ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා සිහි කරනකොට මට ආවේ මේ පැවතිය හැකි ය කියන එක උඩ මේ පවතිනවා කියන එක ඇති වෙනවා කියලා. එතකොට මේ භාවනාවේ අද තියෙන්නේ දැන් අපි ඊයේ ඉගෙන ගත්තා, රූපස්මිං වා අත්තානං කියලා.
එතෙන්දි අපි ඉගෙන ගත්තා අර ජාති වේදනා චේතනා, එතන චේතනාවේ ඉඳන් පරාමාසයට මමංකාරය අපි සුභ කියන එක වේදනා චේතනා රේඛාවේ ලකුණු කරගත්තා. ඉතින් අපි කිව්වා එතන වේදනාව තමයි අත්තා කියලා ගන්නේ කියලා, ඒ සුඛය නිසා මමංකාරයක් සිද්ධ වෙනවා, ඉතින් දැන් එම සුඛය මිය ගියා ම 5.4, ඒ ප්‍රිය වූ දෙයක් ඇතැයි කියලා ජාතිය දක්වා odd path එකේ පැමිණෙනවා. ඊළඟට කිව්වා දැඩි වෙහෙසක් ඇති වෙනවා කියලා, උපායාසය, even path එක එතන තියෙනවා. ඉතින් මේක පෙර විදිහට ලැබෙන්නේ නැහැ. මේක අර කුණු අඹ විකුණන මුදලාලි සොයා යාම ලෙස සැලකිය යුතු ය කියලා අපි ඉගෙන ගත්තා ඊයේ. එහෙමත් නැත්නම් කිව්වා මමංකාරයට ගැළපෙන ජාතිය සෙවීම ඇත කියලා. ඉතින් අද භාවනාවට ගත්තේ ඔන්න ඔය කාරණාව.
රහතන් වහන්සේ කිව්වා අර මච්ඡරිය 3 භාවනාවේ අපි හදාගත්ත diagram එකක් තියෙනවා ඒක බලන්න කියන එක. ඒ කියන්නේ මේ විදිහට අපි ආවා නම් ඉතින් අපි දන්නවා අර π අකුරේ සම්බන්ධ වෙලා කරන්නා වූ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අර අභිජ්ඣා, කෙනෙකුට ඒක ලකුණු කරගන්නවා නම් ඉතින් අපිට පටන් ගන්න පුළුවන් ඉතින් පරාමාසයෙන් එතන අභිජ්ඣා 1, ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය, ඊට පස්සේ අර 2 ඉදංසච්චය, ඉතින් ඔතනට ගිහිල්ලා කැරකිලා ආවා නම් අර චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා ඒ අත්තා කියන එක හැදෙනවා, 3 වෙනි එක හැටියට. ඉතින් දැන් මමංකාරය හැදිලා තියෙනවා නම් අපි දන්නවා අර ජීවිත ඉන්ද්‍රිය ළඟින් ඕක අර 90°ට මෙහෙම කැරකිලා යනවා triangle එක ඉතින් විඤ්ඤාණය සකස් වුණා නම් අන්න නිත්‍යභාවය කියන එක තියෙනවා. දැන් නිත්‍යභාවය කියන එක අපිට ආවා නම් ඉතින් එකේ පසු සඤ්ඤාවට එනවා අපි එහෙම නම්. Diagram එකේ නිත්‍යයි පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය. ඔය දිට්ඨි ආශ්‍රවයට ආවට පස්සේ දැන් අපි ඕක හිතන්න ඕන, අපි හිතමු ඕක පාටකින් ලකුණු කරගන්නවා කියලා, දැන් නිත්‍යයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට අපි හිතමු රතු පාටින් ලකුණු කරනවා කියලා, එතනින් අපි එනවා දිට්ඨි ආශ්‍රවයෙන් ආපහු දිට්ඨි සල්ලයට. ඒකත් අපි රතු පාටින් ලකුණු කරගන්නවා.
ඊට පස්සේ දිට්ඨි සල්ලයේ ඉඳන් සඤ්ඤාව දක්වා එන එකත් අපි රතු පාටින් ලකුණු කරගන්නවා. සඤ්ඤාවෙන් චේතනාව වෙලා දැන් අපි ආපහු එනවා දිට්ඨි ආශ්‍රවයට, දිට්ඨි ආශ්‍රවයට ආවා කිව්වා නම් ඉතින් අපි දන්නවා ඔය අට වෙනි රවුම එහෙම ඒවා වෙලා නේ ද, දැන් ඔතෙන්ට අවට පස්සේ ඔය දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් අපි එනවා කාම ආශ්‍රවයට. ඒ කියන්නේ අර සඤ්ඤාව දක්වා දැන් මම කිව්ව නේ අර රතු පාට පාරකින් ගිහිල්ලා ආවා කියලා. අන්න ඒක සිදු වුණා නම් තමයි කාම ආශ්‍රවය ඒක සිද්ධ වෙන්නේ. අර සඤ්ඤාව confirm කළා. අර පත දෙකකින් ගිහිල්ලා ජාතිය දක්වා ගියා නේ පාරවල් දෙකකින්, odd path එකයි even path එකයි ගිහිල්ලා දැන් අර සඤ්ඤාව ම එයා confirm කළා දැන් මේක හරියි කියන එක.
එතකොට ඒ කියන්නේ සුඛයි, සුඛ කියන සඤ්ඤාව. එතකොට දැන් වෙන්නේ මොකක් ද, මෙයා දැන් කාම ආශ්‍රවයට, දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ආවා. සුඛ කියන සඤ්ඤාව කියන එක ආවා. මේකෙන් අනතුරුව තමයි ඔය භය අගතිය කියන එකට දැන් අපි දිට්ඨි ආශ්‍රවයට ඔය විදිහට ඇවිල්ලා තියෙනවා නම් දෙවෙනි පාරට, මෙතනින් යනවා භය අගතියට. එයා යනවා වේදනාවට. එතකොට දැන් ඔන්න එයාගේ වේදනාව අතන සුඛයි කියන එක එයා ඇවිල්ලා තියෙනවා. පල්ලෙහායින් ඉතින් කාම ආශ්‍රවයට ආවා නම් දන්නවා රාග සල්ලයට ආවා අර ජාතිය අපි ආපහු රූපයට යනවා. එතකොට ඔන්න ඔය තුන් ධර්මයන්ගේ, ඒ කියන්නේ ජාතියයි අතනින් අපි කතා කරපු රූපයයි ඒ වගේ ම මෙතනින් දැන් ආපු වේදනාවයි, ඔන්න ඕකේ යම්කිසි align වීමක් තියනවද, අන්න එක තමයි භූත වූවා කියන්නේ. භූතා වා සම්භවෙසී වා කියන්නේ. භූත උණා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. අන්න එතෙන්දි තමයි එයාගේ ඒ පහළ වීම කියන එක මෙතනින් මෙයා ඇති කරගන්නවා කියන එක. එතකොට මතක තියාගන්න වේදනාවයි ජාතියයි අතනින් රූපයයි කියන එක.
ඉතින් ඕක තමයි මම කරපු භාවනාව. ඉතින් ඒකේදි සිත නතර වෙන ඒවා, ඉතින් එක එක ඒවා පේන දේවල් ඕවා ඔක්කෝම ඒ නිරෝධයට යන ඒවා ඔක්කොම එක සිද්ධ වෙනවා.
ඒක තමයි භාවනාව.