ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඉතින් ඊයේ භාවනාවට ඕගොල්ලෝ දන්නවා අපි ආවේ කොහොම ද, අර කායුජ්ජුකතාවයෙන් line 6 එකෙන් එන එක නවත්තලා, කායපාගුඤ්ඤතාවයෙන් line 5 එකෙන් එන්නා වූ දේ නවත්තලා, කායමුදුතාව කියන එකෙන් line 7 එකේ අනිත් පැත්තට එන එක නවත්තලා, චිත්තපාගුඤ්ඤතාවයෙන් අර පරාමාසයේ ඉඳන් සෝකය හරහා යන්නා වූ එක නවත්තලයි ආවේ කියලා. ඉතින් ඒකේ අවසානෙට අපි බැලුවා, කාරණා තුනක් විමසුවා. අවිද්‍යා ආශ්‍රව, භය අගති, සෝක, කාම ආශ්‍රව. එතකොට අපි ඒකේ ඉගෙන ගත්තා ඊයේ අර නිත්‍ය ස්වභාවය ඉවත් කළහම කාම විතක්කයන් කියන ඒවා නවතිනවා. කාම සඤ්ඤාව කියලා කියන්නේ අර සුඛයේ පසු සඤ්ඤාව. සුඛ යැයි කියලා නොකියන්නේ නම් ඒ වාගේ සිතුවිලි නැහැයි කියලා.
ඉතින් එතෙන්දි 50% පාර නවතිනවා කියන එක, ජාති වේදනා පාර. එතකොට ඔය සුඛය ඇති වන්නේ කොහොම ද? සුභයට නිත්‍යයි කියලා එකතු කරලා. දැන් අන්න ඒ කෑල්ල කඩලා කල්පනා කරා. එහෙම නම් අපි මෙතෙන්දි විමසලා තියෙන්නේ මොකද්ද? සුභ යැයි කියන අර්ථයයි, නිත්‍යයි කියන අර්ථයයි දෙක. ඔන්න ඕක ප්‍රඥාවෙන් යුතුව බැලුවොත් අපිට දැන් පේනවා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් රූප ස්පර්ශ කිරීම කියන එක දැන් පැහැදිලියි. එයා අර පල්ලෙහායින් ඇවිල්ලා ඒ කරන්නා වූ දේ. අර සුභය කියන එක අර හිතේ මුලින් තිබුණා වූ ඒ අදහස.
ඊළඟට අපි දෙවනි කාරණේ බැලුවොතින් වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. අපි ඒකෙදි ඉගෙන ගත්තා දිට්ඨි ආශ්‍රව කියන්නේ අර නිත්‍යයි කියලා ගත්තහම පසු සඤ්ඤාව, ඉතින් වේදනාව නිත්‍ය නොවන්නේ නම් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නෑයි කියලා. එහෙම නම් අපි අර දැන් පළවෙනියට කිව්ව කාරණාව, අර අවිද්‍යා ආශ්‍රවයත් එක්ක කාම ආශ්‍රව දක්වා ඒ කිව්ව කාරණාව මගින් අර සුඛ යැයි කියලා අර්ථයක් නොවෙනවා නම් අපේ සීයා ඒ නැවතත් කබලිංකාර ආහාරය නිසා සුඛ වේදනාව නිත්‍යයි කියලා සිතලා ප්‍රතිචාර දක්වන්නේ නෑ. එයා මුලින් ඒක කෑම කාලා ඒ නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි එයාට ඔය ප්‍රශ්නය ඇති වුණේ.
එතකොට මෙතෙන්දි හරි ලස්සනට පේනවා, දැන් බලන්න මේක නැති වෙන්නේ, අපේ එන්න ඕනෙ ඔය, අපි දන්නවා කාමරාග අනුසය නිසා අවිද්‍යා අනුසය ඇති වන බලපෑම තමයි අපි නවත්තන්නේ කියලා අපි ඉගෙන ගත්තා නේ ද? කායමුදුතාව කියන එක පැහැදිලි කරනකොට. එතකොට එතෙන්දි අපි මේ කතා කරන්නේ මොකද්ද එහෙම නම්, මේ අවස්ථාවේ දී? දැන් අපි ඇවිල්ලා තියෙනවා අතන ජාතියෙන් මෙතන වේදනාව කියන තැනට. එහෙම නම් මෙතන, දැන් මේ කාමරාග අනුසය නිසා අපි මෙතනින් ඇති වෙනවා අවිද්‍යා අනුසය, මේ වේදනාව කියන එක. එහෙම නම් අපි මෙතෙන්දි කතා කරන්නේ මේ අවිද්‍යා අනුසය කියන කතාව ඉවත් කිරීම. එතකොට ඒ කෑලි දෙක දැන් හොඳට ආවහම, මේ මේ තැන්වල හොඳට නතර වෙලා ඉන්න පුළුවන්. බොහෝ කාලයක් ඉන්න පුළුවන්. එතකොට අවිද්‍යා අනුසයේ කතාව තමයි මෙතනින් අයින් වෙන්නේ කියන එක ආවා. ඒ කායමුදුතාව කියන කොටසෙන් අපි කරන දේ.
දැන් ඊළඟට ඊළඟ කොටස බලනවා අපි. ඒ කියන්නේ තුන් වෙනි කාරණේ පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කියන එක. ඉතින් අපි ඊයේ භාවනාවේදි ඉගෙන ගත්තා අර දෙවනියට කිව්ව කොටස. ඒ කියන්නේ පරාමාසයෙන් සෝකය, සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව ඇති වෙලා අර අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන එක.
අන්න ඒ කෑල්ල හොඳට සිහි කරන්න ඕනෙ මේ අවස්ථාවේ දී. ඒ කියන්නේ සුඛය නොවෙනවා නම් පරාමාසගත වීමක් වේදනා නිසා හෝ සංස්කාර නිසා සිදු නොවේ. ඒක අපි ඊයේ බැලුවා. එය නැවතත් පරාමාසය තුලින් ගැලීම කියන එක සිදු නොවෙනවා. එතකොට ඒ කියන්නේ අර පරාමාස, සෝක, වේදනා, චේතනා, අත්තා කියන එක නොවෙනවා. අන්න එතෙන්දි තමන්ගේ අත්තා හැදෙන්නේ නැහැයි කියන එක තමන්ට පැහැදිලි වෙනවා.
එතකොට මේ අවස්ථාවේ දී අපිට පේනවා මේ අපි මේ නැති කරන්නේ මොකද්ද? දිට්ඨි අනුසය කතාව. දිට්ඨි අනුසය, ඉස්සෙල්ලා අවිද්‍යා අනුසය අර දෙවනි කාරණේදි අපි කිව්වේ. කාමරාග අනුසය නිසා ඇති වන අවිද්‍යා අනුසය අර වේදනාවත් එක්ක. දැන් මේ කතා කරන්නේ අර පරාමාසයෙන් අපි ඇවිල්ලා සෝකය, අර දිට්ඨි අනුසය පාරේ තිබෙන්නා වූ කෑල්ල තමයි මෙතෙන්දි ඒ කරන්නේ. දැන් බලන්න අවිද්‍යා අනුසයයි දිට්ඨි අනුසයයි දෙකට ම ගිහිල්ලා තියෙනවා, වැදිලා තියෙන්නේ. එතකොට අර අත්තා නොවෙනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා.
ඉතින් දැන් මෙතෙන්දි අපි ඊයේ අර පථ දෙකක් ඉගෙන ගත්තා නේ ඔය අවස්ථාවේ දී. ඒ කියන්නේ ඒ මුලින් ම බලපු පථය. මේ දිට්ඨි ආශ්‍රව ඉඳන් දිට්ඨි සල්ලය number 3, ඊට පස්සේ සඤ්ඤාව, ඒකෙන් චේතනා වෙලා, අත්තා වෙලා එන්නා වූ එක. එතකොට ඔන්න ඔය කතාවෙදි මොකද්ද සිද්ධ වෙන්නේ? මේ අවස්ථාවේ දී මෙයා මොකද්ද කරන්නේ? එතකොට රහතන් වහන්සේ පෙන්නුවා “ඉවත් කළා වූ පෙර ගත්තා වූ යම් නිත්‍යභාවයක් වේ ද, අලුත් රූප නිසා නැවත සකස් කිරීමක් සිදු කරන්නේ නෑ” කියලා. අපිට මුලින් දැන් තියෙන්නා වූ රූපයත් එක්ක අපි අයින් කරලා නේ තියෙන්නේ. දැන් අලුත් රූපයත් එක්ක අපි මේකේ කිරීමක් වෙන්නේ නෑ අන්න ඒ පථයෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට අන්න එහෙම වෙනවා නම් තමයි අර අත්තා කියන එක සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ. එතකොට ඒකේ අර සියලු අනුසය ධර්මයෝ කියනකොට ඒවා ඔක්කෝම එතනින් නැති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.