Date: 11/11/2015 Name: Bojjhanga 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව සිහි කරනකොට දැන් අපි දන්නවා අර අපි ඇඳගන්නවා කියලා භය අගති, වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති කියන එක. ඒකේ මැද්දෙන් අපි ලියාගන්නවා නේ ඉතින් අත්තා කියලා භය අගතියේ ඉඳන් චේතනාව දක්වා. ඉතින් එතන දැන් ආපහු අර ජීවිත ඉන්ද්‍රිය කියන තැන කෙනෙක් ලියාගන්න ඕන මගේ යන චිත්ත සංස්කාර කියන එක. එතකොට ඒ අත්තා කියලා යම්කිසි සඤ්ඤාවක් අර රතු පථය, මතකයි නේ රතු පථය අපි බැලුවා. ඒක මගින් සනාථ නොකරනවා නම් මගේ යන චිත්ත සංස්කාර අත්හරී නම් චිත්ත සංස්කාර නිසා ඔය ජීවිත ඉන්ද්‍රිය, එතනින් විඤ්ඤාණ, විඤ්ඤාණයෙන් භය අගතිය, භය අගතියෙන් වේදනාව. අන්න ඒ පථය ඔස්සේ වේදනා වීමත් එමගින් අනුසය වීමත් කියන එක බැහැලා යනවා. රාග අනුසය තමයි බැස යන්නේ. මෙහි දී විශේෂයෙන් මම වටහා ගත්තේ ජීවිත ඉන්ද්‍රිය ඇති තැන ලකුණු කරන මගේ යන චිත්ත සංස්කාර. ඒ කියන්නේ මමං. පරාමාසය තුළ වූ දෙයක් මගින් අර π අකුරේ, අර Roman i වලින් අපි දැක්වුවේ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා යන එක, අන්න ඒක මගින් ආරම්භ කර කර නැවත ඉපදවීමක් නැති වීම මගින්, මක්ඛය නොවී සිදු වන ක්‍රියාවලියක් ලෙසයි මම දැක්කේ.

ඊළඟ කොටස බලනකොට, සබ්බ සඞ්‌ඛාරෙ අනිච්ච සඤ්ඤා කියන එක බලනකොට වේදනා, තණ්හා, එතනින් ඉදංසච්ච, පරිදේවය හරහා භය අගතිය එතනින් පරාමාසය. එතකොට පරාමාසයට කෑල්ලේ තියෙනවා අහංකාරය කියන එක. එහෙම නම් දැන් මේ අවස්ථාවේ දී මේ ජීවිත ඉන්ද්‍රිය කියන තැන ලියාගන්නවා නිත්‍ය යන චිත්ත සංස්කාර. ඉස්සෙල්ලා ලියා ගත්තේ මගේ යන චිත්ත සංස්කාර දැන් මෙතන ලියවෙන්නේ නිත්‍ය යන චිත්ත සංස්කාර. නිත්‍ය යන සංස්කාරයන් නොවන බව පරිදේව වූ පසු දැනගන්නේ, වටහා ගන්නේ පවතී යැයි යන ධර්මයෝ බැහැලා යනවා. චිත්ත සංස්කාරයන් කියන ඒවා නොසාදයි. එතකොට මෙතෙන්දි මං විශේෂයෙන් විමසුවේ, දැන් ඔය අට්ටීයති කෑල්ල හරි, මේ හරායති කියන කෑල්ල. ඒ කියන්නේ මෙහි දී සුඛ යන මුසාවට ලැජ්ජා වීම තමයි හරායති. අන්න ඒක කුමක් දැ යි කියා විමසුවා.

මම එතැන දී හොඳ දර්ශනයක් දැක්කා. අශ්වයෙක් උඩ මනුස්සයෙක් දුටුවා. ඒ මිනිහා ඔය corn field එකක් ළඟ එයා බැහැලා ගියා. ගියාට පස්සේ අශ්වයා කලබල උණා. කුමක් නිසා ද, අශ්වයාට purpose එකක් නැහැ. දැන් දුව දුව හිටිය අශ්වයා නේ. ඒ දුවන purpose කියන එක නැහැ. එතැනට ආවා තවත් අශ්වාරෝහකයෙක්. අශ්වයෙක් පිට නැගගෙන එතනින් ඇවිල්ලා එයත් එතනින් බහිනවා. ඒ බැස්සට පස්සේ දැන් මේ අශ්වයා අනිත් අශ්වයා දිහා බලලා ඒ අශ්වයාගේ ඇඟේ ඇතිල්ලෙනවා. එතකොට අන්න ඒ සතාව ඇතිල්ලීම වැනි ක්‍රියාවලියක් නිසා ආස්වාදයක් ලබමින් ඉන්නවා. දැන් එයාට වෙන එකක් හම්බවුණා.

එතකොට මේකේ අර්ථය වෙන්නේ මොකද්ද, දිවීම නැමති සංස්කාරය මගින් මිච්ඡා දිට්ඨිය කියන එක සිදු වුණා. මිච්ඡා දිට්ඨිය පහව යනවා, නිත්‍ය ස්වභාවය ගිලිහෙන්නේ නම් කුමකට චේතනා වන්නේ ද? කුමකට තණ්හා වන්නේ ද? purpose එක ඉවත් කිරීම ම ලැජ්ජා වීමයි. හිරිය කියලා කියන්නේ ඒකයි. Purpose එක ඉවත් කිරීම. මෙවැනි සංස්කාරයන්ගෙන් දැන් පලක් නැත. මේවායෙන් මිච්ඡා දිට්ඨිය ම ඇති වන්නේ ය. ඒ කියන්නේ අර වත්ථූපම සූත්‍රයේ මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන පාණාතිපාත වැනි සංස්කාරයන් කරලා ආපහු මිච්ඡා දිට්ඨිය ම පෝෂණය කරනවා කියන එක සිහි කරා. අන්න ඒ purpose තමයි මෙතැන දී ඉවත් කිරීම තමයි මේ ලැජ්ජා වීම කියන එක මම වටහා ගත්තා, ඒ භාවනාවේදි. අන්න ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් කෙනෙකුට පේනවා වේදනාවයි චේතනාවයි අතර ඉතින් අපිට අර තණ්හාව කියන එක ලකුණු වෙනවා. එතකොට ඒ විදිහට අර වේදනා චේතනා, චේතනා ඉදංසච්ච, ඒ පාරවල් දෙක කපලා දානවා කියන එක තියෙනවා.