Date: 29/10/2015 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා සිහි කළා. ඒ උතුම් බුදුපියවරු වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී වේදනා කොටසට වැඩි අවධානයක් මං යොමු කළා. සුඛ වන්නේ, සුභයට නිත්‍ය යන සංකල්පය එකතු කෙරේ. සුභය ද මිය යන්නේ නම්, නිච්ච ස්වභාවය ගිලිහී යන්නේ නම්, සුඛ යන අදහස නොපවතියි. මෙසේ වේදයිත ධර්මය ගිලිහී යන්නේ, පෙර පහදා දුන් අයුරින් ධම්මමච්ඡරියේ ප්‍රධාන සංස්කාරයත්, ඊට වඩා ගැඹුරු වූ විඤ්ඤාණයේ පැවතීම නිසා ම වූ ධර්මතාවයත් බැස යන්නේ, අසම්පජානකාරීත්වය කියන එක අවසන් වෙනවා.

මං මේක පෙන්නලා දුන්නා අර 03/10/2015 සක්කාය දිට්ඨි භාවනාව. අර ජරාව තියන තැනට අපි එනවා භය අගති, සෝක, ජරා. පැවතිය හැකි ය කියන අදහස. වේදනාව තියෙන තැන අපි එතන ලියාගත්තා පවතිනවා. දැන් උඩ තියෙන්නේ අසම්පජානකාරීත්වය. ඒ ජරා වේදනා රේඛාවේ උඩ. එතකොට ඉතින් සක්කාය දිට්ඨි භාවනාවෙදිම මම පෙන්නලා දුන්නා වේදනාව තියෙන තැන 1, පවතිනවා, පසු අත්තා ධර්මය. ඊළඟට 2, හැටියට ජාතිය තියෙන තැන පවතිනවා, පෙර අත්තා ධර්මය. ඊළඟට 3, නාමරූප තියෙන තැන පවතිනවා, දැන් අත්තා ධර්මය. ඉතින් මේ තුන් අත්තා ධර්මයන් පෙළ ගැහිලා සක්කාය දිට්ඨිය වෙනවා කියලා පෙන්නුවා. ඉතින් මෙම තුන් ධර්මයෝ අත්තා ධර්මයෝ පෙළ ගැසීම වැළකී යනවා නම් සක්කාය දිට්ඨිය නොවේ. දැන් මෙසේ අප්පටිවේධයත්, අසම්පජානකාරීත්වයත් නැතිව යන්නේ, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණයන් නැති වෙලා යනවා, නිර්වාණය වන්නේ ය කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.