ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මං භාවනාව පටන් ගත්තේ කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් ජරාවට අපි කැමති වෙනවා නම් ව්‍යාධියටයි, මරණයටයි කැමති වෙනවා. එතකොට මේ විදිහට ආපහු එහෙම නම් ඉපදීමටත් අපි කැමති වෙනවා නන්දිය සහගතව. ඉතින් මං ඔතන ටිකක් වෙලා ඒක බැලුවා ඔතන හරි සැනසීම ස්වභාවය තියෙන තැනක්. ඒ නැවත නැවතත් පුනපුනා මිය යනවා කියන එක. එතකොට මම කල්පනා කළා. මේ මරණය තුළ ඔය පරිදේවයේ ලක්ෂණයන් තියෙනවා. අපි මැරුණාහම පරිදේව වෙනවා. ඉතින් මේක ආපහු cycle එකේ යනවා නම් පරිදේවය එහෙම නම් මරණයට එනවා. එතකොට එහෙනම් මරණය තුළ පරිදේවයේ ලක්ෂණයන් තියෙනවා කියන එක.
ඊළඟට ආපහු ඒ විදිහට ම අපිට පේනවා ජාතිය තුළ දුක්ඛයේ ලක්ෂණ තියෙනවා. අපි දන්නවා ප්‍රියේහි විප්‍රයෝගය, දුක්ඛය, ජාතිය කියන line එක. එතකොට ජාති වුණහම දුක වෙනවා, ඒ දුක්ඛය කියන එක ජාතියට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා දෙක හොඳට කල්පනා කළා. ඒක මට ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. ඊයේ භාවනාවෙදි ඕගොල්ලෝ දන්නවා, අර සුභය කියන එක තැන නාමරූප, සුභය කියන එක අපි එතන ලකුණු කරනවා. අපි කිව්වා මේ විඤ්ඤාණය පැවතුණා නම් ඒක නිසා එතනින් අර නිත්‍යභාවයක් අපි එනවා විඤ්ඤාණ, සංස්කාර, භය අගති, වේදනා කියලා එතනින් ධම්මමච්ඡරිය කතාවට එතනින් එනවා.
එතෙන්දි අපි කිව්වා, අර ඒ සුභය ම නිත්‍යභාවයෙන් සනාථ කරනවා කියලා. පල්ලෙහා තියෙන පරිදේවයේ ඒක සෝකයට ඇවිල්ලා අත්තානුදිට්ඨිය, එතන වේදනාව, එතන කුලමච්ඡරිය. එතකොට මේ කුලමච්ඡරියෙන් ඇති වෙන්නා වූ දේට වඩා වැඩි දෙයක් අර විඤ්ඤාණයේ පැවතීම නිසා ඇති වන නිත්‍යභාවයෙන් ඒ ධම්මමච්ඡරියේ දේ ඇති වෙනවා කියලා ඉගෙන ගත්තා. ඉතින් එහෙම නම් ඔය අද භාවනාවේ ඒ මරණය කියන අවස්ථාව තුළ අපි පරිදේවය තියෙනවා කිව්වහම කෙනෙකුට පේනවා ඉතින් මැරෙනවා නම් නිත්‍යභාවයක් කොයින් ද? එතකොට එතෙන්දි නිත්‍යභාවයක් නැත්තන් අර සුභය සනාථ කරනවා කියන කතාවක් සිද්ධ වෙන්නේ නෑ.
ඊළඟට පරිදේවය කියන කොටස තියෙනවා. පරිදේවයෙන් සෝකයෙන් අර කුලමච්ඡරි කතාවත් යනවා, වේදනාව ළඟට එන්නා වූ එක. එහෙම නම් ධම්මමච්ඡරියේ තියෙන ප්‍රධාන සංස්කාරයත් නෑ, ඒ ප්‍රධාන සංස්කාරයට වඩා වැඩි වූ දෙයක් තියෙනවා ද ඒකත් නෑ. අන්න ඔය තැන බොහෝ ම සැපයි. ඒක තමයි අමෘතය කියන්නේ. එතෙන්ට ආවහම, අර මරණය මෙනෙහි කළහම බුදුහාමුදුරුවෝ කියන්නේ අමෘතය වළඳනවා කියලා. ආන්න ඒක තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක ඔතෙන්ට එනකන් බලාගෙන ඔහොම ඇවිල්ලා, එතන බොහෝ වෙලාවක් මං හිටියා. ඉඳලා ඊට පස්සේ දැන් ඊළඟට කල්පනා කරන්න අර ජාතිය තියන තැන කෙළවර.
දැන් අපි කිව්වා ජාතිය තුළ දුක්ඛයේ ලක්ෂණයන් තියෙනවා කියලා. ඉතින් එහෙම නම් අපිට පේනවා අර, ඒ පෙර මිච්ඡා දිට්ඨි නේ ද? ඒ කතාවත් නෑ. ඒ නාමරූප තැන තියෙන කතාවත් නෑ. ඉතින් මේ දෙක ම නොවෙනවා නම් අර වේදනාව තියෙන තැන අලුත්, පස්සේ හදන්නා වූ, ඒ පසු මිච්ඡා දිට්ඨි කතාවකුත් නැහැයි කියන එක ඒ line එකේ සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒ කියන්නේ ඒ line එක පවතින්නේ නෑ, කියන එක තියෙනවා. ඉතින් එතන එතකොට කෙනෙකුට ඔය විදිහට අමෘතය වළඳන්න පුළුවන්. අවසන් කරගන්නත් පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව. ඒ සියලු විමුක්තීන් පවතිනවා, ඒ මොහොතේ.