ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට වැඳ නමස්කාර කළා දාහතර නමට ම.
එතකොට මම පටන් ගත්තේ ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධිය මරණයට කැමති වෙනවා. මැරිලා එහෙම නම් අපි ආපහු ඉපදෙන්න ඒකටත් කැමති වෙනවා. එතකොට මේ cycle එක හොඳට බැලුවහම ඉතින් සමාධියක් හොඳට ඇති වෙනවා. ඉතින් අපි ඔය විදිහට ඔය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ඕක වටහා ගත්තහම, අපි කලින් පෙන්නුවා භාවනාවේ දී මේ වෙනකොට කාරණා එකොළහක් එයාට වැටහුණා. තේරුණේ නැත්තේ කාරණාව යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයයි කියන එක. එතකොට ඒ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එකට අපි ආවා නම් එහෙම නම් අපිට පේනවා අර මරණයේ ඉඳන් ව්‍යාධියට, පරිදේවයේ ඉඳන් සෝකයට කැරකෙන එක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට. අප්‍රියේහි සම්ප්‍රයෝගයට ආවා නම් ප්‍රිය වූ දෙයක් ඇතියි කියලා අපි රූප සොයාගෙන යනවා. ඒ කියන්නේ අපි යනවා අර ජාතිය කියන තැනින් හරහා අපි යනවා උඩට අපි දන්නවා ජාතියට කලින් එනවායි කියන එක. එතනින් අපි උඩට යනවා අර රූපයට. ඒ කියන්නේ ප්‍රියයි කියලා කියන්නේ මොකක් ද සුභයි. ඒ කියන්නේ සාතයි. සාතයි කියන එක. එහෙනම් ඒ පාර අපි සාතයි කියන කතාවට වචනය එනවා.
එතකොට එහෙනම් pair එක. ඇයි උඩ තියෙන්නා වූ ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි. ඉතින් දැන් බලන්න ඔන්න ඔය රේඛාව 90° න් කැරකෙව්වොත් කොහාට ද යන්නේ වේදනාව හරහා? කෙළින් ම යන්නෙ චේතනාවට. ඉතින් රහතන් වහන්සේ පෙන්නනවා 90° ක් කැරකෙන්න ඕන නැහැ 47° ගියා නම් වැඩේ හරි. දැන් සම්බන්ධ වෙනව නේ ඉස්සෙල්ලා 47°යි දැන් 47°යි. මේක ම තමයි අතෙන්ට ගිහින් තියෙන්නෙ චේතනාව කියන එක. එතකොට එහෙම නම් දැන් අපිට හැදෙනවා වේදනා චේතනා, චේතනා පරාමාස. උපය. උපය කියන ධර්මයට අපි එනවා. එතකොට අපි දන්නවා මේ තණ්හාවයි ඒ අත්තා කියන දිට්ඨියයි. තණ්හාවයි දිට්ඨියයි උපය කියන්නෙ. එතකොට එහෙම නම් තණ්හාව, වේදනා චේතනා. චේතනා පරාමාස, එතන අත්තා. දැන් එතකොට අපි ඔයගොල්ලන්ට මතක ඇති අපි ඕක බැලුවා ඒ භාවනාව තණ්හා පච්චයා උපාදාන කියන භාවනාව 11/08/2015 කරපු භාවනාව. ඉතින් ඔතනින් ආවා නම් අපි ඉගෙන ගත්තා දැන් ඔය දිට්ඨි උපාදානය කියලා කිව්වහම චේතනා පරාමාස, භය අගති වේදනා. ඔන්න ඔය රේඛා දෙකෙන් නිරූපණය වෙනවා උපාදානය කියන එක. දිට්ඨි උපාදානය.
දැන් එහෙනම් ඕක සම්බන්ධ කරන්න ඊයේ භාවනාවත් එක්ක. ඊයේ භාවනාවේ දී අපි දන්නවා අර උඩ තියෙන්නා වූ නිත්‍ය කතාවයි පල්ලෙහා තියෙන්නා වූ නිත්‍ය කතාවයි මරණය දැන ගත්තහම නැති වෙනවා කියන එක. උඩින් එන අර instance එක පල්ලෙහායින් තියෙන class එක. එහෙම නම් අපි class එකෙන් පටන් ගමු. Class එකෙන් පටන් ගත්තොත් අපි දන්නවා ඔතන තියෙනවා අවිද්‍යා ආශ්‍රව කියන කතාව. අවිද්‍යා ආශ්‍රව කියන එක තියෙනවා නම් අපිට දිට්ඨි ආශ්‍රවය ඇති වෙනවා. දිට්ඨි ආශ්‍රවය ඇති වෙනවා නම් දිට්ඨි සල්ලය ගිහිල්ලා එයා සඤ්ඤාව අල්ල ගත්ත පල්ලෙහාට අරක දිගේ බහිනවා භය අගතිය දක්වා එය එනවා කියන එක. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා ඔය රහතන් වහන්සේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා ඒ රේඛාවේ දිට්ඨි උපාදානය කියන එක, ඒක එහෙනම් අර class එක මගින් ඇති වුණා වූ දෙයක්. හරි නේ. භය අගතියේ ඉඳන් සෝක වේදනා. ඕක තමයි class එකෙන් එන්නා වූ එක.
ඊළඟට ආපහු තියෙනවා අත්තවාද උපාදානය කියන එක. එතකොට ඒ අත්තවාද උපාදානය කියන එක කොහොම ද අපි ලකුණු කරන්නෙ? සෝකයයි, වේදනාවයි, වේදනාවේ ඉඳන් පරාමාසයට. එතකොට දැන් පේනවද මේක මේ instance එක කියලා. අර උඩ නිත්‍යයි කියලා ඇති වෙච්ච කෑල්ල තමයි අපි මේ සෝකයේ ඉඳන් වේදනාවට. පේනවද දැන් එහෙම නම් මේ හැදිලා තියෙන්නේ අත්තානුදිට්ඨිය. කෑලි දෙකයි. එකක් තමයි අර ලොකු එක, භය අගතියේ ඉඳන් වේදනාවට. ඊට පස්සේ සෝකයේ ඉඳන් වේදනාවට. අර මුළු class එකයි පොඩි කෑල්ලයි. චුට්ටක් තිබුණ නම් ඇතියි කියන එක නේ මේ පෙන්නන්නේ. ඒ කියන්නේ අර අත්තවාද උපාදානය කියන ධර්මය ගත්තහම ඉතින් ඒ දිට්ඨි අනුසයේ ඔය කෑල්ල කියන එක අපිට ඇති වෙනවා.
එතකොට ඉතින් මේ අද භාවනාව ඉතින් දිට්ඨි අනුසය කියන එක. ඒ කියන්නේ දැන් අපිට පේනවා දැන් අපේ කතාව ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා අනුසයෙන්. ඊයේ භාවනාවේ අර්ථය තියෙන්නෙ අවිද්‍යා අනුසයෙන් නේ ද? දැන් අවිද්‍යා අනුසයෙන් ම දැන් මෙතන මේ දිට්ඨි අනුසය හැදිච්ච හැටියි පෙන්වන්නෙ. දැන් දිට්ඨි අනුසය හැදුණ නම් ආපහු ඒ අවිද්‍යා අනුසය කියන එක එයා හදන්නා වූ ඒ කාරණාවන් එයා කරනවා. ඇයි? දැන් දිට්ඨි අනුසය තියෙනවා නම් වේදනා භය අගති රේඛාව wiper එක ආපු ගමන් එන්නෙ කෙළින් ම අවිද්‍යා අනුසය කියන එකට. ඉතින් අර තනිකර මේක අර සුභය උඩ නේ දුවලා තියෙන්නෙ. ඔක්කෝම ටික. එතකොට ඒ සම්පූර්ණ එක මේ විදිහට පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.