Date: 31/10/2015 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට මම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේ ඕගොල්ලන්ට මතක ඇති අපි පථ දෙකක් සාකච්ඡා කළා. ඒ කියන්නේ භය අගති, සෝක, ජරා කියන එක. ඊළඟට ආපහු එනවා භය අගති, සෝක, වේදනා කියලා. ඒ සෝකය තියෙන තැනින් දෙපැත්තට පාරවල් දෙකක් යනවා. ඉතින් ඕකේ අපි ඉගෙන ගත්තා ඔය නිත්‍යයි කියන කතාව, ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය ළඟ නිත්‍යයි කියන කතාව තියෙනවා නම් තමයි විඤ්ඤාණයට ඒක ගිහිල්ලා ඒකෙන් සංස්කාර හරහා භය අගති, භය අගතියෙන් සෝක, වේදනා එතනින් අපි සුභයි කියලා ඒ මතය ම සනාථ කරනවා. ඒක එක instant එකක සනාථ කිරිල්ලක්.

ඊළඟට ආපහු අපිට එනවා ඔය නිත්‍ය කතාව අපි අයින් කළොතින් අපි අර කායුජ්ජුකතාවය තියෙන තැනින් අපි බැලුවොතින්, එතනින් අර මෝහයෙන් පරිදේවය වෙනවා කියන එක නතර වෙනවා. ඉතින් එතෙන්දි අර පරිදේවයෙන් භය අගතිය, සෝක, වේදනා. ආන්න එතෙන්දි අපි කතා කරනවා කුලමච්ඡරියක් ගැන. එතකොට මුළු class එක ම ගැන තමයි අපි කතා කරන්නේ.

දැන් එතකොට අපි ඔය පළවෙනි පථය ගත්තොතින් එහෙම, ඒ කියන්නේ භය අගති, සෝක, ජරා කියන එක, ඒ ජරාව කියන එක අපි දන්නවා සඤ්ඤාවේ ජරාව කියලා එහෙම අපි ලියලා තියෙනවා. බලන්න අර සුභය කියන එක සනාථ කරන්නේ නැත්තන්, නිත්‍ය කතාවක් නැත්තන්, අපි කිව්වා නේ ඕක තමයි අර කුලමච්ඡරියටත් වඩා ගැඹුරු වූ එකක් කියන එක නේ ද? එතකොට සනාථ කරන්නේ නැත්තන් අපේ ඉතින් සුඛ කතාවක් නෑ නේ. සුභයට නිත්‍ය එක්කහු කරලා සුඛ. එතකොට සුඛයෙන් තමයි අපිට ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ, මේ නමුත් ඒක සත්‍ය වශයෙන් ම ගත්තහම ඒක ජරාවක්, අර පල්ලෙහා කෑල්ලට අපේ එනවා.

එතකොට මෙතනින් අපි ඉගෙන ගත්තා මේ විදිහට, දැන් එහෙම නම් අර මැද්දේ තිබෙන වේදනාව කියන තැන ඒක හරි කතාවක් නෙමේ. සුභයට නිත්‍යයි කියලා එකතු කරන එක. ඒ නිත්‍ය කතාව අපි අයින් කළහම ඒක ගැලවිලා යනවා. එහෙම නම් ඉතින් ඔය දෙකෙන් අර අසම්පජානකාරීත්වය කියන එක තමයි නිරූපණය වෙන්නේ, ඔය ජරා වේදනා ඒ රේඛාව. ඉතින් දැන් අපිට තේරෙනවා මේක නිසා මේ අසම්පජානකාරීත්වය කියලා කියන්නේ තණ්හාව නිසා මේක ඇති වෙනවා කියන එක නොදන්නාකම නේ ද? එතකොට ඔය line එක ම නේ ද අවිද්‍යා අනුසය line එක? දැන් අසම්පජානකාරීත්වය ගැන අපි බැලුවා. දැන් අපිට බලන්න තියෙන්නේ අප්පටිවේධය කියන එක.

එතකොට අප්පටිවේධය කියන එක බලන්න නම්, ඒ කියන්නේ රහතන් වහන්සේ පෙන්නුවා නේ ද අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වෙනවා කියන එක නොදන්නාකමයි කියන එක. ඒ කියන්නේ අර ජාතිය කියන තැනට එනවා කියන එක. ඉතින් ඕකට රහතන් වහන්සේ කිව්වා මේකට බලන්නෙයි කියලා එකතු කරන්න අර මේ, අපි ඉගෙන ගත්තා භාවනාවක්, ඒ භාවනාව සළායතන නිරොධො ඵස්ස නිරොධො කියන භාවනාව 22/08/2015 අපි කළේ ඒක. ඉතින් ඔය භාවනාවේ අපි ඔය සෝකය තියෙන තැන අපි සලකලා බලනවා අර වේදනාවේ ජරාව තියෙනවා, ව්‍යාධිය, ඊළඟට අප්‍රියේහි සම්ප්‍රයෝගය 4.6 වේදනාවේ ව්‍යාධිය කියලා. ඔහොම ගිහිල්ලා මතක ද කිව්වා අර චේතනා අගයෝ, සළායතනය කියන එක හැදෙන්නේ දැන් ඔය අසම්පජානකාරීත්වය ඒ තියෙන තැන ඒ අගයන් එහෙම භාවිතා කරලා නේ. එතකොට සඤ්ඤා අගයයි මෙතන මේ මැද්දේ එන අගයයි ඔය චේතනාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔතනදි කාරණා තුනක් සඳහන් කළා. සළායතන නිරෝධ වෙන්න නම් තුන් ධර්මයක් නිරෝධ වෙන්න ඕනෙ. එකක් තමයි අලුත් රූප සෙවීම, කාමේසු සංයුක්තො විහරති කියන ඒ කතාව. ඊළඟට නාම කියන එක සිදු නොවෙන්න ඕනෙ. අපි අර වේදනා අගයන් වැඩිදියුණු කරනවා කිව්වා. ඊළඟට අවිද්‍යා අනුසය හේතු කොටගෙන එන්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ බැස යා යුතු ය කියලා කිව්වා.

එතකොට එහෙනම් ඕක තමයි ඔය අසම්පජානකාරීත්වයත් එක්ක ඇවිල්ලා තියෙන එක. එහෙමත් නැත්තන් කිව්වා විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා චිත්තය අත්නොහැර අල්ලා ගැනීම පහ විය යුතුයි කියලා. ඉතින් එහෙම නම් ඔතෙන්දි දැන් අපිට පේනවා, මේ අසම්පජානකාරීත්වය තැනට තමන්ගේ මනස යොමු කළොතින්, විඤ්ඤාණ ධාරාව පවතිනවා කියන එක එහා කෙළවර. විඤ්ඤාණය කෙළවර. මැද්දේ චේතනාව. ඔන්න ඔය තුන් ධර්මයෝ align වෙනවා නම් තමයි ඔය විඤ්ඤාණයේ පැවතීමක් කියන එක තියෙන්නේ. ඒ අසම්පජානකාරීත්වය තියෙන එකයි, අර චේතනාවෙන් එතන අල්ලාගෙන ඉන්න එකයි, විඤ්ඤාණය කියන එකයි. එතකොට එක පැත්තකින් පේනවා අසම්පජානය තියෙන තැන ඕගොල්ලෝ තණ්හාවයි කිව්වා නම්, විඤ්ඤාණය කියන එක කර්ම විඤ්ඤාණයයි කිව්වා නම්, එහෙම නම් මෙතන මේ තණ්හාවයි, ඒ පැත්තෙන් තියෙන කර්මයයි අර බොජ්ඣඞ්ගයේ මතක ද අපි කිව්වා? තණ්හාවත් නැති වෙනවා, කර්මයත් නැති වෙනවා බොජ්ඣඞ්ගය වැඩුවායෙන් පස්සේ මේක අවසන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ආන්න ඔතෙන්ටයි එන්නේ. මැද්දේ තියෙන්නේ චේතනාව. එතකොට චේතනාවෙන් මේ දෙක අල්ලගෙන ඉන්නවා.

MM_30_10_2015.jpg

ඉතින් ඕක තව ටිකක් වෙලා බලාගෙන හිටියොත් තමන්ට පේනවා, මෙතන මොනවක්වත් නැහැ. මොනවක්වත් නැහැයි කියලා කියන්නේ අර නාමරූපය කියන තැන අපි ලියාගත්තා සුභයි කියන එක. ඕකෙන් නේ අපි මේ චේතනාවට ගිහින් තියෙන්නේ. එතකොට සුභයි කියන්නේ බොරුවක්. ඊළඟට ගත්තහම දැන් අවිද්‍යා අනුසය කියන එක හැදිලා තියෙන්නේ කොහොම ද? දැන් අපි දැන් ඔය ඊයේ භාවනාවේ අර්ථයෙන් බලාගෙන ආවොතින් ඒක සුභයි කිව්ව එක නිසා ම තමයි අපේ මේ අවිද්‍යා අනුසය අර අසම්පජානකාරීත්වය දක්වා ම ඒක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නම් අපිට පේනවා මේ දෙක ම එකට align වෙලා තියෙන්නේ නේ ද? අසම්පජානකාරීත්වයයි, අවිද්‍යා අනුසයයි මේ සුභ කියන මුසාව උඩ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔතන අර සිත නතර වෙනවා. බොහෝ ම හොඳට ඒ අවස්ථාවේ දී දිවීමක් නැති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.