Date: 06/11/2015 Name: අත්තානුදිට්ඨිය 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඉතින් අර ඊයේ, මට කියන්න බැරි වුණා ඊයේ භාවනාවේ දී තව බුදු පියවරයෙක් අපි දැනගත්තා. ඒ පදුමඋත්තර කියන බුදුපියාණන් වහන්සේ. ඒ ධම්මගවේසි බුදුපියාණන් වහන්සේට පස්සෙ ඉන්නෙ, බුදුන් වහන්සේලා 28 නමකින් බණ අහලා තියෙනවා. එතකොට, ඊයේ භාවනාවේ දී අපි කළේ ඔයගොල්ලන්ට මතක ඇති අර squares දෙකක් සම්බන්ධ කළා, වේදනා, නාමරූප, පරාමාස, සෝක කියන එකයි, අර π අකුරේ හැදෙන පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච, පරිදේව. එතකොට ඔය ධාරාව ගලන විදිහට, ඔයගොල්ලන්ට පේනවා ඉතින් උඩ පැත්තෙන් මමංකාරය කියන එක හැදෙනවා, ඒ කියන්නේ වම් අත පැත්තෙ එක, ඉස්සරහට ධාරාව ගැලුවා නම් චේතනාව දක්වා ගිහිල්ලා එතනින් මමංකාරය සහගත එකක්.

ඊළඟට අනිත් පැත්තෙන් ඔය පරාමාස ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච, පරිදේව, පරාමාස කියන එකෙන් අහංකාරය සහගතව කෑල්ල හැදෙනවා කියලා. එතකොට මේ දෙක බලලා අපි දැන් ඉතින් තේරුම් ගත්ත දැන් අත්තා කියන එක ඇති වෙනවා. ඉතින් ඔය චේතනා, භය අගති ඊළඟට රූප, අනිත් පැත්තෙන් ජාතියේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ ඒ cross එක බැලුවහම අපිට ජාතියේ ඉඳන් ඒ රූපයට, එතැන දී අපි ගන්නවා රූපය තමා කියලා. එතකොට ඕක තමයි අර පාලි භාෂාවෙන් කියන්නේ “රූපං අත්තතො සමනුපස්සති” කියලා. ඒ කියන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, form as self කියලා. ඊට පස්සේ දැන් මෙන්න මේ රූපය, තමා තුළ රූපය ඇතැයි කියලා හැඟීමක් ඇති වෙනවා, ඒ කියන්නේ අර චේතනාවයි භය අගතියයි තියෙන එක. ඉතින් මේක තමයි අර “රූප වන්තං වා අත්තානං” කියලා කියන්නෙ. එතකොට එතෙන්දි අර self as possessing form කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. එතකොට ඒ form එකක් මෙයා තුළ තියෙනවා කියලා, අත්තා තුළ, අර අහංකාරයයි මමංකාරයයි තියෙන එක. ඉතින් ඕකෙන් අත්තානුදිට්ඨිය ඇති වෙච්ච එක අපි ඊයේ සාකච්ඡා කළා.

s_Attanudittiya_2.jpg

අද බලන්නේ එකේ ඉතුරු කෑල්ල. ඒ කියන්නේ අද අපි කල්පනා කරන්නෙ “අත්තනි වා රූපං” කියන එකයි. අත්තනි වා රූපං කිව්වහම, ඒ රූපය අත්තා තුළ. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා form as in the self කියලා. ඉතින් ඕකට ඔයගොල්ලො diagram එකක් වශයෙන් හදා ගන්නවා නම් අපිට එනවා දැන් ජාති, රූප, වේදනා, භය අගති. ජාති, වේදනා, චේතනා. එතකොට මේ cross එක. ඒකෙ උඩ තියෙනවා සඤ්ඤාවක්. එතකොට වේදනාවයි සඤ්ඤාවයි අතර පෙර අත්තා කියලා අපි ලකුණු කරනවා. වේදනාවයි චේතනාවයි අතර අපි ලියාගන්න ඕනෙ සුභයි කියන එක. දැන් එහෙම නම්, චේතනා, පරාමාස, එතන මමං. ඊළඟට, භය අගති, පරාමාස, එතන අහං. එතකොට චේතනාවයි මෝහ අගතියයි, භය අගතියයි විඤ්ඤාණයයි. ඒකත් cross එක වාගේ දානවා. ඉතින් ඔතෙන්ට එන්නෙ අර සංස්කාර කියන ඒක නේ. Mode එක කියලා කිව්ව සංස්කාරය එතෙන්ට එන්නෙ. එතකොට එහෙනම් මේ අත්තනි වා රූපං කියලා කියනකොට, කෙනෙක්ගෙ picture එකක් හැටියට ගන්න ඕනේ සඤ්ඤා, වේදනා, චේතනා කියන line එක. වේදනා, චේතනා කියන line එකේ සුභ කියන එක ලකුණු කරගන්නවා නාමරූප කියන තැන සුභය නේ තියෙන්නෙ. එතකොට වේදනා, සඤ්ඤා අතර අපි ලකුණු කරගන්නවා පෙර අත්තා කියන එක.

එතකොට ඔය පෙර අත්තා කියලා කියන්නෙ රූපය සොයා යෑමේ දී ස්පර්ශ වීමට පෙර යමක් ඇති යැයි මනසේ සටහන්ව ඇති රූප ස්වභාවයක් පමණි. අපේ ඇතුළේ සටහන් වෙලා තියෙන රූප ස්වභාවයක් විතරයි. මේක ස්පර්ශයේ ඇති දෙයක් ඇත්තෙ නැහැ නේ. උදාහරණයක් වශයෙන් ගන්නවා නම් අර නටමින් ඉන්න පුද්ගලයා ඒ නැටවීමට අවශ්‍ය කරන සිංදුව සොයනවා. කලින් සිංදුවක් අහලා එයාව නැටවෙනවා. සිංදුව නතර කරාට පස්සෙ දැන් මෙයා සොයාගෙන යනවා, මගේ මේ නටන එකට හරියන්න ගැළපෙන සිංදුවක් කියලා. එතකොට නැටීම කියන එක සංස්කාරය කියලා ගත්තොත්, ඒකෙ අහංකාරය කියන එක ගැබ්ව තියෙනවා. මම හොඳ ලස්සනට නටනවා කියලා ආදී වශයෙන් තියෙනවා නේ නේ ද. එතකොට එසේ නම් අත්තනි වා රූපං, ඒ කියන්නෙ රූපය අත්තා තුළ කියන එකෙන් පෙන්නන්නෙ මොකක් ද, අහංකාරය තුළ රූපය සෙවීම ඇත. අහංකාරය තුළ රූපය සෙවීම ඇත. Seek delight. රූපයයි සොයන්නේ. අහංකාරය අර සංස්කාරය නිසා නටවනවා කියන එක.

අවුරුදු 16 ක ගෑනු ළමයෙක් ලස්සන නම් ඒක ඉතින් එයා දැන ගන්නෙ අන් අය එයා දෙස බලනවා කිව්වේ. අහංකාර වෙලා තමයි අරක බලන්නෙ. ඔන්න ඔය අර්ථයයි ඕකෙ තියෙන්නෙ. දැන් එතකොට එහෙම නම් අපිට පේනවා අර පල්ලෙහා අහංකාර, උඩ අතන අර අත්තා කියන එක හොයන්න යනවා. සඤ්ඤා, වේදනා දැන් අපි triangle එකක් මතක තියාගන්න කිව්ව නේ. සඤ්ඤා, වේදනා, චේතනා. චේතනාව තැන ඒ සුභය කියන එක. එතකොට එතෙන්දි අපි එහෙම නම් අපි අත්තනි වා රූපං කියන එක අවබෝධ වෙනවා.

ඊළඟට අනිත් කෑල්ල තමයි බලන්න තියෙන්නෙ. දැන් අහංකාරයත් එක්ක බැලුවා නම් ඊළඟට බලන්න තියෙන්නෙ මමංකාරයත් එක්ක. එතකොට එහෙම නම් අපි ආපහු රූපයක් ලකුණු කරගන්න ඕනේ ජාති, වේදනා, චේතනා. ඔතන වේදනාව තමයි significant වෙලා තියෙන්නෙ. එතකොට එතන තියෙනවා අපිට, චේතනාවෙන් පල්ලෙහාට පරාමාසය, එතන මමං කියලා ලියනවා. ඉතින් සුභයි කියන එකත් අර වේදනාවේ ඉඳන් චේතනාවට රේඛාවේ අපි ලකුණු කරගන්නවා. දැන් එහෙම නම් ඔන්න ඔය ජාතියට එන්න තියෙන පාරවල් දෙක තියෙනවා. Odd path එක, පියෙහි විප්පයොගයේ ඉඳන් එන එක. Even path එක උපායාසයේ ඉඳන් එන්නා වූ එක.

MM_06_11_2015.jpg

එතකොට “රූපස්මිං වා අත්තානං” කියලා කිව්වහම එහෙමත් නැත්නම් self as in the form. එහෙමත් නැත්නම් අත්තා රූපය තුළ ඇත. අන්න ඒ වෙලාවේ දී බලන්න ඕනෙ, වේදනාව අත්තා ලෙස ගන්නේ සුඛය නිසා මමංකාරයක් සිදු වේ. සුඛය නිසා නේ මමංකාර කතාවට එන්නෙ. දැන් එම සුඛය මිය ගියා, 5.4. මිය ගියහම ප්‍රිය වූ දෙයක් ඇති යැයි සිතා අර ජාතිය දක්වා odd path එකේ පැමිණෙනවා. එතකොට දැඩි වෙහෙසක් ද තියෙනවා, ඒ කියන්නෙ උපායාසය. මෙය පෙර මෙන් නොලැබේ. මෙය කුණු අඹ විකුණන මුදලාලි සොයා යාම ලෙස සැලකිය යුතුයි.

ජාතිය තියෙන තැනටයි දැන් අපි එන්නෙ. මුදලාලි හොයාගෙන යනවා, රූපය නෙමෙයි, මුදලාලි හොයාගෙන යන්නෙ. එනම් මමංකාරයට ගැළපෙන ජාති සෙවීම කියන එක තියෙනවා. මමංකාරයක් තියෙනවා මගේ, මේකට ගැළපෙන ජාතියක් කියන එක. පේනවද, මේක හරහට ගිහින් තියෙන්න. ඉතින් ඒක තමයි රූපස්මිං වා අත්තානං කියලා කියන්නෙ. ඉතින් මේක පුදුමයි මේ භාවනාව කරනකොට සිත නතර වෙනවා, නිරෝධයට යනවා.

ඉතින් මම අර පදුමඋත්තර බුදු පියාත් දැක්ක. මේ භාවනාවේ සමාධියෙන් ඒකත් එක්ක ම ඒ බුදු පියාගේ රූපෙත් දැක්ක. ඒ මේ, දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැහැ නේ මෙහෙම කාරණාවක් බැලුවහම සිත නතර වෙනවද කියලා. නමුත් අර මුල ඉඳන් බලාගෙන බලාගෙන ඇවිල්ලා දැන් හැදිලා තියෙන මුසාව ඉතින් පේනවා නේ අත්තානුදිට්ඨිය නේ මේ පේන්නෙ. ඒක නිසා ඒ සිත නතර වීම කියන එක තියෙනවා, නිරෝධයට යනවා කියන එක, බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.