේ අවස්ථාව වෙනකොට. ඉතින් ඔතන අපි දන්නවා, ඔය අපි කලින් භාවනාවක පෙන්නුවා මේ හරියෙදි තියෙන්නේ අර වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා. කායමුදුතාව මගින් අන්න ඒ කොටස එතන කපනවා කියන එක. ඔන්න ඕකට තමයි මම හුඟාක් ම බැලුවේ. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් නාමරූප කොටසට වන්නා වූ කොටස, අයින් කරනවා කියන එක.

ඉතින් මේක අයින් වෙන්න නම් දැන් අපිට පේනවා, අර වේදනාව දක්වා එන්නා වූ ධර්මයෝ නිරෝධය කරා ගමන් කරන්න ඕනෙ. ඒ වේදනාව දක්වා එන්නා වූ ධර්මයන් ගත්තහම, මං බැලුවේ අර පරාමාසයේ ඉඳන් අර line 7 එක හරහා, පරිදේවයට ගිහිල්ලා එන එක. ඊළඟට අත්තා කියලා පරාමාසයේ ඉඳන් භය අගතියට ගිහිල්ලා එන්නා වූ එක. මොකද කායපාගුඤ්ඤතාවය මගින් අර lightning sign එකේ කතාව අපි නවත්තලා තියෙන්නේ. Lightning sign එකේ පල්ලෙහා කෑල්ල. ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන ඒ කතාව අපි අයින් කරලා, සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. එතකොට මෙන්න මේ කොටස මං පුදුමාකාර විදිහට හොඳට බැලුවා.

ඒකත් නිකන් අර රවුමට යනවා නේ. පරාමාසයෙන්, line 7, පරිදේව, එතනින් භය අගතිය. ඊට පස්සේ ආපහු, diamond එක වාගේ නේ ද? සෝකය, ඊළඟට අපි යනවා පරාමාසයට. මතක ද අර සෝකයේ ඉඳන් සෝකයට යනවා කියන එක. ඔන්න ඕක හොඳට ටිකක් වෙලා බලන්න භාවනාවෙදි. මනස ඉස්සෙනවා. මනස ඉස්සෙනවා කියලා කියන්නේ තමන් හරියට මෙතන නෑ. මනෝමය කාය ඉස්සිලා උඩ ඉන්නවා කියන එක තමන්ට හොඳට තේරෙනවා. ඒකෙදි තේරුම මොකද්ද, කොහොම එක්කෙනාට ද මේක සිද්ධ වෙන්නේ? අර වේදනාවයි, දැන් අපිට පේනවා මෙතන ඒ තියෙන්නේ කෑලි දෙකයි. එකක් වේදනාව, අනිත් එක තමයි අතන පරිදේවයේ ඉඳන් මේ පරාමාසය දක්වා එන්නා වූ සංස්කාරයන්. වේදනාවයි චිත්ත සංස්කාරයි. ඉතින් මේ හැම වේදනාවක් ම දුකෙහි ඇතුළත් ය කියලා අපි දන්නවා නම්, ලෝභ දෝස මෝහ භාවනාවේ හැටියට, එහෙම නම් අපි මොකට ද බය වෙන්නේ? ඇයි ඉතින් මොන ක්‍රමයට කරත් ඇති වෙන්නේ දුක්ඛය. එහෙම නම් බයක් වෙන්න දෙයක් නෑ. බයක් ඇති වෙන්න දෙයක් නෑ. ආන්න එතෙන්දි හොඳට අර භයභෙරව එකේ ඡම්භී භීරුකජාතිකා, ඔන්න ඔය කොටස. ඔය කොටස හොඳට බලන්න අහංනුයි, මමංනුයි එකට ඉන්නවා කියන කතාව.

ඉතින් දැන් අපි දන්නවා නේ මේක අහංනුයි මමංනුයි එකට ඉන්නවා කියන එක අර එක රේඛාවකින් අපි පෙන්නනවා නේ නේ ද? ඒ කියන්නේ ජාති වේදනා නාමරූප. ඉතින් අපි දන්නවා නේ ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට හැම වේදනාවක් ම දුකෙහි ඇතුළත් නම් ඉතින් එහෙනම් ඡම්භී කතාවකුත් ඕනෙ නෑ. මේක පවතින්නෙත් නෑ. අහංනුයි මමංනුයි එකට තියා ගන්නත් බෑ. ඉතින් අර විදිහට අර සැක ඇත්තා වූ මම, බිය ඇත්තා වූ මම, නිශ්චයක් නැති මම කියන කතාව තියෙනවා නේ. ඉතින් ඒක ඒ වචනයෙන් කියන්න ඕනෙ නෑ. නමුත් තමන්ට තේරෙනවා මං මොකට ද මෙතෙන්ට එන්නේ කියන එක. එතකොට මෙතන, ඒ හොඳට ම තේරෙනවා ඒ පොළොවෙන් ඉක්මවිලා ඉන්නේ කියලා. පොළොවෙන් ඉක්මවිලා ඒ පුද්ගලයා ඉන්නවා. මේ වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා මේවා එකක්වත් අපි අල්ලන්නේ නෑ. අපි බය වෙන්න ඕනෙ නෑ ඕන ම, දැන් අපි දන්නවා හැම එකක් ම දුකෙහි ඇතුළත්. එහෙම නම් යන්න ඕන්නැහැ කියන එක. ඉතින් ඕක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේකට රහතන් වහන්සේ දැම්මෙත් අවිද්‍යා කියලා. දැන් තේරෙනවා ද ඇයි කියලා. මොකද මට භාවනාවට කලින් ම තේරුණා ඇයි කියලා.

ඔය ඊයේ කිව්ව කාරණාවලින් අපි බැලුවහම අපිට එනවා නේ ද, අවිද්‍යා ආශ්‍රව පිටිපස්සේ භය අගති, සෝක, කාම ආශ්‍රව. ඔය කෑල්ල නොවෙනවා කියන එක නේ, ඔය පෙන්නලා දීලා තියෙන්නේ. අර නිත්‍ය ස්වභාවය ඉවත් කළ පසු, පළවෙනි කාරණෙන් පෙන්නුවා නේ අරූප ධ්‍යානයේ බලපෑම ඉවත් වන්නේ කායපාගුඤ්ඤතාවය මගින් යම් විතක්කයක් පෙර වී ද එය නවතයි. මෙතන ආනෙඤ්ජ සප්පායයි මෙතන තියෙන්නේ කියන එක, වාක්‍යය තුනක් නේ ඊයේ අවසානෙට ගත්තහම තියෙන්නේ. ඒ තුනේ තියෙන්නේ ආනෙඤ්ජ සප්පායේ අර කාරණා තුන. එතකොට ඒ අර්ථයත් එක්ක, තමන්ට පේනවා ඉතින් අවිද්‍යා ආශ්‍රවය පිටිපස්සේ, දැන් මං නිත්‍ය කතාව අයින් කරා නම්, ඉතින් වේදනාව නිසා ඇති වෙන්නේ දුකයි කියන එක තමන් දන්නවා නම්, එහෙනම් ඉතින් මොකට ද ආපහු භය අගතියේ ඉඳන් සෝක, කාම ආශ්‍රව යන්නේ? ඒක දිවිල්ලක් ඒකෙ නැහැයි කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.