Date: 25/10/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත්, ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මං මේ භාවනාවට බැලුවේ, දැන් අපිට සාමාන්‍යයෙන් භවයක් ඇති වුණා නම්, ඒ කියන්නේ මං පටන් ගත්තා කාමච්ඡන්දය, ඒ ජරාවට ඇති කැමැත්ත. ජරා වෙනවා නම් ව්‍යාධි මරණය ඇති වෙනවා. මරණය වෙලා ඒ පුද්ගලයා ආපහු ජාතියට යනවා. එතකොට අපිට තියෙන්නේ මොකද්ද මේ පුනපුනා මිය යනවා කියන එකයි. ඉතින් මේකෙදි යම්කිසි පුද්ගලයෙක් යම් වූ හොඳ වූ භවයක්, ඒ කියන්නේ සැප සහිතව, ආහාර පාන ඇතුව, හොඳ භවයක් ඇති වුණා නම් අපි අන්න ඒ භවයට අහංකාර වෙනවා, මෙන්න මෙහෙම එකක් තිබුණා කියලා. එතකොට අහංකාර වුණා නම් ඕගොල්ලන්ට පේනවා අර අත්තා ඉඳන් නිත්‍යට යන්න jack එක ගහනවා. එහෙම නම් ඒ කතාව සිද්ධ වෙනවා කියන එක. එතකොට මම ඔන්න ඔතනින් තමයි හොඳට භාවනාව ගත්තේ,

මොකද අර ඊයේ භාවනාව බලනකොට ම මතක ද අපි කිව්වා අර, අර පථය බැලුවා නේ A කියන පථය. A කියන පථයේ, දැන් අපි පෙන්නුවා ඊයේ ජාතිය කියන තැනට දෙකක් ආවා. ඒ කියන්නේ අර පෙර අත්තා එකයි, පසු අත්තා එකයි. එතකොට දැන් මේ පසු අත්තා කතාව තමයි මං මේ හුඟාක් ම විමසුවේ. ඔය පසු අත්තාව කියන කතාව අපිට ඇති වෙලා තියෙන්නේ ඔය A පථය භාවිතා කිරීමෙන්. එතකොට අර, නිත්‍යයි කියන එක නේ. නිත්‍ය කතාව උඩයි ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙම නම් දැන් අපිට ලස්සනට පේනවා, ඒ කියන්නේ අපි, දැන් හැමෝට ම මතකයිනෙ නේ අර A පථය නේ ද? ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලයෙන් ගිහිල්ලා සඤ්ඤා චේතනා වෙලා එන්නා වූ එක. එතකොට එතන ඉඳන් පසු අත්තා කියන එකට දැන් අපිට පේනවා jump එකක් තියෙනවා. ඒ කියන්නේ චේතනාවෙ ඉඳන් යන්න ඕනෙ විඤ්ඤාණය දක්වා. එතකොට ඒක තමයි අපි අර අහංකාරයෙන් මං කිව්වේ අපි හොඳ භවයක් තිබුණා කියලා ඒක උඩ ගෙනියන්නා වූ එක.

ඉතින් ඕක අපි අර π අකුරත් එක්කත් බලලා තියෙනවා. මේ අවස්ථාවේ දී π අකුරේ කතාවත් එක්ක බලන්න අවශ්‍ය නෑ. මේ වෙලාවේ බලන්න ඕනෙ මේ අලුත් රූපයන් නිසා, ඒ රහතන් වහන්සේ කිව්වේ අලුත් රූපයන් නිසා පෙර නිත්‍යයි කියලා ගත්ත එකක් අපි නැවතත් සකසනවා කියන එකයි, අලුත් රූපයන් භාවිතා කරලා. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා අපි, අර අපේ අහංකාර ගතිය උඩ තමයි අපි චේතනාවේ ඉඳන් අපි ඔය විඤ්ඤාණය දක්වා ගමන් කිරීම කියන එක, අත්තා නිත්‍ය කතාව කියන එක අපිට එන්නේ. දැන් එහෙම නම් අපිට ආයෙත් පේනවා, මේ පසු අත්තා කියලා කියන්නේ එහෙම නම් මොකද්ද, මමංකාරයට මිච්ඡා දිට්ඨිය කියන එක එකතු කරලා. සබ්බාසව එකේ ඉගෙන ගත්තා නේ. අහංකාරය කියලා කියන්නේ ඕකයි. එතකොට අහංකාරය කියන එක පසු අත්තා, ඒක හැදුණේ කොහොම ද, මමංකාරයට මිච්ඡා දිට්ඨිය එකතු කරලා.

එහෙම නම් දැන් කල්පනා කරනවා දැන් අර අපි කිව්වා නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට ගමන් කරන්න ඕනෙයි කියලා. මතක ද අපි ඉගෙන ගත්තා අර ජීවිත ඉන්ද්‍රිය ළඟ අර දැන් අත්තා කියන එක 90°ක කැරකිලා. ජීවිත ඉන්ද්‍රිය වටා අර triangle එක කැරකීමෙන් තමයි මේක ඇති වෙන්නේ. එහෙම නම් ඉතින් ජීවිත ඉන්ද්‍රිය තියෙන තැනට මං තමන්ගේ මනස fix කරගන්නවා. දැන් අපිට පේනවා අහංකාරය කිව්වහම එහෙම නම් මිච්ඡා දිට්ඨියයි, මමංකාරයයි. එතකොට මමංකාරය කිව්වහම මොකද්ද එතන තියෙන්නේ. දැන් බලන්න අපි ඕක ලකුණු කරන්නේ නාමරූප තියෙන තැනින්.

දැන් අපි මේ ඊයේ පෙරේදා කතාවෙදි තේරුම් ගත්තා නේ මෙතන මේ නාමරූප තියෙන තැන සුභ, සුභයයි, නිත්‍යයි. ඒ කියන්නේ පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වුණ නිත්‍ය ස්වභාවය, නිත්‍යයි කියලා කිව්වේ. එතකොට ඒක ඇවිල්ලා තියෙන්නේ අර ජීවිත ඉන්ද්‍රිය කියන තැනින්, මතක තියාගන්න. දැන් මෙතන සුභයි, අතන නිත්‍යයි. දැන් එතකොට මේක ඇති වෙන්නේ කොහෙන්ද? දැන් ඔය දැන් අත්තා, මේ පෙර අත්තා කියන එක ඇති වුණේ කොහොම ද? එතන ඇති වෙන්නේ ස්පර්ශයෙන් නේ ද? ස්පර්ශයයි, අපි එතන නේ පෙන්නන්නේ පෙර අත්තා කියන්නේ සඤ්ඤාවයි වේදනාවයි අතර. එතකොට ඉතින් මේ ස්පර්ශයේ ගත යුත්තක් නෑ නේ. ඒකේ ඇති substance එකක් නෑ. එහෙම නම් අපිට පේනවා අපි මේ කතා කරන්නේ තනිකර සුභයයි, නිත්‍යයි. අර ජීවිත ඉන්ද්‍රිය තැන තියෙන නිත්‍ය ස්වභාවය ඉතින් පදුට්ඨමනසඞ්කප්පයෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. අර කලින් භවයක් හොඳට තිබුණා කියන අර්ථයත් එක්ක. සුභයේ ඇති දෙයක් නෑ නේ. බොරුවක්. අසුභයක් තියෙන්නේ. එතකොට අසුභය නිසා ඇති වුණා වූ නිත්‍ය ස්වභාවයක් තමයි අපි මේ, අපි කතා කරන්නේ. එහෙම නම් අපි මේ සසඳා බලන්නේ මොකද්ද අර, පල්ලෙහා කෙළවරදි, ජාතිය තියෙන තැන, අපි කිව්වා පෙර අත්තායි පසු එකයි කියලා සසඳලා බලන්නේ, පසු අත්තා. දැන් අපි පසු අත්තා ලිහාගෙන ලිහාගෙන ආවහම අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? සුභයයි, අර ජීවිත ඉන්ද්‍රිය ළඟ තිබෙන්නා වූ නිත්‍ය කතාවයි විතර ම යි.

ඉතින් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නුවේ “න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී” කියන ඒ ගාථාවේ අන්තිමට පෙන්නුවා නේ ඒ “සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා” කියලා එහෙම බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඔන්න ඕකයි. එතකොට ඒක උඩ නිකන් අපිට ඇති වුණා වූ දෙයක් මේ සුභ කියන සඤ්ඤාවක්, ඒක නිසා පවතිනවා යැයි කියලා මේ ජීවිත ඉන්ද්‍රිය තැන තිබෙන්නා වූ නිත්‍ය ස්වභාවයක් විතරයි. ඔන්න ඔය දෙක තමයි අපි මේ ගළපන්නේ, අන්තිමට ගත්තහම. අර අපිට තේරෙන්නේ ජාතිය දක්වා ගිහිල්ලා අන්න බැලුවහම තමයි අපිට තේරෙන්නේ අපි මෙන්න මේ දෙක තමයි සලකන්නේ කියලා. ඒක reverse එකේ බැලුවහම තමයි පේන්නේ මොකද්ද අපි මේ කරන්නේ කියන එක.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.