Date: 21/10/2015 Name: අත්තා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම 18 වෙනිදා ඉඳන් භාවනාව, එතන ඉඳන් ම තමයි මම භාවනාව දිගට ම කරගෙන ආවේ. ඒ පිළිවෙළට මං ඇවිල්ලා. ඕගොල්ලන්ට මතකයි අපි ඊයේ භාවනාවේදි ඒ විමසුවා අර කාරණා තුනක්, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය කියන එක පිටිපස්සේ තියෙන්නේ, ඒකේ අවසානයට තියෙනවා භය අගති, සෝක, කාම ආශ්‍රව කියන එක. ඉතින් ඔතන ඔය නිත්‍ය ස්වභාවය ඉවත් කළහම, කාම විතක්කයන් නවතිනවා කියන එක අපිට එතනින් පේනවා. ඒ කියන්නේ කාම ආශ්‍රව කියන එකට ආවා නම් අපි ඒ විතක්කයන් කියන ඒවා අපිට, කාම විතක්කයන්. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කිව්වහම එතන අර වේදනාවට ප්‍රතිචාර නොදක්වනවා කියන එක තියෙනවා. ඊළඟට පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කිව්වහම පෙර ගත්තා වූ දේකට නොසැලෙනවා, නැවතත් පුනර්භවයකට නොඑනවා කියන අර්ථ තුන, ඒ භාවනාවේ කෙළවරට එනවා. ඉතින් මේක ආවේ නිකන් නෙවෙයි අපි, කායුජ්ජුකතා, කායපාගුඤ්ඤතා, කාය මුදුතා, චිත්තපාගුඤ්ඤතා කියන පිළිවෙළට බලලායි අපි මෙතෙන්ට ආවේ.

ඉතින් අද භාවනාවේ මං ඉතින් ඔය කොටස් ටික ඔක්කෝම බලාගෙන ඇවිල්ලා, ඒ අද උදේ භාවනාව බලනකොට ම මට ආවේ, මේ කාරණා තුනේ සම්බන්ධතාවය. ඒ කියන්නේ දැන් අවිද්‍යා ආශ්‍රව, භය අගති, සෝක, කාම ආශ්‍රව. එතනින් එනවා අවිද්‍යා ආශ්‍රවයෙන් නිත්‍යභාවය කියන එක අපි කායුජ්ජුකතාවය කියන එකෙන් අපි අයින් කළහම කාම විතක්කය කියන එක නවතිනවා. ඇයි මේකේ තියෙන්නේ භය අගති, සෝක කාම ආශ්‍රව. කාම ආශ්‍රව කියලා කිව්වහම ඒ සුඛය කියන එකේ පසු සඤ්ඤාව. එතකොට සුඛ යැයි නොකියන්නේ නම් එවැනි සිතුවිලි නැත. එතකොට එහෙම නම් අර ජාති වේදනා පාර, 50% පාර ඒක නතර වෙනවා. දැන් ඕක සම්බන්ධ වෙනවා ඊළඟ කෑල්ලට. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. එතකොට දිට්ඨි ආශ්‍රවය කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සඤ්ඤාව. එතකොට වේදනාව නිත්‍ය නොවන්නේ නම් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නෑ. අර නිත්‍යයි කියලා අරගෙන නේ අපේ සීයා වුණත් ඒ ප්‍රතිචාරය දක්වන්නේ. එතකොට පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. වේදනාවට ප්‍රතිචාර නොදක්වනවා නම් නිත්‍යයි ගත්තා වූ වේදනාව හෝ, ඒක සඳහා හදන සංස්කාර හෝ පරාමාසගත වීම කියන එක සිද්ධ වෙන්නේ නෑ. වේදනාව සඳහා නේ අපි චිත්ත සංස්කාර හදන්නේ. මේ නිසා පෙර ගත්තා වූ දේට නොසැලීම සිදු වෙනවා.

කොහොම ද ඒක සිදු වෙන්නේ? අර අත්තා diagram එකේ ධර්මය කියන එක නොගැලීම නිසායි. එතකොට බලන්න ඒක සම්බන්ධ වෙන හැටි. දැන් දිට්ඨි ආශ්‍රව කියන එක දැන් අපි ඇවිල්ලා තිබුණේ වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. දැන් ඒ කෙළවරෙන් පටන් ගන්නවා. දිට්ඨි ආශ්‍රව මතක ද අර අත්තා diagram එකේ කියනවා අපි 3 වෙනි එක, ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රව ඉඳන් දිට්ඨි සල්ලයට යනවා කියන එක. ඊට පස්සේ එතනින් අපි යනවා සඤ්ඤාවට. ඒ සඤ්ඤාව චේතනා වෙනවා, චේතනාවෙන් අත්තා 5, එතනින් 6 අවිද්‍යා ආශ්‍රව. ඕක නේ තියෙන්නේ. එතකොට දැන් බලන්න දැන් මේ පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කියන එකේ ඔන්න අවිද්‍යා ආශ්‍රව කෙළවරට දැන් අපි ආවා.

ඊළඟට ආපහු, ඒක තමයි පළවෙනි කාරණේ. දෙවනි කාරණේ ආපහු අත්තා diagram එකේ ම තමයි ඒක තියෙන්නේ. හැබැයි ඒක කොහොම ද සිද්ධ වෙන්නේ? පරාමාසය තුළ යමක් තියෙනවා නම් අපි දන්නවා අර සෝකයට ගිහිල්ලා අපි react කරනවා කිව්වේ නේ ද? ඒක නේ චිත්තපාගුඤ්ඤතාවයෙන් නවත්තනවා කිව්වේ. එතකොට පරාමාසය තුළ ඇත්නම් සෝකය හරහා දිට්ඨි අනුසය, වේදනාව, එතනින් චේතනා වීම කියන එක වළකනවා. ඒ කියන්නේ චේතනාව සනාථ කරන්නේ නැහැයි කියලා අපි ඉගෙන ගත්තා නේ. මතක ද අර මිච්ඡා දිට්ඨිය, අභිජ්ඣාව කියන එක ඇති වෙලා අභිජ්ඣා මගින් අවිද්‍යා ආශ්‍රව සනාථ කළා π අකුර භාවිතා කරලා. එතෙන්දිම අපි ඉගෙන ගත්තා ඒ පරාමාසයෙන් ආවා නම් සෝක, වේදනා, චේතනා කියලා චේතනාව ම සනාථ කරනවා. ඉතින් දැන් බලන්න චේතනාව ම සනාථ කරනවා කියන්නේ මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය, කෑල්ලට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එතන්ට ආවා නම් දැන් අපිට පේනවා ඉතින් චේතනාවෙන් අර අත්තා කියලා ඇවිල්ලා ආපහු ඒ line 6 එක අවිද්‍යා ආශ්‍රවයට එනවා. එතකොට, ඒ කියන්නේ ඔතෙන්ට අපි ලියාගන්නවා නේ ද සංස්කාර කියලා මතක ද? සංස්කාර කියලා ලියාගන්නේ. පරාමාස, සංස්කාර, ඉදංසච්ච. දැන් මතක් වෙනවා නේ. අපි ගන්නවා දැන් අපි අර mode එක කිව්වා ඕකට නේ ද? වැඩියෙන් ම තිබෙන්නා වූ එක. ඒ කියන්නේ අපි පළවෙනියෙන් රූපයක් දැක්කහම, අපිට ඔන්න පළවෙනි රවුමේ තිබෙන්නා වූ අගයක් තියෙනවා. ඒක significant.

ඊළඟට රූපය ලාභයි කියලා ගත්තහම 5 වෙනි එක significant. ඊළඟට 6, වේදනාවට අගයක් දීලා එතන significant. අන්න ඒක තමයි mode එක වාගේ වැඩියෙන් ම තිබෙන්නා වූ ඒ frequency එක. ඉතින් දැන් ඔන්න ඕක හරහා නේ මේ යන්නේ, නේ ද? ඉතින් බලන්න, ඉතින් අපිට තේරෙනවා එහෙම නම් අපි ඉගෙන ගත්තා අර විඤ්ඤාණ, සංස්කාර, භය අගති. මතක ද? ඒකෙන් ගිහිල්ලා ඒක තමයි, භය අගතියට ඇවිල්ලා ඒක තමයි පළවෙනියෙන් ම සිද්ධ වෙනවා කියන්නේ. එහෙනම් පළවෙනියෙන් ම සිද්ධ වෙන එක දැන් එහෙනම් මේකේ නවත්තනවා. ඒ විදිහට අර confirm කරන්නේ නෑ, චේතනාව ම නැවතත් කරන්නේ නැහැ කියන එකයි. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් ඕක බොහෝ ම හොඳයි. ඔය ඉතින් මේ ස්ථානය ම ගැන ම ගොඩාක් දේවල් ඒ වගේ ඒ අතීත භවයන් ඒ වගේ හිටන් හුඟාක් ම ඔහොම සිහි කරන්න පුළුවන්කම කියන එක නිකන් ම ඒවා පේනවා, ස්වභාවය කියන එක තිබුණා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_sates_of_mind_p4/s_Skilled_sates_of_mind_p4-04.jpg