ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට මම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඉතින් ඒ හත් නම සිහි කරනකොට, අර shoe එකේ ඒ තත්වය දක්වා ම මනස එනවා. එතකොට මම කළේ අර ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා.
ඕගොල්ලන්ට මතකයි අපි ඊයේ භාවනාවේ දී අපි බැලුවේ අර භූත වීම කියන එක. ඉතින් ඒකේ අපි ඉගෙන ගත්තා මේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා මගින් ඒ ආශ්‍රවයෝ නසනවා කියන එක. ඕක සිදු වෙන ආකාරය අපි පෙන්නුවා අර 23/04/2015 දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවේ දී සාකච්ඡා කරලා තියෙනවා කියලා. ඒකේ පෙන්නුවා පථ දෙකක්. සඤ්ඤා චේතනා කිව්වහම එක පථයක්. එතන රූපයේ තියෙනවා සඤ්ඤා චේතනා.
ආපහු තව පථයක් තියෙනවා වේදනා චිත්ත සංස්කාර කියලා. එතකොට ඔය සඤ්ඤා චේතනා කියන පථය අපි අර ඉගෙන ගත්තා නේ දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, සඤ්ඤා, චේතනා, දිට්ඨි ආශ්‍රව කියලා රතු පාටින් ලකුණු කරගන්න කියලා කිව්වේ, අන්න ඒ පථය ඒකෙන් තමයි ඒක නැති වෙන්නේ. එතකොට ඊළඟට ඒ කියන්නේ ඒ පථය නවත්තනවා නම් නවත්තා ගන්න පුළුවන්. එතකොට ඊළඟට වේදනා චිත්ත සංස්කාර ධර්ම දෙක තව පථයක් වෙනවා. මේක ඇති වෙලා තියෙන්නේ ඔය line 6 එක, පරිදේවය. ඉතින් එතනින් අපි භය අගතියට ඇවිල්ලා, line 8 වලින් භය අගති වේදනා විදිහට වෙන එක. ඉතින් line 6 එක වෙන්නේ නිකම් නෙවෙයි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් ඒ මෝහය දක්වා ඇවිල්ලා තමයි එතන සිද්ධ වෙන්නේ. ගලේ වැදිලා කුඩු වුණා කියලා හිතන්න.
එතකොට ඔය දෙවැනි පථය කියන එක සබ්බ සඞ්‌ඛාරෙ අනිච්ච සඤ්ඤාව කියන එකෙන් නැති වෙනවා. පළවෙනි පථය සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව මගින් නැති වෙනවා. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ? අධිට්ඨාන හතර කියන එක අපි භාවිතා කරනවා, සච්චාධිට්ඨාන, ඒ විදිහට චාගාධිට්ඨාන, පඤ්ඤාධිට්ඨාන, උපසමාධිට්ඨාන කියන එක. එතකොට ඒක කළා ම ඕඝයනුයි, සල්ලයනුයි නිසා වන අර සඤ්ඤා අල්ලා ගැනීම කියන එක මඟ හැරෙනවා.
ඊළඟට අපි දන්නවා අධිට්ඨාන අභිනිවේස. අභිනිවේස කියලා කිව්වහම, චිත්ත සංස්කාර මෙතැන දී අයින් කරන්නේ. මොන චිත්ත සංස්කාර ද, මගේ යැයි කියලා ගන්න චිත්ත සංස්කාර කියන එක අයින් කරනවා. එතකොට ඒවාට අභිනිවේස වෙන්නේ නැහැ. එතකොට අර සුඛ සඤ්ඤා කියන ඒවා නොවෙනවා. අනුසය කියන එක බැහැලා යනවා. මොන අනුසයක් ද මේකෙ පෙන්නන්නේ, රාග අනුසය බැස යාම ලෙස සලකන්න ඕන. ඉතින් මෙතැන දී අපිට පේනවා අර රතු පථය ඇති වුණා නම් සඤ්ඤාවක් ඇති වුණා, විඤ්ඤාණය පවතිනවා කියලා මමංකාර කතාව නේ මේ පැත්තට යන්නේ එතකොට නිත්‍යයි කියන කතාව එතනින් ඇවිල්ලා. එහෙනම් අපි මේ කතා කරන්නේ අර instance එක මගින් වන දේ තමයි මෙතන නැති කරගන්නේ.
ඊළඟට දෙවැනි පථයෙන් මේ සබ්බ සංස්කාරයේ අනිච්ච සඤ්ඤාව මගින් මේ කොයි විදිහට මේක ක්ෂය වෙනවද, පහ වෙනවද කියන එක. අට්ටීයති, හරායති, ජිගුච්ඡති. එතකොට පරිදේව වන බව දන්නේ චිත්ත සංස්කාරයන් කියන ඒවා නොසාදනවා. පීඩාවට පත් වෙනවා. එතකොට අට්ටීයති කියන කතාව ඒක හරි. හරායති, සුඛ වේදනාව නිසා යම් සංස්කාරයක්, මුසාවක් වන්නේ ද, ඒකට ලැජ්ජා වෙනවා. එක නොසාදනවා කියන එක. දැන් බලන්න මුලින් සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාවේ දී අපි චිත්ත සංස්කාර. දැන් ඔන්න අපි කාය සංස්කාර දක්වා එන්නා වූ දේ ගැන කතා කරනවා. ඒක නොසාදනවා. වේදනාව සුඛ වන්නේ සුභයට නිත්‍ය එකතු කරලා. එතකොට මේක පිළිකුල් කරනවා. දැන් එතකොට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක එනවා. එතකොට මෙතන මේ අපි කතා කරන්නේ අර class එක මගින් සිද්ධ වන්නා වූ දේ තමයි මෙතැන දී කතා කරන්නේ.
ඉතින් මේ විදිහට දැන් තමන් ඉහළ ම ධ්‍යානයන්වලට නංවලා මෙත්තාවේ ඉඳන් උපෙක්ඛා දක්වා ගමන් කරලා, විරිය මගින් මෝහය පහ කරනවා කියන එක තමයි මේකේ තියෙන්නේ. නිර්වාණය සාක්ෂාත් කරනවා. එතකොට මේ මරණය මෙනෙහි කරන්නේ, මොකක් ද ඒකෙන් කරන්නේ? කාය සංස්කාරයන් කියන ඒවා අත්හරිනවා, මොකක් නිසා ද, යම් කාය සංස්කාරයක් කරන්නේ ද, එය නොපවතී. දැන් එන්නේ අර වඩු බාස්ගේ කතාවට. වඩු බාස් සලකන්නේ නෑ කිව්වේ සඤ්ඤාවට ඉතින් ඒක දන්නවා නේ නේ ද. එතකොට ඒක නිසා උපෙක්ඛාවෙන් එයා අප්‍රමාණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ නතර වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් අර ඊයේ ඒ ඒ පුද්ගලයාට හිතන්න කියලා ඉඩ හරියේ ඒක තමයි මේ පැහැදිලි කිරීම කියන එක, ඒක කළේ.
ඒක තමයි මං කරපු භාවනාව.