ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, හත් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
මම පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් අපි ව්‍යාධිය මරණය කියන එකටත් කැමති වෙනවා. ඊට පස්සේ අපි මැරිලා ඉපදෙන්නත් කැමති වෙනවා. ඉතින් මෙතන සමාධිය ඇති වෙලා. මට එකපාරට ම මෙතන ආවේ, මේ අපි ජරාවට කැමති වෙනවා කියන එක. අපි මේ ඊයේ පෙරේදා භාවනාවල අපි පෙන්නුවා නේ ඕක වැටෙන්නේ අර ජරාව, වේදනාව, අසම්පජානකාරීත්වය. අර හරායති කියන එක ඒකටයි වැටෙන්නේ. එහෙම නම් මම පටන් ගත්තා එහෙම නම් මෙන්න මෙතෙන්ට තියෙන්නේ හරායති කියන එක. ජරාවට කැමති වුණා කියන එක. එතකොට රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා එතන ඒක ආවහම. ඒ පාර දැන් එහෙනම් අපිට අට්ටීයති කියන එක බලන්නයි තියෙන්නේ. ඒක තියෙන්නේ අර නන්දිය තියෙන තැන නේ. ගිද්ධිලෝභය වටේ තියෙන්නා වූ තුන් ධර්මයෝ. එතකොට ගිද්ධිලෝභයෙන් නන්දිය කියන එකට අපිට අට්ටීයති. අතන කාමච්ඡන්දයෙන් දික් කළහම රේඛාව ජරාවට එනවා. එහෙනම් කාමච්ඡන්දය කියන එකට අපි හරායති. අර ලාභයි කියලා ගන්නා වූ ලාභමච්ඡරිය කියන එක, ඒක දිගු ජිගුච්ඡති.
එතකොට මේකේ හරායති කියන එක බලලා ඉතින් කොතනින් ද පටන් ගන්නේ කියන එක ගත්තහම රහතන් වහන්සේ කිව්වා “අට්ටීයති කියන එකෙන්” තමයි පටන් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට පේනවා අර නන්දිය කියන එක, මැරිලා ඉපදෙන්නත් අපි කැමති වුණා කියන එක. එහෙනම් අපිට පේනවා මෙතන මේ අර චිත්ත සංස්කාර, නිත්‍යයි කියන චිත්ත සංස්කාර අයින් කළායින් පස්සෙ අවිද්‍යා ආශ්‍රවය කියන තැන එතන තියෙන කතාව යනවා. එතකොට ඒ කතාව ගැලවිලා යනවා නම් අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එනවා කියන කතාව නැති වෙනවා. එතකොට වේදනාව සුඛයි කියල නේ ඔතන ඔය නන්දිය කියන එකට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම නම් අන්න අපි අට්ටීයති කියන එක නන්දියට භාවිතා කරනවා.
ඊළඟට හරායති කියන එක තියෙන්නේ මේ නන්දිය ඇති වෙන්නට තුඩු දෙන්නා වූ ඒ ධර්මය තියෙනවා නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය නිසා තමයි මම මේ ජරාවට කැමති උණේ. එතකොට නන්දිය කිව්වහම ජරා ව්‍යාධි මරණය ඇති වෙලා නැවත ඉපදෙනවා. එතකොට ජරාව වුණා නම් තමයි මට මේ කතාව තියෙන්නෙ. ජරාව ඇති වෙන්නේ කාමච්ඡන්ද රේඛාව. එතකොට එහෙම නම් ඒ කාමච්ඡන්දය වුණා කියන එකට අපිට හිරියක් කියන එක ඇති වෙනවා, හරායති කියන එක.
ඊළඟට ජිගුච්ඡති කියලා කිව්වහම අපි දන්නවා මේ ගිද්ධිලෝභයයි වේදනාවයි අතර තියන ලාභමච්ඡරිය කියන එක. එතකොට මෙතන ලාභමච්ඡරිය කියන එකට අපි ජිගුච්ඡති කියලා ගන්නකොට, දැන් අපි දන්නවා ඕක ඇති වුණේ අපි අර අත්තා කියලා ගැනීමෙන් පස්සේ. එහෙනම් එතන ඒ අත්තා කියලා ගන්නකොට අපි මේ අවස්ථාවේ දී කොයි එක ද? ඒ කියන්නේ මමංකාරය නිසා අත්තෙක් කියනවා. ඕක නේ අපි බැලුවේ 5A කියන එක. එතකොට රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වේ “ඔක්කොම අත්ත සඤ්ඤාවන්.” ඔක්කොම අත්ත සඤ්ඤාවන් ටික තමා මෙතෙන්දී අපි ගන්න ඕනේ. අහංකාරය මමංකාරය ඕවා ඔක්කොම කලින් හැදිලා නේ තියෙන්නේ. දැන් අපි දන්නව නේ අත්තානුදිට්ඨිය දක්වා ඇවිල්ලා තියෙන්නෙ, මේකෙන් ඇති වන්නා වූ එක කියන එක. ඒ සියල්ල ම අපි මෙතෙන්දී අයින් කරගන්න ඕනේ මගේ කියන එක. එතකොට අපිට පේනවා අපි ඊයේ භාවනාවෙන් පෙරේදා භාවනාවෙන් එහෙම අරන් ඇවිල්ලා තියෙන්නේ අර හත් වෙනි ධ්‍යානය සහගත වූයේ සඤ්ඤාවන් තියෙනවා නේ. එතකොට ඒවා නිසා ඇති වෙන්නා වූ යම්කිසි අත්තා කියන කතාවක් තියෙනවා ද ඒ සියල්ල ම කියන එක මෙතෙන්දී අයින් වෙන්න ඕනේ. ඉතින් ඒක කළා නම් තුන් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය කෙළවර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා එතැනට භාවිතා කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.