Date: 01/11/2015 Name: Avijja Anusaya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දෙනමක් ඒ වගේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම අද භාවනාව කළේ අර ඊයේ භාවනාව ම කරගෙන යාම තමයි කළේ. ඒකේ අපි දන්නවා ඔය ජීවිත ඉන්ද්‍රිය කියන තැනින් අපි පටන් ගත්තොතින්, මතක ද අර නාමය තියෙන තැන සුභයි කියලා ලියාගත්ත, ජීවිත ඉන්ද්‍රිය තියෙන තැන නිත්‍යයි කියලා ලියාගත්ත. එතකොට එහෙම නම් එතනින් ඒ නිත්‍යභාවය විඤ්ඤාණයට ගිහිල්ලා සංස්කාරය හරහා භය අගතියෙන් ඒ සෝක වේදනා ඇවිල්ලා ආපසු එයා ඒ සුභයි කියන එක ම සනාථ කරනවා, අර ධම්මමච්ඡරිය හරහා. එතකොට අපි ඕක ඉගෙන ගත්ත ඕක මේ අර කුලමච්ඡරියෙන් කරන ප්‍රධාන සංස්කාරයට වඩා ගාම්භීරයි කියලා.

ඊට පස්සේ ආපහු අපි ඉගෙන ගත්ත ඔය මෝහ අගති ඉඳන් පරිදේව line 6, ඒකෙන් භය අගතියට ඇවිල්ලා එතනින් සෝක වේදනා කියන එක. එතන තියෙන්නෙ කුලමච්ඡරියයි ඒකෙන් ඇති වෙන්නේ. ඒක class එකක් කියලා. එතකොට අරක එක instance එකක් මේක class එකක්. එතකොට දැන් ඔන්න ඔය කාරණා දෙකට ආවයින් පස්සෙ අපි දන්නවා ඕක නැති වෙන්නෙ මරණය කියන එක දැනගැනීමෙන් අර උඩ නිත්‍යභාවයයි පල්ලෙහා නිත්‍යභාවයයි දෙක ම නැති වෙනවා.

ඊළඟට ආපහු අපිට පේනවා ඔය භය අගති, සෝක, ජරා. එතකොට අන්න ඒ අවස්ථාවේ දී අපි ඉගෙන ගත්ත අර සඤ්ඤාවේ ජරාව කියන එක තියෙනවා. දැන් අර මරණය කියන එක සිද්ධ වුණා නම් දැන් ඉතින් මේ වේදනාවක් කියන කතාව බැහැලා යනවා. ඇයි සුභයට නිත්‍යයි කියලා එක්කහු කරලා සුඛය වෙලා ඇවිල්ලා තියෙන්නෙ. මරණයේ දී අර කෙළවරවල් දෙක ම බැලුවා එතනින් අපි කායුජ්ජුකතාවයෙන් එහෙම එන්නා වූ එක. එහෙම නම් වේදනාව කියන එක නෑ. සඤ්ඤාවේත් ජරාව. එහෙම නම් අපේ මේ අසම්පජානය කියන එක නැති වෙනවා කියන එක අපි ඊයේ ඉගෙන ගත්ත. එතකොට අසම්පජානය නැති වෙනවා නම් ඉතින් තණ්හාව කියන එකත් එතනින් ම යනවා.

දැන් ඊළඟට අපි ඊයේ ආපහු බැලුවා මේ අප්පටිවේධය කියන එක. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වෙනවා කියන එක. එතකොට අන්න ඒ අවස්ථාව වෙනකොට අපි කල්පනා කරන්න ඕනේ අපි බැරි වෙලාවත් කාම ආශ්‍රවය කියන තැනට ආවා නම්, ඒ කියන්නේ අර ජාතිය කියන තැනට ආවා. පවතිනවා කියන කතාවට ඇවිල්ලා තියෙන්නෙ කියන එක. එතකොට මේකට බලන්න උදව් උපකාර වෙන්නෙ අපේ අර 28/10/2015 අමෘතය 2 භාවනාව. ඒකෙදි මතක ද අර දරුවා බලා සිටිද්දී ම වමනය දමනවා නම් සුභ යැයි කියන අදහස මැරී යනවා. අන්න ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අසුභය මගින් සුභය කියන අදහස මැරුණා. අර අසුභය නිසා වමනය දැමීම එකෙන්. අනිත් අතට දෙවෙනි කාරණාවට පෙන්වන්න පුළුවන් මරණය මගින් සුභ යන අදහස මැරුණ. ඒ කියන්නේ යමෙක් මළ අවස්ථාවක් සිහි කරන්නේ සුභ යැයි සඤ්ඤාවක් එයාට නැහැ. ඒක ගිලිහිලා තියෙනවා.

එතකොට එහෙනම් දැන් මරණය නිසා ඇති වෙන්නා වූ ක්‍රියාවලිය අපි සාකච්ඡා කරලා ඉවරයි. අර උඩ නිත්‍ය instance එක ජීවිත ඉන්ද්‍රිය ඉඳන් එන එකයි, පල්ලෙහා එකයි අපි කරලා ඉවරයි. එක ම මරණයෙන් ඒක සිද්ධ වුණා. දැන් එහෙම නම් තියෙන්නේ අර අසුභය මගින් සුභ යැයි කියන අදහස මළා කියන එකයි. එතකොට අසුභය කියන එක මගින් සුභය කියන එක මැරෙනවා නම් අර පෙර මිච්ඡා දිට්ඨිය අර ජාතිය දක්වා පැමිණිලා ඇති වෙන්නා වූ ආවාසමච්ඡරිය කියන කතාව එතන නැති වෙන්න ඕනෙ. එතකොට ඒ ආවාසමච්ඡරියට එනවා කියන එක නැති වෙනවා කියන එකත් තමන්ට තේරුම් ගන්න ඕන්නම් ඉතින් ඒකට බලන්න වෙනවා 10/08/2015 අර වේදනා පච්චයා තණ්හා කියන භාවනාවේ අපි පථයන් භාවිතා කරලා තියෙනවා නේ odd පථයයි even පථයයි කියන එක එහෙම සාකච්ඡා කළේ. ඒකේ අර odd පථයෙන් අර ජාතිය දක්වා ඉක්මනින් එනවා කියලා එහෙම බැලුවා. ඒකේ කාරණා ටික පොඩ්ඩක් මෙනෙහි කරන්න ඕනේ. එතන පෙන්නුවා අර ජාතියට පැමිණ එහි රමණීය වන පවතිනවා යන මිච්ඡාදිට්ඨික අගය මත even පාරේ පැමිණ අප්‍රියේහි සම්ප්‍රයෝග අගය, යම් ප්‍රිය වූ දෙයක් ඇති යැයි සිතා විඤ්ඤාණ ධාරාව ගැලීමට සලස්වනවා කියලා.

ඉතින් දැන් අසුභය තියෙනවා නම් ඉතින් ප්‍රිය වූ දෙය කතාවක් නැහැ. ධාරාව ගැලීමක් නෑ. එතකොට මෙන්න මෙතනට ආවහම ඒ රහතන් වහන්සේ පෙන්නුවේ ඉතින් මේකෙන් දැන් සියලුම අනුසයෝ යනවා මේ අවස්ථාව වෙනකොට එතනට ගත්තහම. ඒ මොකද හේතුව? මරණය කතාවත් එක්ක නිත්‍ය කතාව ගියා, අර අසම්පජානය කියන එක නැති වුණා එහෙනම් තණ්හාව කියන එක නෑ දැන් කැරකවීමක් නෑ. එහෙම නම් දැන් මෙතන මේ වෙන්නා වූ ක්‍රියාවලිය අර අසුභය කියන එක දැනගැනීමෙන් ඒක වෙනවා.

ඉතින් ඕක මේ රහතන් වහන්සේ ඊයේ ලියනකොට ලිව්වා, “අවිද්‍යා අනුසය සෑදී ඇත්තේ සුභ යන අදහස නිසා ම ය.” ඒක කෙසේ ද? අර අපි ඊයේ බලපු ආකාරයට ඒ “සනාථ කරන ලද සුභය ම වේදනාව දක්වා පැමිණෙන්නේ අවිද්‍යා අනුසය බවට පත් වූයේ ය.” ඉතින් එතකොට ඒක නැති වෙනවා නම්, ඒ කියන්නේ ඔය අවිද්‍යා අනුසය බවට පත් වුණේ කොහොම ද අර B පථය මගින්. B පථය කියලා කියන්නේ ඔය අපි පෙන්නුවා නේ සුභ යන මුසාව මගින් වෙන්නා වූ අර instant එකයි ඒ කුලමච්ඡරියෙ කතාවයි. ඒක නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නෙ. එතකොට එහෙම වුණා නම් මේ සියලුම අනුසයන් කියන ඒවා එතනින් නැති වෙනවා. ඒක බොහෝ ම හොඳ භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.