Date: 12/11/2015 Name: Bojjhanga 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව කරපු වෙලාවේ මට ආකිඤ්චඤ්ඤණ සමාපත්තිය ඇති වෙලා තිබුණ. මම ඒක දුටුවේ ඊයේ වටේට ආලෝක වූ දෙයක් තුළ කළු පාට පීරිසියක්, disk එකක් තියෙනවා වාගේ. බුදුපියා පැවසුවා “ආකිඤ්චඤ්ඤායතනය ආලෝකය විඤ්ඤාණඤ්චායතන ආලෝකයට වඩා ප්‍රභාස්වරයි” කියලා. අර මැද්දේ කළුවට පේන්නේ විඤ්ඤාණඤ්චායතනය, වටේට තියෙන්නේ ආකිඤ්චඤ්ඤායතනය. ඉතින් ඊයේ භාවනාව වගේ මේක සිදු වුණා. ඉතින් මේක මම කලින් කරලා තියෙනවා 21/5/2014, ආකිඤ්චඤ්ඤණ සමාපත්ති භාවනාව. අන්න ඒකත් එක්ක සැසඳීම තමයි මම අද කළේ.

ඉතින් ඒකේදි අපි දන්නවා ඔය පරිදේවයේ ඉඳන් අපි භය අගතියට එනවා. ඉතින් ඒ භය අගතියට පල්ලෙහායින් අපි ලියාගන්නවා ව්‍යාධිය කියලා. එතකොට එහෙම නම් අපිට පේනවා ව්‍යාධියේ ඉඳන් අපි ජරාවට යනවා සෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා, අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට යනවා. එතකොට දැන් අපි දන්නවා ජරා දෝමනස්ස ස්පර්ශ කරමින් තමයි අප්‍රියේහි සම්ප්‍රයෝගය. දෝමනස්සය අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ තියෙනවා.

ඉතින් අප්පියෙහි සම්පයොගය වූවා නම් ප්‍රිය දෙයක් ඇති යැයි කියලා අපි හිතනවා. එහෙමත් නැත්නම් ප්‍රිය දෙයක් ඇති කියලා හිතලා අපි දුවනවා. සංස්කාරවලින් තමයි ඒක කරන්නේ. සංස්කාර බිඳෙනවා, පරිදේව වෙනවා. නමුත් අපි දුවනවා. ඒ සංස්කාර කිරීමෙන් නිත්‍ය යැයි ගැනීමෙන් ප්‍රිය දෙයක් ඇති යැයි සිතීම ම ආකිඤ්චඤ්ඤණ සමාපත්ති ඥානයට බාධාවක් වෙනවා. එතකොට අට්ටීයති කියලා ගන්නේ අන්න ඒක. ඒ ප්‍රිය දෙයක් ඇති යැයි කියලා හිතලා අපේ ඒ දුවන්නා වූ ස්වභාවය කියන එක. ඊළඟට, දැන් ඊළඟට තියෙන්නේ හරායති කියන එක බලන්න ඒ කියන්නේ ජරාව නැවතීමට දිවීම සිදු වෙනවා. අපි මේ ජරාව නවත්වන්න තමයි අපි මේ දුවනවා කියන එක අපි කරන්නේ.

එතකොට අන්න එතෙන්දි අපි ගන්නවා ඒ හරායති කියලා. ඉතින් ඔය ජරා දෝමනස්ස අප්‍රියේහි සම්පයොග රේඛාවට තමයි මනස තමන්ගේ තියෙන්න ඕනේ. දීවීම නමැති සංස්කාරය මගින් මිච්ඡා දිට්ඨිය කියන එක අපිට සිදු වෙනවා. අපි ඒක ඊයේ ඉගෙන ගත්තා, අර කුකුල් පට්ටියක් දාගෙන හරි මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට.

ජරාව නිසා අපිට දෝමනස්සය ඇති වෙනවා. මේක ලෙහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. Fix කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇති වන්නේ දෝමනස්සය බව දන්නේ ජිගුච්ඡති.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.