ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියේ. ඒක කරගෙන ගියහම දැන් ඔයගොල්ලන්ට මතකයි අපි ඊයේ ඉගෙන ගත්ත අර දිට්ඨි අනුසය කියන භාවනාව. දිට්ඨි අනුසයෙන් wiper එක වගේ අවිද්‍යා අනුසය ඇති වෙනවා. දිට්ඨි අනුසය ඇති වුණේ අවිද්‍යා අනුසය නිසා. අර සුභය කියන කතාවත් එක්ක ඒක සනාථ කරලා නිත්‍ය වෙලා තමයි ඒක ආවේ. එතකොට දැන් අපි ඊයේ ඉගෙන ගත්ත 47° ක් අර රේඛාව කැරකුණා නම්, වේදනා කබලිංකාර රේඛාව 47°ක් කැරකුණා නම් ප්‍රමාණවත් ය කියලා. එතකොට දැන් මේකේ කියවෙන්නේ මොකක් ද, ඕකෙදි අපි බලන්න ඕනේ අර ජරා වේදනා අසම්පජාන කියන රේඛාව.
ඉතින් අපි ඔය ඊයේ භාවනාවේ මම වටහා ගත්ත දෙයක් තමයි ඒ අසම්පජානය නැත්නම් තණ්හාව නැහැ. එහෙම තණ්හාව නැත්නම් විඤ්ඤාණ ධාරාව නොගලනවා. ඉතින් මෙහෙම රූප සොයන්නේ නැත්නම් සාත වෙන්නෙත් නැහැ, නාමරූප ඇති තැන අර සුභ නොවීමත් කියන එක මම ඊයේ භාවනාවේ මම සිහි කළා. එහෙම වුණා නම් රෝදය කැරකීම නතර වෙනවා කියලා. එතකොට ඒක නවතින්නේ නිකම් නෙමෙයි අර සඤ්ඤාවෙන් අල්ල ගන්නේ නැති වෙන්න ඕනේ. දිට්ඨි සල්ලය ගිහිල්ලා ඒ වෙන්නා වූ කොටස. ඒක සිද්ධ නොවෙන්න ඕනෙ.
එතකොට දැන් ඉතින් මේ අද භාවනාවේ දී මට තේරුණේ ඔය අසම්පජානය තියෙන රේඛාව තියෙන තැන ඊළඟට ගත්තහම අපි කිව්වා 47° ක් කැරකිලා එන එක. එහෙනම් ඒ කියන්නේ මේ දෙක match වෙන්න ඕනේ. ඉතින් මේක match වෙනවා කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මේක දිට්ඨි අනුසය, කබලිංකාර ආහාරයට යන්නා වූ එක. මේකයි wiper එක වාගේ කැරකෙන්නේ. ඒක අවිද්‍යා අනුසය. එතකොට අතන හරියට ම අර තැනට එනවා. මෙහෙන් සුභයි කියලා මේ පැත්තෙන් එන එකයි මගේ ඇතුළේ තිබිච්ච එකයි දෙක ම එක තැනකට මේකෙ ඇවිල්ලා. මේකෙන් තමයි මේක වෙන්නේ කියන එක. ඉතින් ඔතන සිත නතර වෙනවා.
ඒ විදිහට ගත්තහම ඉතින් මේ දැන් අද ඒ භාවනාව කරන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේ කිව්වා මට අර උපාදාන පච්චයා භවො කියන එක කරන්න කියලා. ඒ භාවනාව බලන්න ය කියලා. ඒක අපි බැලුවේ 12/08/2015. ඉතින් අර ඊයේ භාවනාවේ දී අපි ඉගෙන ගත්ත තණ්හාව ඇති නම් ඉතින් දිට්ඨි අනුසය වීමත් ඒකෙන් නැවතත් අවිද්‍යා අනුසය වීමත් කියන එක අපිට වැටහීම තියෙනවා. දැන් මේක නිසා ධාරාව දැන් ගලනවා. එතකොට ධාරාව ගලනවා නම් ඉතින් hub එක භ්‍රමණය වීම කියන එක සිද්ධ වෙනවා. Hub එක භ්‍රමණය වීම කියන එක භවයයි කියලා අපි ඉගෙන ගත්තා. අර උපාදාන පච්චයා භවො. දැන් ඊයේ අපි දිට්ඨි උපාදානය වෙනකම් ආවා. උපාදාන පච්චයා භවො.
එහෙම නම් ඒ අපි මේ කියන්නේ මොකක් ද, අපි ඒ භාවනාවේ දී ඉගෙන ගත්තා භය අගති සෝක කාම ආශ්‍රව, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව, පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව. මේ තුන් ධර්මය නිසා hub එකේ කැරකීමක් ඇති ද මෙය භවයයි කියලා ඉගෙන ගත්තා. ඒ භාවනාව බලන්න ම ඕනේ. මේ භාවනාව කරන්න නම් ඒ භාවනාව බලන්න ම ඕනෙ. එතකොට ඉතින් මේ විදිහට අපි මේ උපාදාන පච්චයෙන් මේ විදිහට භවය ඇති වෙනවා. මෙසේ ඇති වෙන්නා වූ, ඒ කියන්නේ භ්‍රමණය, කරකැවීම, වන්නා වූ hub එක කෙරෙහි යම්කිසි රාගයක් ඇත්ද මේක භවරාග අනුසය වෙනවා කියලා රහතන් වහන්සේ කිව්වා. එතකොට මේ කරකැවීමක් උඩයි මේක තියෙන්නෙ. ඒක තමයි භවරාග අනුසය.
ඉතින් ඕක හරි පුදුමාකාර භාවනාවක්. මට මිනිත්තු දහයක් ගියේ නෑ මේක කරන්න. ඉතින් මේකේ සිත නතර වෙනවා කියන්නේ සිත දුවන්නේ නැහැ. පුදුමාකාර නතර වීමක් තියෙන්නෙ. ඒ පාර දැන් රහතන් වහන්සේ මට ඇතියි කිව්වහම මම මේක දැන් වැඳ නමස්කාර කරලා මිනිත්තු දහයක් ගිහිල්ලා නැහැ ඒත් කමක් නැහැ කියලා මම දැන් මේක කියන්නයි කියලා හිතලා ආපහු බලන්න හදනවා. බලන්න බැහැ. කිසිම ආකාරයකින්, මම කියන්නේ පස් පාරකට වඩා වැඩියි මම උත්සාහ කළා මේක ආපහු මේ අයට කියන්න මම කොහොම ද මේක පටන් අරගෙන යන්නේ කියලා. අර point එක අර 47°, ඒ point එක touch කරන්න එපා ය. එතන්ට ආපු ගමන් මේක නතර වෙනවා. එතනින් එහා පැත්තට කෙළින් ම dementia. මොනවක්වත් හිතන්නත් බැහැ, හිතන්න ඕනත් නැහැ. එහෙම්ම ම නතර වෙලා තියෙනවා. පුදුමාකාරයි ඒ භාවනාව.
ඉතින් ඔහොම ගිහිල්ලා ඒ පාර ඔන්න දැන් අපිට සිංදු එහෙම ඇහුණ නේ. ඔන්න ඉතින් ඒක ඇහුණා ම වෙලාව දැන් ඉතින් ඕක තියෙන්නේ ඉතින් ඕවා නිසා මනුස්සයෝ නටනවා. ඕක නේ තියෙන්නෙ. එතකොට දැන් සිංදුව නතර වුණා. ඒක නතර වුණහමත් අර නැටීම කියන එක තියෙනවා නම් අරක නැහැ. තමන්ගේ ඇතුළෙන් නැටීම කියන එක තියෙනවා නම් එහෙනම් ජාති කතාව ඒක සිද්ධ වෙනවා. ඒකත් හරි ලස්සනයි උදාහරණෙත් එතන ගානට ආවා. ඒ කියන්නේ උඩින් එකයි යටින් එකයි. උඩ තියෙන්නේ අරක රූපයත් එක්ක සම්බන්ධ වෙලා එන එක. කබලිංකාර ආහාරයෙන් මේක මෙහෙම වෙලා එන එක. පල්ලෙහා තියෙන්නේ මගේ දිට්ඨි අනුසයෙන් අවිද්‍යා අනුසයට මෙතනින් එන්නා වූ එක. ඒ කෑල්ල. උඩ කෑල්ලයි යට කෑල්ලයි. උඩ කෑල්ල නැති වුණාට කමක් නැහැ යට කෑල්ල තියෙනවා නම් වැඩේ කෙරෙනවා. නටනවා කියන එක. අර නටපු එක මනසේ තියෙනවා. ඉතින් ඒකත් මම හොඳට දැක්ක.
ඒක තමයි මං කරපු භාවනාව.