ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ඊයේ වගේ ම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ මතක ඇති ඕගොල්ලන්ට අර සුභ සහ නිත්‍ය, ඒ වගේ ම සුඛ සහ නිත්‍ය කියන කාරණා දෙක. ඉතින් ඕක ඊයේ භාවනාවෙදි අපි තේරුම් ගත්තා ඔය ඒ සුඛ සහ නිත්‍ය කියන එක අර වේදනා පරිදේව කියන තැනට වැටෙනවා. ඊළඟට සුභ කියන එක අර නාමරූප කියන තැනට. ඉතින් නිත්‍ය කතාව ඇවිල්ලා තියෙන්නේ මේ පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වෙච්ච නිත්‍යභාවය කියන එක. එතකොට ඒක වටහා ගන්නවා කියන එක, අපි බලන්න ඕනෙ ඒ 24/09/2015 අත්තානු දිට්ඨි 2 භාවනාවෙදි වටහා ගත්ත කාරණාත් එක්ක සිහි කරන්න ඕනෙ. ඒකෙදි අපි ඉගෙන ගත්තා ඒ සංස්කාර, පරිදේව, මෝහ අගති, විඤ්ඤාණ කියලා ත්‍රිපීසියමක්. ඊට පස්සේ ඒක සම්බන්ධ වුණා අර අත්තානුදිට්ඨිය හැදෙන triangle එක, වේදනා චේතනා භය අගති කියන ඒ triangle එක. ඒකේ අපි තේරුම් ගත්තා ඔය පරිදේවය කියන එක සෝකය, ඊට පස්සේ අත්තානු දිට්ඨි වේදනාව, කියලා එතන පරිදේවය වේදනාවත් එක්ක සම්බන්ධ වෙන හැටියි, ඒ වගේ ම අර සංස්කාර කියන එක එතන ධම්මමච්ඡරියත් එක්ක සම්බන්ධ වෙලා, ඒ දැන් සඤ්ඤාවෙන් එන සුභ කතාවත් වේදනාවෙන් එන සුඛ කතාවත්, match කරගන්න නොහැකි නිසා පටිඝානුසය ඇති වෙනවා කියලා අපි තේරුම් ගත්තා.
එතකොට දැන් අද බලන්න තියෙන්නෙ අපිට පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කියන කොටස. අර කාරණාව දැන් අපි බලලා තියෙන්නේ. දැන් අපිට තේරුණා ඊයේ භාවනාවේදි මේ සුභයයි, සුභයට නිත්‍ය එක්කහු කරලා ගත්ත සුඛය, ඒකයි ඊට පස්සේ සුඛයයි නිත්‍යයි, මේ දෙක match කරන්න බැහැයි කියන එක. එතකොට ඔය අදහස ඇතුව දැන් අපි බලනවා පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. අන්න එතෙන්දි රහතන් වහන්සේ පෙන්නුවා අපි අර B පථය කියන එක විමසන්න ඕනෙ. B පථය කියලා කිව්වේ පරාමාසයේ ඉඳන් සෝකය, සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් අත්තා, අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එනවා කියන එක. එතකොට ඒ යමක් සුඛ යැයි පරාමාසගත වුණා ද ඒක ඒ B පථය ඔස්සේ අවිද්‍යා ආශ්‍රව වීම කියන එක පළමුව සිදු වෙනවා. ඒක තමයි ඉක්මන් වෙන්නේ. ඒක ජාතිය කරා ගමන් කරනවා. අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා එන එක. මේක තමයි අර පෙර අත්තා ලෙස ගත්ත ධර්මය ගැලීම ලෙස සලකන්න ඕනෙ. පෙර අත්තා ධර්මය. එතකොට අර සඤ්ඤාවත් එක්ක, සඤ්ඤාවයි වේදනාවයි අතර අපි ලකුණු කරනවා නේ පෙර අත්තා.
එතකොට දැන් දිට්ඨි ආශ්‍රවය කියලා කියන්නේ අර නිත්‍යයි කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සඤ්ඤාව. දැන් අපිට මේකේ මතක තියෙන්න ඕනි අපි අර මුල ඉඳන් ම ආපු කතාව. ඒ කියන්නේ අපි ආවේ කොහොම ද, අවිද්‍යා ආශ්‍රව පිටිපස්සේ තියෙනවා භය අගති, සෝක, කාම ආශ්‍රව. ඉතින් ඔය කතාව නේ මේ දිගට යන්නේ. එතකොට වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. ඔහොම ගිහිල්ලා දැන් දිට්ඨි ආශ්‍රවයට ආවහම එහෙනම් නිත්‍යයි කියලා ගත්තහම පසු සඤ්ඤාව. එහෙම නම් පසු අත්තා ධර්මය. දැන් පසු සඤ්ඤාව කිව්වහම අපිට පේනවා දිට්ඨි ආශ්‍රවයට ආවේ නිත්‍ය කියන තැන අවිද්‍යා යෝගය තියෙන තැනින් ඒකෙන් ඇති වෙච්ච එක. එතන අපි ලකුණු කරන්නේ පසු අත්තා ධර්මය. එතකොට ඒ පසු අත්තා ධර්මය දැන් A පථය ඔස්සේ ගමන් කරනවා. A පථය කියලා කියන්නේ ඕගොල්ලන්ට මතකයි ඔය අත්තා diagram එකේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලය, ඒකෙන් සඤ්ඤාව, ඒකෙන් අපි 4 කියලා දැම්මා අර චේතනාව 5 එතනින් ආපහු අවිද්‍යා ආශ්‍රවයට ආවා. එතකොට ඒක දිගේ ගමන් කරනවා. එහෙම නම් ඒ එන්නේ පසු අත්තා ධර්මය. දැන් මේ දෙක ජාතිය කරා කාම ආශ්‍රව හරහා පැමිණෙනවා. දැන් මොකද වෙන්නේ? ධර්ම කාරණා දෙකේ වෙනස ජාතිය ඇති තැනදි අපි සසඳලා බලනවා. අර පෙර අත්තා ධර්මයයි, පසු අත්තා ධර්මයයි. මේ දෙක ගැළපෙන්නේ නෑ.
දැන් එහෙනම් ජාතිය ළඟ අපි ලියාගන්නවා පෙර අත්තා. ඒක තමයි ඉක්මනින් ආපු එක. එතකොට වරහනක් ඇතුළේ අපිට දාගන්න පුළුවන් පසු අත්තා. එතකොට වේදනාව තියෙන තැන පසු අත්තා. නාමරූපය තියෙන තැන දැන් අත්තා. එතකොට දැන් මේ පෙර අත්තායි පසු අත්තායි ජාතිය තියෙන තැන ගැළපෙන්නේ නැහැයි කියන එක තියෙනවා. ඉතින් මේ දෙක ගැළපෙන්නේ නැත්තන් මොකද වෙන්නේ අපි දුකට පත් වෙනවා. එහෙම නම් අපි අභිජ්ඣා වෙලා තියෙන්නේ ඔන්න ඕකට නේ ද? ඔය ජාතිය, ඒ කියන්නේ ඔය වෙනසට තමයි අපි අභිජ්ඣා වෙලා තියෙන්නේ. ඉතින් ඔතන ටිකක් ඕගොල්ලෝ බැලුවොත් පේනවා අපි මේකට අභිජ්ඣා වුණා කිව්වා නම්, ඉතින් එහෙම නම් ඔය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට යන්නේ ඕක නේ. ඇයි තියෙනවා නේ මෙතන ජාතිය කියන එක දුකයි කියලා තේරුම් ගත්ත මනුස්සයා අනේ මෙහෙම නොවෙනවා නම් කියලා. මව් කුසට ගිය වෙලාවක මනුස්සයෙක් කල්පනා කරනවා මගේ කලින් එක මෙහෙමයි දැන් එක මෙහෙමයි. පෙර අත්තායි, පසු අත්තායි. දැන් හැදිච්ච එක මේකයි. එතකොට ඒක උත්පත්තිය තියෙන අවස්ථාවෙදියි, ඉපදිලා ඉන්න අවස්ථාවෙදියි හැම වෙලාවෙම මේක තියෙනවා.
ඉතින් ඕක අපි පැහැදිලි කරා නේ අර සබ්බාසව එකේ එහෙම, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ අත්තා කියන එක ඇවිල්ලා තියෙනවායි කියලා අර ව්‍යාධිය හරහා එතෙන්ට අත්තා කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම නම් දැන් ඉතින් තව චුට්ටක් ඕක බලාගෙන හිටියහම අපිට පේනවා “සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා.” එතකොට මෙතන ඔක්කෝම දේවල්වලට අපි ඉතින් අභිජ්ඣා වෙලා, අභිජ්ඣා වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් මේ අභිජ්ඣාව නේ යන්නේ. දැන් ජාතියටත් අභිජ්ඣාව, ජරාවටත් අභිජ්ඣාව, ව්‍යාධියටත් අභිජ්ඣාව ඔක්කෝම එක ම process එක යනවා. මේක ගිහිල්ලා අන්තිමට ඒ මුළු දුක්ඛයට ම කියන එකට තමයි අපි කැමති වුණා කියන එක. ඉතින් අර ඒ තණ්හාවෙන් වෙච්ච දේ, පේනවා මේ අභිජ්ඣාවෙන් මේක සිද්ධ වුණා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.