Date: 28/10/2015 Name: Amurtaya 2

භාවනාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මම කළේ, ඊයේ භාවනාව ම තමයි මං කරගෙන ගියේ. මං ඒක පටන් ගත්තේ, දැන් අපි හිතමු බබෙක්ව දකිනවා ඉස්සරහ පිට. ලස්සනයි කියලා එනවා. එතකොට ඒ බබා ඕගොල්ලෝ ලස්සනයි කියලා අර සුභයි කියන අදහස ඇති වෙලා තියෙනකොට ම ඒ බබා වමනේ දානවා. වමනේ දාපු ගමන් අර සුභය නැති වෙනවා නේ ද. එහෙම නැත්තන් ඒ ළමයා ඕගොල්ලෝ ඉස්සරහ පිට ම මූත්‍රා කරනවා, අසූචි පිට කරනවා. සුභය මළා නේ ද? අන්න බලන්න සුභය මැරුණාහම අසුභය. අසුභය මතු වුණහම සුභය කියන එක මැරෙනවා.

එතකොට, දැන් අපිට දෙපැත්තකට ආවා ඕක. සුභය කියන එක තිබුණා, අසූචි දැක්කා වාගේ එකක් ආපු ගමන්, අසුභය ආපු ගමන් සුභය මළා. එතකොට සුභයේ මරණය තමයි අපි අසුභය කියලා කියන්නේ. ඉතින් දැන් ඕක සම්බන්ධ කරගන්න අපේ ඊයේ භාවනාවට. ඒ ඊයේ භාවනාව ඒක භාවනා වැලක්. ඒකේ ඇවිල්ලා තියෙන්නේ නාමරූප කියන තැන අපි ලකුණු කරගන්නවා සුභය කියන එක, අපි ඒක බොහෝ ම ගැඹුරට බලාගෙන ඇවිල්ලා තියෙන්නේ ඒක. අලුතෙන් බලන කෙනෙකුට ඒක එකපාරට ම තේරෙන්නේ නෑ. එතකොට ඔය සුභය කියන එක සනාථ කරනවා අන්තිමට ගත්තහම ඔය නිත්‍යයි කියන සඤ්ඤාවෙන්. එතකොට ඒ නිත්‍යයි කියන සඤ්ඤාව පවතින්නේ මේ විඤ්ඤාණයේ ධාරාව යම්කිසි ආකාරයකට ගැලුවා නම්, පොඩ්ඩක් හරි ගැලුවා නම් අපිට එනවා නිත්‍යයි කියලා.

එතකොට ඒ, අපි ඊයේ භාවනාවෙදි ඉගෙන ගත්තා දැන් මරණය කියන එක ඇති වෙනවා නම් අපිට නිත්‍යභාවයක් නෑ. නිත්‍යභාවයක් නැත්තන් අර නිත්‍යභාවය මගින් අර සුභය සනාථ කරනවා කියන එක නැති වෙනවා. එතකොට සුභය සනාථ කරන එක නැති වෙන එක නේ ද අර බබා දිහා බැලුවාමත් අපිට එකපාරට ම වුණේ. මරණය කියන එක ඇති වුණා. ඒ මරණය නිසා නිත්‍යභාවයක් නෑ. ඉතින් නිත්‍යභාවයක් නැත්තන් සුභය සනාථ කිරිල්ලක් නෑ. එතකොට ඊළඟට අපි ආපහු ඉගෙන ගත්තා, දැන් ඔය සුභය සනාථ කරන නිත්‍යභාවය කියන්නේ ඕක තමයි ඉතින් ධම්මමච්ඡරිය. ඒක, ධම්මමච්ඡරියේ ප්‍රධාන සංස්කාරය වෙන්නේ කුලමච්ඡරිය. ඒ කුලමච්ඡරියට වඩා වැඩි වූ දෙයක් මේකෙන් ඇති කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඒ පරිදේවය. පරිදේවය වුණා නම් අපිට ඒකෙන් සෝකය, සෝකයෙන් අත්තානුදිට්ඨිය, ඒකෙන් වේදනාව, එතනින් කුලමච්ඡරිය ඇති වෙනවා කියලා.

ඉතින් එහෙම නම් දැන් අපිට පේනවා නිත්‍යභාවය ගිය ගමන් අර මෝහයේ ඉඳන් පරිදේවයට එන්නා වූ කතාව, ඒක නැති වෙනවා. එතකොට එහෙම වෙනවා නම්, පරිදේවය නොවන්නේ නම් අර ප්‍රධාන සංස්කාරය කියන එක, ධම්මමච්ඡරියේ ප්‍රධාන සංස්කාරය නැති වෙනවා. එතකොට ප්‍රධාන සංස්කාරයත් නැති වෙනවා, ඒකට වඩා වැඩි වූ දෙයක් අර නිත්‍යභාවය නැති වීම නිසා නැති වෙනවා. දැන් මේක දෙක නැති වෙලා ගියා නම් දැන් අපේ ඊළඟට එන්නේ අර අපි දන්නවා පෙර මිච්ඡා දිට්ඨිය කියන එක අර ජාතිය තියන තැනට ඔය පරිදේවය හරහා එන්නා වූ එක. ඉතින් ඒ පථයන් ඉතින් තමන් දැනගන්න ඕනෙ මේක හොඳට තේරුම් ගන්න. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා ඔතනින් තියෙන්නේ ආවාසමච්ඡරිය. එතකොට ආවාසමච්ඡරියයි, කුලමච්ඡරියයි, ඒක නිසා ඇති වන අර ධම්මමච්ඡරිය කතාව. එතකොට ධම්මමච්ඡරියේ ප්‍රධාන සංස්කාරය කුලමච්ඡරියත් ගියා, ඒකට වඩා වැඩි වූ යම්කිසි දෙයක් අනිත් ඒවා නිසා ඇති වෙන දෙයක් තියෙනවා ද අර නිත්‍යභාවය නිසා ඒකත් ගියා. කුල කතාවත් ගියා. දැන් අර මනුස්සයා, ඔතන මනුස්සයා නේ ඉන්නේ. ඉතින් ඒක නැති වෙලා යනවා කියන එක.

ඉතින් ඒකෙදි අර විමුක්තීන් ඔක්කෝම තමා තුළ පවතිනවා. එක ම දෙයයි. අර බබා වමනේ දානවා කියන එක ඒ අර්ථයෙන්, අර සුභය කියන එක මළා කියන අර්ථයෙන් තේරුම් ගත්තා නම් අර ඊයේ භාවනාව, ඒකට කිව්වේ අමෘතය කියලා, ඒ භාවනාවේ අර්ථය මේකට ගළපන්න විතරයි තියෙන්නේ. ඉතින් සිත නතර වෙනවා, නිරෝධයට යනවා, ඒවා ඔක්කෝම ඒ විදිහට ඒ සිද්ධ වෙනවා. අමෘතය වළඳනවා කියලා කියන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.