ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
එතකොට මගේ භාවනාවෙදි බැලුවේ, දැන් අපි ඊයේ භාවනාවේ අවසානයට අපි ඉගෙනගෙන තියෙනවා වේදනා, නාමරූප, පරාමාස, සෝක කියලා. එතැන දී ඒ නාමරූප කියන තැන අපි ලියාගත්තා සුභ කියන මුසාව කියන එක. ඊළඟට පරාමාසය තියෙන තැන ඉතින් අර මාළුවා කොහොම හරි කරකවලා විඤ්ඤාණ ධාරාව ආපහු හදා ගන්නවා. එතකොට සෝක වේදනා. ඉතින් ඕක වේදනාවෙන් නාමරූප, නාමරූප පරාමාස, පරාමාස සෝක, සෝක වේදනා කියලා පොඩි square එකකට අපි ආවා.
රහතන් වහන්සේ කිව්වා මට භාවනාවට ඉස්සෙල්ලා බලන්න ය කියලා අපි කරලා තියෙනවා මේ මච්ඡරිය 3 භාවනාව. ඒ මච්ඡරිය 3 භාවනාවේ දී අපි ආපහු ඔය වගේ square එකක් සාකච්ඡා කරනවා අපි. ඒකෙ තියෙන්නෙ පරාමාස ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච පරිදේව කියන එක. පරිදේවයෙන් ආපසු පරාමාසය. අර π අකුරෙන් ආපහු connect වෙලා හදනවා කියන එක තියෙනවා නේ. එතකොට මේ squares දෙක අපි join කළහම පරාමාසය හරහා ඉතින් හරි ලස්සනට විඤ්ඤාණ ධාරාව ගලන විදිහ අපිට පේනවා. ඒ වේදනාවෙන් නාමරූප තියෙන තැන සුභයි කියලා ලකුණු වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක පරාමාසයට. දැන් ඉතින් එක එක විදිහේ patterns පේනවා. මොකද දැන් එතැනින් පරාමාසයට ආවා නම් ජීවිත ඉන්ද්‍රියට එතැන නිත්‍යයි කියලා ලකුණු වෙනවා. ජීවිත ඉන්ද්‍රියෙන් ඉදංසච්ච, ඉදංසච්චයෙන් පරිදේව, පරිදේව පරාමාස. ආපහු එනකොට පල්ලෙහාට සෝකයට ගිහිල්ලා සෝකයෙන් වේදනාව කියන එකට එන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඉතින් මේක ටිකක් බැලුවහම කෙනෙකුට පේනවා ඉතින් මේ වේදනා නාමරූප රේඛාව දික් වෙලා ඉතින් අපිට මේ කෑලි දෙක උඩ නිසා, දැන් squares දෙකක් join වෙනවා නේ පරාමාසයෙන්. මේ දෙක උඩ තියෙන්නේ අර චේතනාව කියන එක. එතන ඒ චේතනාවක් විතරක් glu කරනවා වාගේ තියෙනවා කියන එක පේනවා.
දැන් එහෙම නම් අපි ඊයේ භාවනාවේ තියෙන්නේ මොකක් ද? ඒ ඊයේ භාවනාවෙදි අපි ඉගෙන ගත්තා රාග අනුසය කියන එක. ඒ කියන්නේ ජාති ඉඳන් වේදනාව දක්වා තියෙන එක. එතැන දී අපි කිව්වා ඒ ජාතිය ඇති වීමට ඇති කැමැත්ත සහ සුඛ වේදනාවට ඇති කැමැත්ත රාග අනුසය තුළ ගැබ් ගෙන තියෙනවා කියන එක. ඒ දෙක ම එකට මේ වෙලා තියෙනවා. ඉතින් මෙතන දී ගත්තහම ඔය රේඛාවෙන් අපිට උඩ පැත්තට ගියා ම ජාතිය උඩ රූපය කියන එක නේ කෙළවරට තියෙන්නේ. ඉතින් මෙතන අපිට පේනවා ඉස්සෙල්ලා අපි කතා කළේ අර squares දෙකක් පරාමාසයෙන් join වෙනවා කියන එක. ඔතන ගත්තහම අත්තා කියන එකයි තියෙන්නේ. එතකොට අපිට තියෙනවා චේතනා පරාමාස අර මමංකාර පල්ලෙහායින් අහංකාර. එතකොට ඒ මමංකාර අහංකාර සහිතව මේ අත්තා හැදිලා තියෙනවා. එතකොට එහෙම නම් දැන් අපි රාග අනුසයෙන් අර ජාතියයි රූපයයි කිව්වහම ආන්න එතන අපේ තියෙනවා රූපය. දැන් ඔන්න තමන් රූපය තමා කියලා ගන්නවා කියන එක ඒ කෑල්ලෙ තියෙනවා.
ඊළඟට භය අගතියේ ඉඳන් චේතනාව දක්වා, දැන් අපිට පේනවා නේ ද ලොකුවට හැදෙනවා කියලා, මේ පොඩි එක හින්දා ලොකු එකක් හැදිලා තියෙනවා. උඩ කෙළවර රූපය, මෙතන වේදනාව, පල්ලෙහායින් භය අගතිය. ඊළඟට අනිත් පැත්තෙන් මෙතන ජාතිය වේදනාව චේතනාව. එතකොට දැන් මෙන්න කෑලි දෙක. එතකොට මෙන්න මේ කෑල්ල අපි ගත්තහම රූපය අත්තා කියලා, රූපය තමා කියලා ගැනීමක්. ඊට පස්සේ දැන් මෙතන මේ අත්ත සඤ්ඤාව හැදුණහම දැන් එයාට තියෙනවා තමා තුළ රූපය තියෙනවා කියලා. අත්තා තුළ රූපය තියෙනවා කියලා තමන්ට හැඟීමක් ඇති වෙනවා. මේ කාරණා දෙක දැක්කහම සිත හරි පුදුමාකාරයි. මොකද, අර ඊයේ භාවනාවේ අර්ථය කෙනෙකුට තියෙන්න ඕනේ. ඒක අනුව ගන්නව නම් තමයි ඒක තේරෙන්නෙ. ඒවා නිකන් ඔක්කොම එකට එක්කහු වෙලා තියෙන්නේ. බොහොම ශාන්ත ස්වභාවයන් තියෙනවා. සිත ඒක එකතු කරන්න යන්නෙත් නැහැ.
ඊට පස්සේ දැන් ඊළඟට ආයෙත් ඕගොල්ලන්ට පේනවා විඤ්ඤාණ කෑල්ල. උඩ විඤ්ඤාණය යට මේ මෝහ අගතිය කියන එක. ඉතින් දැන් මේක තුළ මොකක් ද තියෙන්නේ? මෙන්න මේ දෙක නිසා, දැන් රූපය තමා කියලා ගත්තා. තමා තුළ රූපය තියෙනවා කියලා ගත්තා. මේක නිසා තමන්ට ඇති වෙලා තියෙනවා අත්තානු දිට්ඨියක්. ඒක තමයි මෙතන. අත්තානුදිට්ඨිය අපි අතන ලකුණු කරනවා හැබැයි මෙතන. එතකොට මේක ඇයි අත්තානුදිට්ඨිය එතැනට එන්නේ? එතෙන්දි එනවා අපිට ඒ, ඔයගොල්ලන්ට ම ඉතින් හිතලා බලන්න පුළුවන් ඒ කෑල්ල. ඒ කියන්නේ අත්තානුදිට්ඨිය අපි ලකුණු කරලා තියෙන තැන තියෙනවා නේ. ඉතින් ඔතන වේදනාව. මේ විඤ්ඤාණඤ්චායතනයෙන් දැනගන්නේ මෙන්න මේ වේදනාව කියන එක නේ දැනගන්නේ. විඤ්ඤාණයෙන් දැනගන්නේ ඒකයි. එතකොට ඒක නිසා මේ අත්තානුදිට්ඨිය කියලා ඒ පාර තමන්ට පේනවා ඒකේ සම්බන්ධතාවය හැදිලා තියෙන හැටි.
බොහෝ ම මේ කලබලයක් නැති ශාන්ත හොඳට තිබෙන්නා වූ භාවනාවක්. හිත නතර වෙනවා. ඔය කෑල්ල ඔය ටික ඔය විදිහට දැක්කහම සිත නතර වෙනවා කියන එක අර අත්තානුදිට්ඨිය ඒක කියන එක. ඉතින් එතන අර විසිවස්තුක සක්කාය දිට්ඨියේ කොටසක් තමයි මේ පෙන්නුවේ. මේ විදිහට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ යනවා නේ ඉතින් වේදනාව අත්තා ආදී වශයෙන් අරගෙන.
ඒක තමයි මං කරපු භාවනාව.