ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම තමයි නැවතත් කරගෙන ගියේ. ඒ ඊයේ භාවනාවේ, මෙනෙහි කළාට පස්සේ ඒකේ තියෙනවා, මම diagram එකක් හැටියට ඇඳගත්තා. ඒ කියන්නේ අපි පටන් ගත්තොතින් ඔය ජීවිත ඉන්ද්‍රිය තියන තැන නිත්‍යයි කියන සංකල්පය, එතකොට එතන ඉඳන් අපි උඩට යනවා විඤ්ඤාණයට. ඒක නිත්‍යභාවය විඤ්ඤාණයට ගිහිල්ලා ඒකෙන් එනවා අපි සංස්කාර හරහා භය අගතියට. එතකොට නිත්‍යභාවය ඒක දිගේ එනවා. ඊළඟට භය අගතියේ ඉඳන් වේදනාවට එනවා. ඉතින් ඒ වේදනාවටත් එතකොට නිත්‍යභාවය කියන එකත් තියෙනවා, එතෙන්දි අපිට ඒ ඇති වෙනවා අර ධම්මමච්ඡරිය. ඉතින් මේකෙන් සුභය සනාථ කරනවා කියන එක තියෙනවා. ඊළඟට අපිට ආපහු පේනවා, ආපහු පාරක් පේනවා මේ භය අගති, සෝක, ජරා කියලා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා, මේ පථය අපි ලියාගත්තොතින් A කියලා, ඒ කියන්නේ භය අගති, සෝක, ජරා කියන එක, සබ්බාසව සූත්‍රයේ එහෙම අපි බැලුවේ ඕක. එතකොට ඒක අපි ගන්නවා A පථය කියලා.
ඊළඟට ආපහු එනවා භය අගති, සෝක, වේදනා. අපි මේක කියනවා B කියලා. එතකොට දැන් භය අගති, සෝක, වේදනා කියන කෑල්ල තමයි අපි දැන් අර ඉස්සෙල්ලා බැලුවේ. අර නිත්‍ය කතාවත් එක්ක එන එක. එතකොට භය අගති, සෝක, ජරා කියන පථය අපි බැලුවොතින් අපිට පේනවා ඉතින් ඒක සිදු වෙනවා නම් අර සඤ්ඤාවේ ජරාව කියන එක ඇති වෙනවා. 5.3 සඤ්ඤාවේ ජරාව කියලා අපි සිහි කළේ. ඒ අර්ථයට ගන්න. එතකොට ඊයේ භාවනාවේදි අපි මෙනෙහි කළා, අර සුභයට නිත්‍ය යන සංකල්පය එකතු කිරීමෙන් වෙන සුඛ යන අදහස, සුභ යන අදහස මිය යෑම මගින් නවතිනවා කියලා. එතකොට ඒ කතාවෙදි අපි කියන්නේ අර නිත්‍ය කතාව මිය යෑම මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර උඩ තියෙන නිත්‍ය කතාව. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණයේ පැවතීම නිසා, 47°ක් කැරකීම කියන්නේ, එහෙම නැත්තන් අර පරාමාසකායේ ඉඳන් චේතනාව දක්වා තිබෙන රේඛාව, අර triangle එක කැරකිලා උඩට යෑම නිසා ඇති වෙන නිත්‍ය ස්වභාවය. ඒක නතර වුණහම නතර වෙනවා.
ඊළඟට දැන් අපි B පථය කියන එක මෙනෙහි කරනවා නම්, ඒ කියන්නේ භය අගති, සෝක, වේදනා කෑල්ල. නිකන් ම නෙවේ මේ භය අගතියට ආවේ. මේක අර පරිදේවයේ ඉඳන්, අර line 8 එකෙන්, අන්න ඒකයි අපි මේ කතා කරන්නේ. ඉතින් පරිදේවයට ඇවිල්ලා තියෙන්නේ මෝහයේ ඉඳන් පරිදේවයට. එතකොට දැන් අපි කතා කරන්නේ අර උඩ නිත්‍ය කතාවෙන් දැන් මේ පල්ලෙහා නිත්‍ය කතාව අපි කියන්නේ. කායුජ්ජුකතාවය මගින් නැති වෙනවා කියන්නේ. එතකොට මේක සිදු වෙනවා නම්, ඒ නිත්‍යභාවය නිසා කුලමච්ඡරියක් නිත්‍යභාවය නිසා හටගත්තා ද, B පථය නැති වුණා ම මේක නතර වෙලා යනවා. ඉතින් මෙතෙන්දි අපි පෙන්නුවේ මෙතනින් වේදනාවට ඇවිල්ලා එතන කුලමච්ඡරිය කියලා. එතකොට එහෙනම් මේ කාරණා දෙක, ඒ කියන්නේ සඤ්ඤාවේ ජරා වීමත්, වේදනාවේ සුඛ යන අර්ථයත් ගිලිහී යෑම. එතකොට මේ දෙක යනවා නම් තණ්හා ඇති වෙන්නේ නෑ. ඇයි අපි කිව්වේ වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා තමයි තණ්හාව වෙන්නේ.
එතකොට මේ නිසා අසම්පජානකාරීත්වය කියන එක නැති වෙලා යනවා. අසම්පජානකාරීත්වය නැති වෙනවා නම් එතකොට මෙතෙන්දි අපි දන්නවා තණ්හාව නැති වුණා ම මේ ඔක්කොම නැති වෙනවා කියන එක. ඉතින් ඒ කියන්නේ ඊයේ භාවනාවේ අසම්පජානකාරීත්වය තමයි මේ ටිකක් ගැඹුරට ලෙහලා ඒක පෙන්නුවේ. ඒක තමයි මං කරපු භාවනාව.
ඒකේ මං වැඩියෙන් තේරුම් ගත්ත එකක් තමයි අද භාවනාවෙදි ඔය අපිට ඇති වෙන්නා වූ කුලමච්ඡරියෙන් අර නිත්‍යභාවය කියනකොට, ඒක නිකන් class එකක්. ඒ මුළු, මුළු හැම වේදනාවක් ම ගැන ඒ කතා කරන්නේ. අතන උඩ භාවනාවෙදි අපි පෙන්නන්නේ උඩ නිත්‍යභාවයේ කතාවෙදි මේ instant එක. මේ දැන් මේ මොහොතේ තියෙන්නා වූ instant එක මං ඔන්න සුභයි කියලා කියන්නේ.
ඊළඟට අතන දී පෙන්නනවා මුළු ඔක්කෝම. මුළු පල්ලෙහායින් ඇති වෙන්නා වූ ඒ කියන්නේ අර මෝහයේ ඉඳන් පරිදේවයට ඇවිල්ලා පරිදේවයෙන් භය අගති, සෝක, වේදනා. මුළු class එක ම එතන ගිහිල්ලා තියෙනවා කියන එකයි.