ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කරා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඔයගොල්ලන්ට මතකයි, ඊයේ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා අර අපිට පුළුවන් කියලා අර ආකිඤ්චන සමාපත්ති ඥානය කියන එක ඇති වෙන භාවනාව. එතෙන්දී අපි දැන ගත්ත අර පරිදේවයේ ඉඳන් අපි භය අගතියට ඇවිල්ලා ඊට පස්සේ අපි දන්නවා අර ව්‍යාධියෙන් ඉඳන් ජරාවට යනවා, සෝකයේ ඉඳන් දෝමනස්සයට එනවා, අප්‍රියේහි සම්ප්‍රයෝගය ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට යනවා කියලා. ඒකෙන් අපි ඉගෙන ගත්තා අර අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ ඒ දෝමනස්සය කියන එක තියෙනවා. එතකොට ප්‍රිය දෙයක් තියෙනවා කියලා හිතාගෙන අපි දුවනවා කියලා ඉගෙන ගත්තා. ඉතින් එතෙන්දී අපි ඉගෙන ගත්තා ඔය අට්ටීයති කියලා අපි ඒ අවස්ථාවෙදි අපි අයින් කරන්නේ ඔය සංස්කාර කිරීමෙන්, නිත්‍යයි ගැනීමෙන්, ප්‍රිය දෙයක් ඇති යැයි සිතීම ම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට බාධාවක් වෙනවා අන්න ඒක තමයි අපි අට්ටීයති කියලා අපි එතන ඉවත් කරන්නේ.
ඉතින් එතකොට දැන් මං අද භාවනාවෙදි කළේ ඔය ඊයේ භාවනාවට සම්බන්ධ කළා මේ කායුජ්ජුකතා, කායපාගුඤ්ඤතා, කායමුදුතා කියන එක. එතකොට කායුජ්ජුකතාවය මගින් අර නිත්‍යයි කියන සංස්කාරයන් අපි ඉවත් කරනවා නම් අර ප්‍රිය දෙයක් ඇති ඇයි කියලා සිත දිවීම කියන එක නතර වෙනවා. ඒක අට්ටීයති. අපි දන්නවා අර මෝහය තියන ගල ළඟ වැදිලා කුඩු වෙලා ගියාට පස්සෙ ඒ සංස්කාරයන්ගේ නිත්‍ය කතාවක් නැහැයි කියන එක එතන තියෙනවා. එතකොට අට්ටීයති කියන එක එතනට එනවා. ඊළඟට දැන් ආපහු තමන්ට පේනවා කායමුදුතාව කියන එක මගින් අර හරායතියන් කියන එක සිද්ධ වෙනවා. කොහොම ද ඒ කියන්නේ? අර ජරාව නැවතීමට අපි දිවීම නේ කරන්නේ එතකොට අන්න ඒක නවතිනවා. ජරාව නවත්තන්න දුවනවා කියන සංස්කාර කරන එක. කොහොම ද ඒ? අපි ඉගෙන ගත්තා කායමුදුතාව මගින් සිදු වෙන්නේ මොකක් ද අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය කියන එක. ඒ කියන්නේ hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය අගය අපි ඉවත් කරනවා. එහෙම නැත්තන් කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය ඉවත් කරනවා කියලා.
එහෙම නම් අපිට පේනවා දැන් අපි අර ජරාව කියන තැනට ආවා නම් දැන් අපිට තේරෙනවා නේ අපි හොයාගෙන යන්නේ මේක හොඳ දෙයක් තියෙනවා කියලා හිතාගෙන. එහෙම නම් ජරාව ඉඳන් වේදනාව, ඊළඟට තියෙන්නේ අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය, අසම්පජානකාරීත්වයත් එක්ක තියෙන එක. ඉතින් මේ රේඛාවට අපි ඇවිල්ලා තියෙනවා. දැන් මෙතෙන්දි කෙනෙකුට පේනවා, අපි එහෙනම් මේ අවස්ථාවෙදි අයින් කරගන්නේ අර සුඛයි කියන්නා වූ මුසාව. ඇයි ඒ? අතන කායුජ්ජුකතාවය මගින් අපි අයින් කරගත්තා ඔක්කොම අර class එක ම. සම්පූර්ණ class එකේ කතාව අයින් කරගත්තා. උඩින් වෙන එකකුත් නෑ. ඒ කියන්නෙ වේදනාව කියන එකට අපි අර සුඛයි කියලා සනාථ කිරීම කියන එක එන්නෙ නෑ. උඩින් එන විඤ්ඤාණය පැවතුණා කියලා instance එකෙන් එන එකයි, class එකෙන් එන එකයි, මේක සනාථ කරන්න එන්නෙ නෑ. අන්න එහෙනම් සුඛ යැයි කියන කතාව තමයි අපි මෙතන දී අයින් කරන්නේ. එතකොට ඒ සුඛය අයින් කරා නම් ඉතින් අපිට පේනවා තනිකර ආකිඤ්චඤ්ඤායතනය කියන එක තියෙනවා. සුඛ වේදනාව කියන එක තියෙනවා එතකොට කායපාගුඤ්ඤතාවය මගින් කරන්නේ අර ජිගුච්ඡති කියන එක. අර සුඛ යන සඤ්ඤාව කියන එක ප්‍රහාණය කරනවා. ඒක අපි දන්නව නේ, අර “මෝහ වෙන්නේ නැහැයි” කියන එක රහතන් වහන්සේ කිව්වා. අපි ඕක ඉගෙන ගත්තා ඉදංසච්චය තුළට බැසගෙන තිබෙන්නා වූ අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක් අලුත් සංස්කාර පවතී යැයි බැස ගැනීමක් වේ ද මේක ඉවත් කරනවා. සාරම්භ නොවේ කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට දැන් බලන්න order එක වෙනස් නේ ද? කායුජ්ජුකතාවය, කායමුදුතාව, ඊට පස්සේ මෙතන අපි කායපාගුඤ්ඤතාවය කියන එක කතා කරන්නේ. එතකොට ඉතින් ඒක පේනවා අපිට. දැන් අපි දන්නව නේ කායපාගුඤ්ඤතාවයෙන් අර සඤ්ඤාවේ ඉඳන් එන්නා වූ කොටස එහෙමත් නැත්තන් ඕගොල්ලන්ට මතක තියෙනවා නම් ඉදංසච්චය ඉඳන් පරිදේව දක්වා එනවා අර square එක හැටියට එනව නේ අතන නාමරූප තැන ඉඳන් චේතනාව දක්වා යන්නා වූ ඉතින් ඒ කෑල්ල නේ ඒකෙ නැති වෙන්නේ. ඒ කියන්නේ සඤ්ඤාව කියන එක තමයි එතන අපි මේ කරනවා කියන එක තියෙන්නෙ. ඉතින් මේක කළහම හරියට ම මම අර කිව්ව වගේ ලස්සනට අර මං කිව්වේ අර ආලෝකයේ ඇතුළේ තියෙනවයි කියලා අර කළු පාටට ඒක. ඒක, ඒක වෙන්නේ ඒ ආලෝක ධාරාවක් ඒ වගේ ඒක තියෙන්නේ, cone එක වගේ මෙහෙම යනවා. යනකොට මැද්දේ තමයි අර කළු කතාව කියන එක තමන්ට දකින්න පුළුවන්කම කියන එක තියෙන්නේ.
ඉතින් දැන් මට මේ භාවනාව බොහොම හොඳට මම හිටියා. මම කල්පනා කළේ ඇයි දැන් මෙතන අනිත් පැත්තට ගියොතින් අපි කතා කරා කායුජ්ජුකතාවය, කායපාගුඤ්ඤතා, කාය මුදුතා, ඒ order එක අපි කලින් කතා කරා නේ ද, මතක නේ ඒක නේ ද, එතකොට ඒ විදිහට කළහම මොකක් ද වෙන්නේ ඒකෙදි යන්නේ නිරෝධයට. මේක යන්නේ ඒ ආකිඤ්චන සමාපත්තියට. ඒ කාරණා දෙකක් බලන්න එක ම ධර්මය අර alter කරන විදිහ අනුව, හිතන විදිහ අනුව, දෙකක සිද්ධ වෙන්නේ අර විදිහට ගියහම නිරෝධය කරා තමයි ගමන් කරන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.