ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට අර චේතනාව ළඟ ඔය අදහස ම, පවතිනවා පැවතිය හැකි ය කියන එක. ඊළඟට එතනින් ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට අර නාමරූප තියෙන තැන. ඊට පස්සේ ආපහු විනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට පරාමාසකායගන්ථය. ඊළඟට ධම්මරතන බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට ඉදංසච්චය ළඟ මෙනෙහි කරා. ඊළඟට විනයධර බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට මම අර මෝහය තියෙන තැන, ඒ විදිහට සිහි කළා. ඊළඟට රහතන් වහන්සේ පෙන්නුවා ඊළඟට සුඛිතචිත්ත බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට වේදනාව ළඟ සිහි කරන්න කියලා. එතකොට මේ විදිහට ඒ පවතිනවා පැවතිය හැකි ය කියන ඒ අර්ථය අනුව සිහි කරගෙන වැඳ නමස්කාර කළා. ඊට පස්සේ දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
දැන් ඔතන පේනවා ඔය විදිහට සිහි කිරීමේ දී horse shoe එක වාගේ එකක් හැදිලා තියෙනවා. ඇයි අපි කතා කරනවා නේ දැන් වේදනාව, අවසානයට ආවේ වේදනාවට. එතනින් අපිට චේතනාව. ඊළඟට ඉදංසච්ච පාර. ඉදංසච්ච පාරෙන් අර මෝහය කියන තැනට ආවා. දැන් අපි ඕක හිතා ගත්තොතින්, පරිදේවය කියන තැන හිතුවොතින් අන්න නිකන් අශ්වයාගේ ලාඩම වාගේ එකක් තමයි ඔතන හැදිලා තියෙන්නේ. එතකොට දැන් අද මගේ භාවනාවේ මගේ focus එක තිබුණේ මම පටිඝානුසය බලනවා කියන එක.
එතකොට දැන් භාවනාවට පෙර ම අපි බැලුවා අර ඊයේ භාවනාවෙදි ඒ කාරණා තුනක් ඊයේ සාකච්ඡා කළා. ඒ පළවෙනි කාරණාවෙදි අපි පෙන්නුවා මේ සුභයි, නිත්‍යයි කියන එක තමයි පළවෙනි කාරණාව තුළ තියෙන්නේ. දෙවනි කාරණාව තියෙන්නේ අර සුඛයි නිත්‍යයි කියන කාරණාව. දැන් ඔන්න ඔය අර්ථයෙන් කල්පනා කරලා බලන්න. දැන් මට පේනවා මේ සුභයි නිත්‍යයි, මේ සුඛයි නිත්‍යයි. පටිඝානුසය කිව්වහම මට හොඳට අදහස තිබුණා මේ නාමරූපය කියන තැන නාමකායේ පටිඝසම්‌ඵස්‌සයේ අර නාමරූපය කියන තැන තමයි මෙතන අපි මේ කතා කරන්නේ කියලා.
දැන් එහෙම නම් අපිට පෙර ධර්මයන් එක්ක පේනවා මේක align වෙන්න නම් අපිට අර ජාති, වේදනා, නාමරූප. මෙතන align වීමක් කියන එක සිද්ධ වෙන්න ඕනෙ. ආන්න එතෙන්දි හොඳට වැටහෙනවා මේ අපි align වෙනවයි කියලා කතා කරන්නේ මොකද්ද, සුභයි නිත්‍යයි, සුඛයි නිත්‍යයි. දැන් එතකොට එනවා මේක කවදාවත් වෙන්නේ නෑ. කොහොම ද ඒක වෙන්නේ? සුභයට නිත්‍ය එක්කහු කරලා සුඛය හැදෙන්නේ, දැන් ඊට පස්සේ ඒක තවත් නිත්‍ය කතාවකට එන්න විදිහක් නැහැ නේ. ඕන වෙලාවක අර දිරනවා කියන අදහස ඒක තියෙනවා නේ.
එතකොට තමුන් කොච්චර බලාපොරොත්තු වුණත් ඒක හරියන්නේ නෑ. ඔන්න මට හොඳට වැටුණා. ඒක “Excellent” කියලා කිව්වා ඒක align වෙන්නැති වුණහම. දැන් එතකොට දැන් එනවා පාර, එහෙම නම් දැන් මේ අපේ සුභයි නිත්‍යයි, සුඛයි නිත්‍යයි. මේ රේඛාවේ කොතෙන්ට ද වැටෙන්නේ. ඉතින් සුඛයි නිත්‍යයි කියන එක අර horse shoe එකේ ලස්සනට පේනවා වේදනාව තියෙන තැනයි, පරිදේවය තියෙන තැනයි. එතන ඉන්නේ සංස්කාරයන් නේ මේක නිත්‍යභාවය.
එතකොට එහෙම නම් දැන් ඊළඟට තියෙන්නේ සුභය කියන කතාව. ඒක ගන්න ඕනෙ අපි, අපි ඕක ඇවිල්ලා තියෙනවා අර නාමරූප කියන තැනට ම කලින් ම මතක ද? අර දැන් කතාවක් අපි ඇති වෙනවා නේ විඤ්ඤාණයේ ඉඳන්. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් අර mode එක, සංස්කාරවල mode එක භාවිතා කරලා එහෙම එනවා කියලා කිව්වේ නේ ද? එතනින්, අපිට ඒ සංස්කාරයන්ගෙන් අපි යනවා උඩ ඒ නාමරූපය කියන තැනට.
එතකොට එතන දැන් මට පේනවා මෙන්න මේ දෙකයි align වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ වේදනාව තියෙන තැන point එකයි, නාමරූප තියෙන තැන point එකයි align වෙන්නේ නෑ. මම කලින් ගත්තා වූ එක දැන් මට match කරන්න බෑ නේ. ඒ කියන්නේ සඤ්ඤාව පාරෙන් එනවා කියන එක දැන් හිතන්න මෙහෙම. මෙතන කතා කරන්නේ, සඤ්ඤාව පැත්තෙන් එන්නේ අර ගල ළඟ කුඩු වෙලා ආපහු පවතිනවා කියන අදහස නේ. ඊට පස්සේ වේදනාවෙන් මේක match කරන්න යනවා. ඒ කියන්නේ මෙතනින් එන්නා වූ මේ පැවතිය හැකි ය කියන කතාව ඒ අර උඩ පවතිනවා. අර නාමරූප point එකේ මේක තියෙන්නේ. අර වටේට බැලුවහම තමයි මේක පේන්නේ. නාමරූප කියන point එකට උඩින් අර සඤ්ඤාවෙන් එන කතාවත් එක්ක, ඒක හිතන්නකෝ අර සුභය කියන කතාවයි කියලා. මේ පැත්තෙන් එන එක සුඛය වාගේ. ඉතින් මේ දෙක කවදාවත් match කරන්න බෑ. ඉතින් ඒක නිසා පටිඝය. ඔන්න ඕක තමයි පටිඝානුසය කියලා කියන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.