ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
අපි ඊයේ භාවනාවෙදි අපි සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව කියන එක අපි සිහි කරා. එතන දී අර අධිට්ඨාන හතර, අපි භාවිතා කරන්නේ. අපි ඒකෙන් දැනගත්තා ඕඝ සහ සල්ලයන් නිසා වන ඒ සඤ්ඤා කියන ඒවා මඟ හැරෙනවා කියලා. මගේ යැයි කියන චිත්ත සංස්කාරයන්ට අපි අභිනිවේස වෙන්නේ නැහැයි කියලා ඉගෙන ගත්තා. සුඛ සඤ්ඤා නොවන්නේ අනුසය බැස යයි. ඉතින් අපි එතැන දී ඉගෙන ගත්තා මේක රාග අනුසය බැස යාම ලෙස. ඒ විදිහට අපි වටහා ගත්තා. මේක තමයි අර instance එක මගින් වෙන දේ නැති වීම කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා අර අත්තා, විඤ්ඤාණය, ඊට පස්සේ නිත්‍ය කියලා හැදෙනවා අරක, flow වෙලා ගිහිල්ලා නේ ද. එහෙම නම් මගේ යන අත්ත සඤ්ඤා නිසා නිත්‍ය යන සඤ්ඤාව. අන්න ඒක තමයි instance එක වුණේ.
එතකොට දැන් ඔය එක මනුස්සයෙක් කවුරු හරි ආකාසානඤ්චායතනය වාගේ එකකට පළවෙනි පාරට ගියොතින් එහෙම ඒ පුද්ගලයාට පුදුමාකාර සන්තෝසයක් තියෙනවා. මම මෙතනට ගියා ය කියලා. එක මනුස්සයෙකුට ඔය Canberra වල නම් කරපු වෙලාවෙදි ඒ මනුස්සයාට හුස්ම ගන්නත් බැරි වුණා. බොහෝ ම සතුටු වෙලා. ආපහු එතෙන්ට ම යන්න තමයි එයාට සන්තෝසය තිබුණේ. ඉතින් එතකොට ඔතන තියෙනවා නේ ද අර ඉංග්‍රීසියෙන් කියන්නේ first impression last long කියලා. අන්න ඒක තමයි ඔතන ඕක වෙන්නේ. එතකොට යමෙක් ආකාසානඤ්චායතනයට පළමු වර පැමිණියේ ද එය බොහෝ කාලයක් උණුසුමක් මෙන් පවතිනවා. ඉතින් මෙය බැස යන්නේ නම්, අපේ අර බොජ්ඣඞ්ග භාවනාවේ දී special එකේදි අපි ඉගෙන ගත්ත නේ පටික්කූලයි රූපය අප්පටිකූලයි ආකාසානඤ්චායතන වේදනා. මේ දෙක ම මගේ නෙවෙයි කියලා ගන්නවා නම් විමුක්තිය ඇත කියලා සිහි වෙනවා නම් විඤ්ඤාණඤ්චායතනය සිදු වෙනවා කියලා. එතකොට එහෙම නම් මේක වෙලා තියෙන්නේ මේ instance එක නැති වීම මගින් සිදුවීම තමයි මේ පෙන්නන්නෙ. Instance එක නැති වීම මගින්.
එතකොට ඔයගොල්ලන්ට පේනවා ඕකේ, අපි ඔය අවස්ථාවේ දී පැහැදිලි කළා භය අගති, වේදනා. වේදනා, චේතනා. අන්න ඒ පාරවල් දෙක අපි කපනවා කියලා අර diamond එකේ. මේ පැත්තේ තියෙන්නේ ඉදංසච්චය භය අගති. එතකොට අපි කපන්නේ භය අගති වේදනා, වේදනා චේතනා. එතකොට දැන් ඔය වේදනාව කියන තැන අපි ලකුණු කරගත්තොත් චිත්ත සංස්කාර නිසා වන වේදනා. වේදනාව සඳහායි චිත්ත සංස්කාර හදන්නේ, චිත්ත සංස්කාර නිසයි වේදනා හැදෙන්නේ. එතකොට අත්තා යැයි යම් සඤ්ඤාවක් සනාථ කිරීම නොවන්නේ නම්, දැන් අත්තා එනවා භය අගතිය චේතනාවයි අතරට, නොවන්නේ නම් සල්ලය මගින්. ඒ කියන්නේ අර රතු පථය හරහා නේ සනාථ කරන්නෙ. ඒක වෙන්නේ නැත්තන් චිත්ත සංස්කාර අතහරිනවා නම් චිත්ත සංස්කාර නිසා වේදනා වීමත්, එමගින් අනුසය වීමත් කියන එක බැස යනවා. අපි කිව්ව ඒක රාග අනුසය කියලා ඉතින් අර අපිට පේනවා දැන් අර කපනවා කිව්වේ එක භය අගති වේදනා, වේදනා චේතනා රේඛා දෙකයි කපන්නේ. දැන් මේ වේදනාව නිසා මේ පැත්තෙන් රූපය ඒකත් එක්ක ම අපේ රාග, රාග අනුසය කියන එක තියෙනවා දැන් මේක නැති වෙනවා කියන එකයි. ඊළඟට දෙවැනි කාරණයට ඔයගොල්ලන්ට පේනවා.
දැන් ඔතනදි ඇත්තෙන් ම කියනවා නම් අපිට පේනවා එහෙනම් කෙනෙකුට සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව මගින් අපි ඒ විඤ්ඤාණඤ්චායතනය කියන එකට ආවා. ඒක නේ ඔය කරලා තියෙන්නේ instance එක කපලා. එතකොට ආකාසානඤ්චායතනය වේදනාවල් ඉක්මවලා ඒ instance එක. එතකොට පටික්කූලයි වේදනාව. අප්පටිකූලයි වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර. ඒක අපි බොජ්ඣඞ්ග භාවනාවේ දී ඉගෙන ගත්ත නේ. එතකොට මුළු වේදනා, ඒ කියන්නේ class එක ම, පන්තිය ම පහ කරන්නේ නිර්වාණය ඇති යැයි කෙනකුට සිහි වෙන්නේ, ආකිඤ්චඤ්ඤායතනය කියන එක එයාට සිද්ධ වෙනවා. එතකොට එතනදි ඔයගොල්ලො ඉගෙන ගත්තා වේදනා චේතනා, චේතනා ඉදංසච්ච ඔන්න ඔය line දෙක තමයි අපි කපාගෙන යන්නේ කියලා. උඩින් අර diamond එකේ උඩින් එන එක. ඉතින් මේකේ යටින් තියෙන්නේ ඉදංසච්චයෙ ඉඳන් පරිදේවය ඔහොම ගිහිල්ලා ඉතින් එහෙනම් අහංකාරයේ ඉඳන් පරාමාසයට. අහංකාරය ලකුණු කරනවා නේ පල්ලෙහායින් නේ ද භය අගතිය දක්වා ආවහම. එතකොට ඒක පේනවා තමන්ට.
එතකොට මෙතන පෙන්නනවා යම් මෝහයක් වී ද, පවතී යැයි සිතුවා ද, පරිදේව වූ ධර්මයන් මනා කොට වටහා ගන්නේ පවතී යන ධර්මය බැස යන්නේ චිත්ත සංස්කාර නොසාදයි, අට්ටීයති. ඊට පස්සේ ඒ කියන්නේ පල්ලෙහා කෙළවර මේ සංස්කාර ගැන අපි මෙතන කතා කරනවා. අහංකාර අත්තා නොවන්නේ අහංකාරය තුළ රූප සෙවීම කියන එක නතර වෙනවා. දැන් එනවා ද සම්බන්ධය. ඒ කියන්නේ මොකක් ද අත්තනි වා රූපං. අහංකාරය නිසා අත්තනි වා රූපං. අන්න එතනදි ඔයගොල්ලන්ට මතකයි අපි ලියාගත්තා, ඇඳගත්තා සඤ්ඤා, වේදනා ඊට පස්සේ වේදනාවේ ඉඳන් චේතනාවට. ඒ රේඛාව සුභයි කියලා ලියාගත්තා. ඒ සඤ්ඤා වේදනා අතර පෙර අත්තා කියලා ලකුණු කරගත්තා.
අපි ඔතනදි පැහැදිලි කළා අර නටමින් සිටින පුද්ගලයා ඒ සඳහා සිංදුව සොයනවායි කියලා අපි පැවසුවා. එතකොට නැටීම මගින් විඳින්නේ වේදනාව. ඒක නේ කරන්නේ. අවුරුදු දාසයේ ගෑනු ළමයා ලස්සන යැයි කියලා දැන ගැනීමට බැලවීම සිදු වන්නේත් එවැනි ආස්වාදයක්. එතකොට ඒ විඳීමක් තමයි, එවැනි සංස්කාරයන් නිසා යම්කිසි පරියුට්ඨානයෙක් වෙනවා ද, ඒක නොවන්නේ චේතනාව නොවීම මගින් ඉදංසච්චය කියන එක වෙන්නේ නෑ. චිත්ත සංස්කාර ඒක නිසා මැඩගෙන ඉන්නවා පරියුට්ඨානය, පරියුට්ඨානය ප්‍රඥප්තියෙන් තමයි චේතනාව පවත්වන්නෙ. ඒක වෙන්නේ නෑ එතකොට එහෙම නම් මේ විදිහට අර සුඛ යන මුසාවට ලැජ්ජා වීමක් ඒ කියන්නේ හරායති.
ඊළඟට සුභයන්ට නිත්‍ය එකතු කරලා සුඛ වීම පිළිකුල් කිරීම මගින් සියලු වේදනා කුලයෝ උගුලා දමනවා. ආකිඤ්චඤ්ඤායතනය වෙනවා කියන එකයි. ඔන්න ඔය විදිහටයි අපි ගිහින් තියෙන්නේ ආකිඤ්චඤ්ඤායතනයට. ඉතින් ඕක කරනකොට ඒ විදිහට ම විඤ්ඤාණඤ්චායතනය ඒ විදිහට බොහොම ඒ විදිහට හිටියා. ඒ විදිහට ම අර මට ඉස්සෙල්ලත් ඇත්ත ම කියනවා නම් මට විමුක්ති සහගත ස්වභාවයකුත් ඇති වෙලා තමයි මං මේ ආකිඤ්චඤ්ඤායතනයේ හිටියේ. ඉතින් එක එක කාරණාවලින් දැකපු දේවල් තියෙනවා. අතීත දේවල් ගැන එහෙම. මොනවා හරි වුණා කියලා කිසිම ආකාරයකින් ඒකට ගැටුමක් නෑ. Phone එකක් අරක ring වුණා කියලා, එහෙමත් නැත්තන් සද්දයක් ආවා කියලා. ඒ කියන්නේ උපෙක්ඛාවෙන් අප්‍රමාණය ඒ විදිහට ම ඒක පවතිනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. භාවනාවේ නම බොජ්ඣඞ්ගය.