Date: 04/11/2015 Name: Raga Anusaya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, ඒ වගේ ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඔය විදිහට සිහි කරනකොට ම පළවෙනි එකට ම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට අපිට පේනවා අර පවතිනවා කියන එක තියෙන තැන අත්තා. පසු අත්තා. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් සිහි කරනකොට මෙතන දැන් අත්තා. ඊළඟට ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට දැන් අත්තා තියෙන්නේ පරාමාසයේ ඉඳන් උඩ චේතනාවට, දැන් තියෙනවා වේදනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා.

ඉතින් ඕක හොඳ ලස්සනට connect වෙන්න ඕනේ පහුගිය දවස්වල පෙන්නුවා නේ ඔය අත්තා ධර්ම තුන ගත්තහම මුල මතක ද, අපි බැලුවා සුඛ කියන එක නාමරූපය කියන තැන තියෙන එක, ඒක පුස්සක්. ජීවිත ඉන්ද්‍රිය ළඟ නිත්‍යයි කියන එකත් පුස්සක්. එතකොට ඊළඟට ගත්තහම අර දැන් අත්තා කියන එක ස්පර්ශයයි සඤ්ඤා ඒ වගේ ම වේදනා, නේ ද? ඒකෙ නේ නිරූපණය වෙන්නෙ. ඉතින් එතනත් කිසිම දෙයක් නැහැ. ස්පර්ශය විතරයි නේ එතන තියෙන්නෙ. එතකොට දැන් ඔය රහතන් වහන්සේලා මට එතන ඒ අත්තා ධර්ම තුන ම පරාමාසයට ඉරි කෑලි තුනකින් වගේ සම්බන්ධ කරලා පෙන්නුවා. ඉතින් මට දැන් එතන බොහොම හොඳයි.

දැන් අද භාවනාව කරන්න ඉස්සෙල්ලා මට කිව්වා ඒ භව නිරොධො ජාති නිරොධො කියන භාවනාව බලන්න ය කියලා. ඒ භාවනාවේ පෙන්නනවා අර අපි දන්නවා ථීනය ඇති වුණා කියන්නේ ඉතින් ව්‍යාධි ස්වභාවය නේ. එහෙම නම් එතනින් අපි අර අත්තා කියලා ගිහින් තියෙනවා. එතකොට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට අත්තා කියන ධර්මය එන හැටි අපි කලින් ඉගෙන ගත්ත. අර 1-3 මෝහයට එහෙම ඇවිල්ලා එන එක නේ. එතකොට එහෙනම් ඒ භාවනාවෙදි අපිට පේනවා අපි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අපි එනවා ජාතියට පාරවල් තුනකින්. ඊළඟට ජාතියේ ඉඳන් වේදනාවට, වේදනාවෙන් චේතනාවට, චේතනාවෙන් ථීනයට. ථීනයෙන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, අර අත්තා කියන එක. දැන් භවය කියන එක නිරෝධ වෙන්න නම් පාරවල් තුනකින් ජාති වීම කියන එක නිරෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අප්‍රියේහි සම්පයොගය, උපායාසය, ජාති, even පථය.

ඊළඟට ප්‍රියේහි විප්පයොග, ජාති, odd පථය. ඊළඟට අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව කියන එක. දැන් ඔය භාවනාවෙම අපි පෙන්වලා දීල තියෙනවා අර 4.4 රූපය මැරුණා. ඔය ආනෙඤ්ජ සප්පාය භාවනාවෙදි ඒ කෑල්ල පෙන්නලා තියෙනවා. 5.4 දෝමනස්ස සුඛ වේදනාවේ මරණය. ඉතින් ඕක ඇඳ ගත්තහම මතක ද අපි ඒකෙ ඇඳලා තිබුණේ අර වේදනා, භය අගති රේඛාව. එතකොට ඒකෙ තියෙනවා සෝකය. පරාමාසයේ ඉඳන් සෝකයට රේඛාවක් තියෙනවා. සෝකය තියෙන තැන 4.4, රූපය මළා කියන එක. ඊළඟට 5.4 තියෙන්නෙ ජරාව ඒ අප්‍රියේහි සම්පයොගය. ඒ රේඛාවේ එතන තියෙන්නෙ. එතකොට දැන් අපිට පේනවා දැන් 5.4 සුඛ වේදනාව මළා කියන එක තියෙනවා. 4.4 රූපය මළා කියන එක තියෙනවා.

දැන් බලන්න ඔය රේඛාව, දැන් භය අගති, වේදනා රේඛාව කියන එක තමයි දිට්ඨි අනුසය රේඛාව. දැන් ඕක නේ අපි කැරකිලා එනවා කිව්වේ අර ජරාව තියෙන තැනට, නේ ද? ජරා වේදනා කියලා කැරකිලා එනවා. ඒ කියන්නේ අපි එහෙම නම් මේ කතා කරන්නෙ අපි සෝකයේ ඉඳන් ඔය දෝමනස්සයට යන්නා වූ කෑල්ල. ඉතින් බැලුවහම අර්ථ වශයෙන් පේන්නෙ පොඩි කෑල්ල කැරකෙන එක විතරයි. උඩ තියෙන්නෙ අප්‍රියේහි සම්පයොගය කියන එක. ඉතින් අතන අර ඒක දන්නව නේ සුඛ වේදනාවේ ව්‍යාධිය කියන එක තමයි එතන තියෙන්නේ. එතකොට ඒ වගේ ම ඒ අර කලින් භාවනාවේ පෙන්නලා දීල තියෙනවා, අපි ඊයෙත් ඕක සාකච්ඡා කළා අර චේතනා, ඉදංසච්ච, අර අලුත් සංස්කාර, එතකොට අපි කියමු ඒක A කියලා.

ඊළඟට ආපහු ඉදංසච්චයෙන් ඒක පරාමාසගත වෙනවා. ඒකේ පැවතිය හැකියි කියන එකයි ඒ එන්නෙ. ඊළඟට ආපහු තියෙනවා අර පවතිනවා කියන එක මෝහ අගතියේ ඉඳන් පරාමාසයට එනවා අපි ඒක B කිව්වොත් ඔය A, B කියන එක නිසා, ඒ කියන්නෙ අලුත් සංස්කාර, ඒකෙ පැවතිය හැකියි කියන එකයි පවතිනවා කියන එක පරාමාසගත වෙනවා කියලා අපි ඉගෙන ගත්ත. එතකොට එහෙම නම් පරාමාසය තුළ තියෙන්නෙ පවතිනවා පැවතිය හැකියි කියන එක. පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව. දැන් අපි ඊයේ භාවනාවේ core එකක් හැටියට තියෙනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියන එක.

එතකොට අද අල්ලගන්න මේ පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රව තුළ කරකැවීම නිසා ආස්වාදය. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්ත මේක hub එක කැරකෙනවා නම් ඔය කාරණා තුන උඩ, ඒ කියන්නෙ අපි දන්නවා අර භය අගති සෝක කාම ආශ්‍රව, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව, පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව. මේ තුන නිසා කැරකෙනවා, ඉතින් ඒක තමා භවය, ඒකට අපි කැමති වෙලා රාගයක් ඇති වෙලා ඒක තමයි අපිට ඇති වෙනවා කියලා භවරාග අනුසය. එතකොට ඒක කැරකුණහම ආස්වාදය යනවා අවිද්‍යා ආශ්‍රවය කියන එකට. දැන් එහෙම නම් ඉතින් මේක. දැන් තව චුට්ටක් කැරකුණහම කොහාට ද එන්නෙ? දැන් අපි බැලුවා මෙහෙම තිබිච්ච දිට්ඨි අනුසය රේඛාව කැරකුණා 47° ක් වුණා නම් ඉතින් ප්‍රමාණවත් කිව්වා, අන්න අපි ආවා අවිද්‍යා අනුසයට. ඕක තව චුට්ටක් කැරකුණා නම් ඔය වේදනාව හරහා, ජාතිය නේ ද? අන්න එහෙම නම් ජාතියේ ඉඳන් ඔය වේදනාව දක්වා තියෙන්නා වූ රේඛාව තියෙනවා නේ. ආන්න ඒක තමයි අපේ රාග අනුසය කියන එක වැටෙන්නේ.

ඒ කියන්නේ මෙතන රාග අනුසය කිව්වහම අර ජාතිය ඇති වෙන්න තිබෙන්නා වූ ඒ කැමැත්ත කියන එක තියෙනව නේ. ඒකයි, අතන වේදනාවයි. බලන්න සුඛ වේදනාවක රාග අනුසය. දැන් අපේ ඒවා ඇත්තට ම කියනවා නම් මැරිලා. දැන් අපි පෙන්නුවේ මේක සෝකයේ ඉඳන් අපි ඇවිල්ලා තියෙන්නෙ දෝමනස්ස 5.4 සුඛ වේදනාව මැරිලා. තාමත් අපි හොයාගෙන යනවා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි ඒ මං කරපු භාවනාව.

මම ඒ රාග අනුසය කියන එක දක්වා ආවා එතෙන්දි. ගත්තහම අපිට වෙන්නෙ මොකක් ද? අපේ දැන් තියෙනවා, වේදනාව තියෙනවා. දැන් මෙතන අර වේදනා, නාමරූප, පරාමාස සෝක. හතරැහැට ඇවිල්ලා තියෙනවා. මේ පොඩි එකට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට අර පරාමාසයේ ඉඳන් සෝකයේ කතාව කියන්නේ අර මාළුවා කොහොම හරි ගහලා මේක දෙපැත්තට කරකවලා එන එක නේ තියෙන්නෙ. ඉතින් එතනින් වේදනාව උඩ අර නාමරූපය ළඟ බොරුවට සුභයි කියන එක. ඔය හතරයි කියන එක. ඒක උඩ අපි මේ පවතිනවා කියලා ඒ කතාවක් ගෙනියනවා.