ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. මං පටන් ගත්තා බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ජරාවට කැමති වෙනවා නම් අපි ව්‍යාධි, මරණයන් කියන ඒවාට කැමති වෙනවා, මැරිලා ආපහු ඉපදෙන්නත් කැමති වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ දේ ඇති වුණෝතින්, මේ මරණයට වෙලා ආපහු ජාතියට ඇති වෙනවා කියන එක ඇති වුණෝතින් අපිට පේනවා අපේ හොඳින්, කලින් පැවතුණා වූ ඒ හොඳ භවයන්, ඒ කියන්නේ මෙතන අපි බලන්න ඕනෙ ඔය න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී ගාථාවේ බුදුහාමුදුරුවෝ ඒ දක්වලා තිබෙන්නා වූ ඒ සියලුම භවයන්. ඒකේ පෙන්නනවා ඔය අසඤ්ඤ සත්වයෝ, අරූප ධ්‍යාන සහගත වූ සත්වයෝ, ඉතින් ඒ වාගේ ඒ සියලුම දේවල් ඒකේ cover වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්, ඒවායෙන් හොඳ එකක් ගත්තොතින් ඒ හොඳ ඒවා නිසා අපිට අත්තා ඉඳන් නිත්‍යට යන එක අර අහංකාරය මගින් ඒක වීම සිදු වෙනවා කියලා.
එතකොට දැන් ඔය ආකාරයට අපිට ඔය නිත්‍ය කතාව ඇති වෙන්නේ, ඒ රහතන් වහන්සේ මේක පෙන්නුවා මම ඊයේ භාවනාව ලියනකොට, අර පරාමාස ඉඳන් චේතනාව දක්වා තියෙන රේඛාව තියෙනවා නේ. ඒ රේඛාව අපිට පේනවා අර ජීවිත ඉන්ද්‍රිය ළඟින් ගත්තහම triangle එකක් හැදෙනවා. ඔය triangle එක 90° න් කැරකවීමෙන් තමයි අපි අහංකාරය කියන එක ඇති වෙන්නේ අපිට. එතකොට එතෙන්දි අපි අත්තා නිත්‍ය කියලා විඤ්ඤාණය තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඔතනදි නිත්‍ය කතාව, ඔය විදිහටයි අපි අහංකාරය කියන එක ඇති වෙන්නේ.
ඉතින් අපි ඕක ඊයේ ලෙහාගෙන ඇවිල්ලා අන්තිමට අපි ආවා ඒ කෙළවරේදි, අර මිච්ඡා දිට්ඨියයි මමංකාරයයි එක්කහු කරලා අහංකාරය වුණා ය කියලා අන්තිමට නාමරූප තියෙන තැන අපි මමංකාරය කියන එක ලියාගත්තා. ඒ කියන්නේ සුභයි කියන එක එතන්ට එනවා. ඊළඟට ඔය ජීවිත ඉන්ද්‍රිය කියන තැනට එතන නිත්‍යයි කියන එක එනවා කියන එක අපි ලියාගත්තා.
එතකොට දැන් ඉතුරු වෙලා තිබුණේ සුභයි, නිත්‍යයි කියන එක තමයි අපිට ඉතුරු වෙලා තිබුණේ, ඔය පසු අත්තා ධර්මය හැටියට. ඒ කියන්නේ ජාතිය ළඟ තිබිච්ච එක අපි අනිත් පැත්තට ගලවගෙන ගලවගෙන ඇවිල්ලා ඔන්න ඔය තත්වෙට ආවා. ඉතින් රහතන් වහන්සේ මේක ලියනකොට පෙන්නුවා ඒ සුභ සඤ්ඤා යන මුසාව නිසා ජීවිත ඉන්ද්‍රිය තියෙන තැන නිත්‍යයි කියලා සංකල්පයක් පෙර භවයන් පැවතීම හේතු කොටගෙන, එම භවයන් appreciate කිරීම ඒ කියන්නේ ප්‍රශංසා කිරීම හේතු කොටගෙන ඇති විය. මෙහි මෙම මොස ධර්මයට වඩා වැඩි දෙයක් නැත. ඔය මොස ධර්මය, මේ සුභයි කියන එක ඒක මුසාවක්, ඔච්චරයි කියන එක තියෙනවා.
එතකොට මේක හොඳට බලාගෙන ආවායින් පස්සේ, ඉතින් ඔතන රහතන් වහන්සේ තවත් එකක් පෙන්නුවා ඊයේ. දැන් ඔය පෙර අත්තා කියලා කියන්නේ මොකද්ද? ඒ ස්පර්ශය නිසා වන යම් දැනුම් දීමක් පමණයි. ඒ කියන්නේ ස්පර්ශ, වේදනා, චේතනා. ඔන්න ඔතන අපි ලකුණු කරනවා පෙර අත්තා කියලා අර වේදනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා. එතකොට, indication එකක් විතරයි. පෙර අත්තා කියන එකේ මොකුත් නෑ. ඊළඟට තමන්ට ම පේනවා, ඒ කියන්නේ තමුන් විඳ නැත, කියන එක තමයි එතන තියෙන්නේ. එතකොට විඳින විට දැන් අත්තා. ඒ කියන්නේ ඔය පරාමාසයයි චේතනාවයි අතර. වින්දාට පස්සේ පසු අත්තා.
ඉතින් ඕක කෙනෙක් ප්‍රඥාවෙන් යුතුව බැලුවහම දැන් අපි පෙර අත්තායි පසු අත්තායි කල්පනා කරනවා කිව්වහම පෙර අත්තාගේ මොකුත් දෙයක් නෑ. විඳලා නැති දෙයක් ගැන තමයි තියෙන්නේ. ඉතින් ඕකත් ඊයේ භාවනාව ලියන අවස්ථාවේ දී තේරුම් ගත්තා.
දැන් රහතන් වහන්සේ කිව්වා මේ තත්වෙට මේ සිත පත් වුණාට පස්සේ ඔය 24/09/2015 අත්තානු දිට්ඨි 2 භාවනාව බලන්නෙයි කියලා. ඉතින් ඒ භාවනාවේදි තියෙන්නේ ඔය, අපිට මතකයි අත්තානුදිට්ඨිය කියන එක අපි වේදනා, චේතනා, භය අගති. ඊළඟට ආපහු අපේ ත්‍රිපීසියම තියෙනවා සංස්කාර, විඤ්ඤාණ, අර ඉදංසච්ච, මෝහ අගති, පරිදේව. ඕකේ කොටස් දෙක අපි සම්බන්ධ කළා. අපි ආවා පරිදේවයේ ඉඳන් සෝකයට ඇවිල්ලා ඒ අත්තානුදිට්ඨිය හරහා වේදනාව. ඉතින් මේක නිසා අපිට ඒ කුලමච්ඡරියන් කියන ඒවා එහෙම ඒක ඇති වෙනවා, ඒ වේදනාව ඇවිල්ලා. ඊළඟට ආපහු, අපි දන්නවා මේ සංස්කාර කියන එක, ඔතනින් විඤ්ඤාණ, සංස්කාර, භය අගති, වේදනා. ඒකෙන් ආපහු අපි එනවා ධම්මමච්ඡරියට. දැන් අර, ඔය පාරවල් දෙකෙන් ඇති වෙන එක පොඩ්ඩක් අපි සාකච්ඡා කරලා තියෙනවා. එතනදි පෙන්නනවා දැන් අර කුලමච්ඡරිය කොටසකුත් ඇති වුණා. අර උඩ සංස්කාරයන් නිසා ධම්මමච්ඡරිය කියන තැන සම්බන්ධතාවයකුත් ඇති වුණා.
ඉතින් එතෙන්දි රහතන් වහන්සේ පෙන්නුවා, ඒ කුලමච්ඡරිය ඇති වුණා රූප හෝ ධ්‍යාන හෝ අල්ලාගෙන ධම්මමච්ඡරිය ප්‍රධාන සංස්කාරය කියන එක නිපදවනවා. එතකොට විඤ්ඤාණ, සංස්කාර, භය අගති, වේදනා, ඒ කියන්නේ අර දැන් අපි නිත්‍යයි කියලා ගත්ත එක තියෙනවා නේ. දැන් අපි දන්නවා ඔතන, අපි නිත්‍යයි කියලා ගත්තා කියන එක ජීවිත ඉන්ද්‍රිය තැන ලියාගත්තා නම් ඒ නිත්‍ය සංකල්පය විඤ්ඤාණයට ගියා නම් දැන් ඒකෙන් එනවා විඤ්ඤාණ, සංස්කාර, අර mode එක තියෙන තැන සංස්කාර, එතනින් භය අගතිය, ආපහු ඒ වේදනාව, එතනින් ධම්මමච්ඡරිය. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව කුලමච්ඡරියෙන් ඇති වෙන ඒ ප්‍රධාන සංස්කාරයට වඩා වැඩි, ගැඹුරු වූ ධර්මයක් ඇති කරනවා කියලා අර උඩින් ඇති වෙන්නා වූ එකෙන්. කුමක් නිසා ද? එය තුළ පරිදේව සෝක ධර්මයට ඒකට වඩා, ඒකට අනතුරුව, නිත්‍ය ස්වභාවයට තුඩු දෙන්නා වූ අගයෝ විඤ්ඤාණයේ පැවතීම හේතු කොටගෙන කිඳා බැස ඇත්තාහු කියලා. Firmly established කියලා.
එතකොට එහෙම නම් දැන් පේනවා ද වෙන්නේ මොකද්ද කියලා. අපි අර සුභයි කිව්ව එක, මෙතන මේ විඤ්ඤාණ, සංස්කාර, භය අගති, වේදනා, ධම්මමච්ඡරිය පාරෙන් ඇවිල්ලා අපි ඒක ම සනාථ කරනවා. සුභය ම කියන එකට ආපහු අර නිත්‍ය කතාව සනාථ කරනවා. එතකොට මේක තමුන්, එතකොට යම්කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ සුභයි කියන එක මුසාව කියන එක, එතකොට මේකේ අර නිත්‍යභාවය, අනිත්‍යභාවය තේරුම් ගත්තහම මේක සනාථ කිරිල්ලක් සිද්ධ වෙන්නේ නෑ. නැත්තන් අර අසුභය, අසුභය වශයෙන් අපි දන්නෙ, දකින්නේ නැති වෙනවා. අසුභය අසුභය වශයෙන් දකින්න බැරි වෙලා තියෙන්නේ අන්න නිත්‍යභාවය විසින් මේක සනාථ කිරීම නිසා. ඉතින් ඒක තේරුම් ගන්නවා නම් ඉතින් කෙනෙකුට නිර්වාණය කියන එක වෙනවා. ඉතින් දැන් කල්පනා වෙනවා නේ ද “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කියන එක. මෙතෙන්ට එනවා නේ. මේ ඔක්කෝගේ ම පෙන්නලා දීලා තියෙන්නේ එතෙන්ට එනවා කියන එක තමයි.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.