Date: 08/11/2015 Name: Dukka Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඉතින් ඒකේ අපි දන්නවා අර භූත වීම කියන එක. අපි රතු පථයක් ඉගෙන ගත්තා ඒ දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, සඤ්ඤා, චේතනා හරහා නැවතත් දිට්ඨි ආශ්‍රවයට ගිහිල්ලා ගමන් කරලා මෙතනින් කාම ආශ්‍රවය කියන එක පළමුවෙන් සිද්ධ වෙනවා කියලා ඊට පස්සේ අපි මින් අනතුරුව භය අගතියට යනවා කියලා.

එතකොට, ඉතින් දැන් මේ භූත වෙලා නම් තියෙන්නේ දැන් ඉතින් මේකට විසඳුමකුත් තියෙන්න එපෑය, නේ ද. ඉතින් අපි තේරුම් ගත්ත නේ ඉතින් භූත උණේ නිකම් නෙමෙයි නේ, අර වේදනාව සුඛ කියලා. සඤ්ඤාව සුඛයි කියලා ආවා. භය අගතියෙන් ඇවිල්ලා වේදනාව සුඛයි කියන එකට ආවා.

ඔය දෙක උඩ නේ ඔය අපි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නම් සුඛ වේදනාව නිසා ජාතිය කියන එක ඇති වුණා. එතකොට මේක නිකම් නෙමෙයි සිද්ධ උණේ මේ කාමයේ වරදවා හැසිරීම මගින් තමයි සිද්ධ උණේ. එහෙම නම් සංස්කාර එතන තියෙනවා. එහෙම නම් අපිට මෝහය කියන එක තියෙනවා. ඉතින් එතකොට ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ජරාව. ඉතින් මේ කියන්නේ මොකද්ද එහෙම නම්, මේකට අපිට ඉතින් විසඳුම හැටියට අපිට තියෙන්නේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නේ ද. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ අර වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව කළහම ඉතින් අර දුක්‌ඛෙ සුඛන්ති කියන විපල්ලාසය කියන එක නැති වෙලා යනවා.

ඉතින් ඒ පටිපදාවත් එක්ක ඉතින් දැන් ලස්සනට පේනවා මම කාමයේ වරදවා හැසිරීම කියන එක කරලා තමයි මම මේක කරගත්තේ. ඒ කියන්නේ මගේ මෝහය. මෝහය නිසා නේ, ඉතින් මතක ද වේදනානුපස්සනාවෙන් පස්සේ අපි බ්‍රහ්මචරියාවට යන්නේ නේ ද. බ්‍රහ්ම විහාරය, මෙත්තා, කරුණ, මුදිතා උපෙක්ඛා. ඉතින් ඇයි රහතන් වහන්සේ කිව්වේ අපි මොකද මෙත්තාව එතන කරන්නේ රූපය නිසා ඇති වෙලා තියන හානිය නැති කරගන්න. දැන් බලන්න දැන් කාමයේ වරදවා හැසිරුණා මෝහය, මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම, ඉතින් ඔය දෙක අතරට එනවා කිව්වා නේ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති. මම කියනවා අතෙන්ට මල මුත්‍රා අසූචි කාණුවක යන්නේ නැහැ ආපහු කාමයේ වරදවා හැසිරෙන්න යන්නේ නැහැයි කියන එක නේ එතන කියන්නේ. මෝහයෙන් මම මේක කරන්නේ නැහැයි කියන එක. එතකොට එතනින් අපිට පේනවා ඉතින් අපි මේ මෙත්තාව වඩනවා. දැන් ඊළඟට අපේ පේනවා නේ ඉතින් මේ විරිය කියන එක. විරිය කියන එක අපි භාවිතා කරන්නේ එතෙන්දි මේ ලෝභයයි, ද්වේෂයයි මෝහයයි කියන එක අයින් කරන්න.

දැන් පේනවා ද මෝහයෙන් තමයි පටන් ගන්නේ, මම කාමයේ වරදවා හැසිරෙන්න යන්නේ නැහැ කියන එක. කළොත් මට ඇති වෙන්නේ ආපහු ජරාව. අර මලකඩ කාපු රූපය ජරාව ආපහු ගන්නවා කියන එකයි. ඉතින් එතකොට අර ලෝභ දෝෂ මෝහ භාවනාවේ විරිය මගින් ඒ ලෝභ දෝෂ මෝහ අකුසලයෝ සංසිඳීම සඳහා වෑයම් කරනවා.

ඉතින් මේ විදිහට මේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව මගින් ආශ්‍රවයෝ නසන්න පුළුවන් කියන එක නේ තියෙන්නේ. ඉතින් මේක මේ ඕකට ඕගොල්ලන්ට උපකාර වෙනවා බලන්න 23/04/2015 දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාව. අපි කරලා තියෙනවා. බලන්න ඒකේ ලස්සනට රහතන් වහන්සේලා කිව්වා මේකෙ පාරවල්, මේකේ පථ දෙකක් තියෙනවා කියලා.

රූපය වෙනම ඇන්දා, සඤ්ඤා චේතනා එක කතාවක්, වේදනා චිත්ත සංස්කාර තව කතාවක්. පථ දෙක. ඕක නේ ද භූත වෙන අවස්ථාවේ දී අපි ආවේ. රතු පථයෙන් ආවේ කොහොම ද? සඤ්ඤා චේතනා පථයෙන්. සුඛ සඤ්ඤාව, සඤ්ඤාව සුඛ උණේ ඒකෙන්. ඊට පස්සේ වේදනා චිත්ත සංස්කාර, භය අගතියේ ඉඳන් වේදනාවට ආවේ කාමයේ වරදවා හැසිරීම කියන ඒ සංස්කාරය, ඉස්සෙල්ලා චිත්ත සංස්කාර තියෙන්න එපැයි ඒක කෙරෙන්න. ඔය චිත්ත සංස්කාරයි වේදනායි කියන ඒ පථ දෙක. ඉතින් මේ භාවනාව මම ඉතින් එක විදිහකට නෙවෙයි, මම දැක්ක තුන් හතර විදිහකට. ඉතින් රහතන් වහන්සේ කිව්වේ අනිත් අයට හිතන්න ඉඩ දෙන්න කියලා. එක පැත්තකින් තමන්ට පේනවා අර මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛාවෙන් මේ විදිහට මේක නවත්වන හැටි පේනවා. අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවේ ඉතින් ඒක වෙන හැටි පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ක්‍රම තුනකට විතර තමන්ට ම දකින්න පුළුවන් ඒ විදිහට කරගෙන ගියා ම. අර ඉස්සෙල්ලා කියපු ධර්මය ම ලස්සන විදිහට ඉතින් සනාථ වෙනවා එක ම විදිහට බුදුහාමුදුරුවෝ කිව්ව එක. පුදුමාකාර විදිහට එනවා.

ඒක තමයි මං කරපු භාවනාව.