Date: 15/11/2015 Name: නිරෝධ සමාපත්ති ඥාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. භාවනාවට පෙර මට කිව්වා, 31/10/2015 නිබ්බාන භාවනාව බලන්නෙයි කියලා.

ඒකෙ තියෙනවා අර අලුත් රූප සෙවීම නිරෝධ වෙන්න ඕනෙ. නාම කියන එක සිදු නොවෙන්න ඕනේ. අවිද්‍යා අනුසය හේතු කොටගෙන එන නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ කියන ඒවා, බැහැගෙන යන්න ඕනේ කියලා තුන් වෙනි කාරණයට. එනම් විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා චිත්තය අත්නොහැර අල්ලා ගැනීම පහ විය යුතුයි කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඔය අසම්පජානකාරීත්වය කියන තැන පවතින අගයෝ නිසා, සළායතන, චේතනා කියන තැන සැදෙනවා කියලා අපි ඉගෙන ගත්තා ඒ භාවනාවේ දී.

ඉතින් ඔය දැන් අවසානයට කිව්වේ අපි විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා චිත්තය අත්නොහැර අල්ලා ගැනීම සිටීම පහ විය යුතු ය කියන එක, අන්න ඒක තමයි ඔතෙන්දි බැහැලා යන්න කියන එක තියෙන්නේ. ඒ භාවනාවෙදිම ආපහු අපි ඉගෙන ගත්තා, අසම්පජානයයි, චේතනාවයි, විඤ්ඤාණයයි කියලා කාරණා තුනක්. අසම්පජානය ළඟ තණ්හාව, චේතනාව තියන තැන අල්ලා ගැනීම, විඤ්ඤාණය, තියෙන තැන කර්ම විඤ්ඤාණය කියන එක.

මේ තුන් ධර්මයන්ගේ align වීම මගින් විඤ්ඤාණයේ පැවතීම සිද්ධ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේක මං සම්බන්ධ කළා ඊයේ භාවනාවත් එක්ක. ඊයේ භාවනාව මතකයි නේ අපේ. අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගත්තා. අට්ටීයති කියලා අපි ගත්තේ, අතන නන්දිය කියන තැන. ඊළඟට හරායති කියලා ගත්තේ කාමච්ඡන්දය. ජරාවට කැමති වෙනවා. ජිගුච්ඡති කියලා ගත්තේ අර ලාභමච්ඡරිය තියන තැන ඒ විදිහට. එතකොට, කොහොම ද මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ උණේ.

ඊයේ භාවනාවේ දී අපි අර අප්පටි කියන තැන, අද භාවනාවේ දී තියෙන්නේ අප්පටිවේධය කියන එක. දැන් අපි කතා කළේ ටිකකට ඉස්සෙල්ලා, අප්පටිවේධය කියන එක තමයි. එතකොට, අප්පටිවේධය කියලා කියන්නේ, අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක. ඒක නොදන්නා කමයි කියන එක. මේක සිදු වෙන්නේ, සිදු වෙනවා නම් නන්දිය කියන එක ඇති වෙනවා. එහෙමත් නැත්නම් ඔය නන්දිය කියන එක සනාථ කරනවා. ඇයි නන්දියට කාම ආශ්‍රවයට ආවා කියලා කියන්නේ සුඛයි කියලා එකේ පසු සඤ්ඤාවක් නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. සුඛයි කියලා ගත්තට පස්සේ. එතකොට එහෙම නම් අර නන්දියට ඇවිල්ලා තියන එක ම සනාථ කරනවා ඒ විදිහට. එතකොට එහෙම නම් නන්දියට අට්ටීයති නම්, අවිද්‍යා අනුසය නිසා වන අසම්පජානකාරීත්වය කියන එක අට්ටීයති.

එතකොට අපිට පේනවා ඔතන නිකන් ම නෙවෙයි අවිද්‍යා අනුසය නිසා අපි දන්නවා අර අපි එනවා කියලා අවිද්‍යා ආශ්‍රවයට. අවිද්‍යා ආශ්‍රවයට ආවා නම් ආපහු කාම ආශ්‍රවයට එන්නේ. එතකොට එහෙම නම් අපිට පේනවා මෙතන මේ අවිද්‍යා අනුසය රේඛාව අපි දන්නවා ජරා, වේදනා, අසම්පජානකාරීත්වය තියන තැන එතන, අසම්පජානකාරීත්වයට අපි ගන්නවා අට්ටීයති කියලා.

ඊළඟට, කාමච්ඡන්දයට හරායති නම්, එහෙනම් සුභ නිමිත්ත නිසා හටගන්නා වූ කාමච්ඡන්දයට තමයි හරායති කියන්නේ. බුදුහාමුදුරුවෝ කාමච්ඡන්දය අර්ථ දැක් වූයේ, මහණෙනි සුභ නිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම බහුල බව, නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමටත්, උපන් කාමච්ඡන්දයාගේ වැඩි දියුණුවටත්. එහෙනම් සුභ නිමිත්ත ගැනයි අපි මෙතන කතා කරන්නේ.

එතකොට අපි දන්නවා ඔය වේදනාවයි, චේතනාවයි අතර අපි සුභ යැයි කියලා ලකුණු කරගන්නවා. එතකොට එහෙම නම් විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා චිත්තය අල්ලා ගැනීම කියන එක, පහ වෙන්න ඕනේ. අන්න එතෙන්දි අපිට එනවා, චේතනා කියන එක හරායති කියන එක. එතකොට ඊළඟට දැන් ලාභමච්ඡරියට තමයි අපි ජිගුච්ඡති කියලා කියන්නේ. ඒකට ජිගුච්ඡති නම්, අර සුභය සනාථ කරන විඤ්ඤාණ ධාරාව පැවතීම කෙරෙහි, ජිගුච්ඡති. සුභය සනාථ කරන්නේ අර instance එකයි class එකයි නේ ද? ඒ දෙකෙන් තමයි සුභය සනාථ කරන්නේ. එතකොට අන්න ඒකට අපි ඒ ජිගුච්ඡති කියන එක තියෙනවා.

ඉතින් මේ විදිහට දැන් අපි අසම්පජානකාරීත්වයට අට්ටීයති, චේතනාවට හරායති, විඤ්ඤාණයට එතන අපි ජිගුච්ඡති කියන එක වැටෙනවා. ඒ තුනෙන් බලපෑම අනුව තමයි අර ලාභමච්ඡරිය කියන එකට අපිට ඇවිල්ලා තියෙන්නේ විඤ්ඤාණයේ අවසාන කතාවේ දී.

ඉතින් මේ විදිහට බැලුවයින් පස්සේ මේ සිත හරි පුදුමාකාර තත්වයක පවතිනවා. නිරෝධයට යනවා. නිතර නිතර ම නිරෝධයට යනවා. ඉතින් මේ භාවනාව නිරොධසමාපත්‌ති ඥානය.

ඒක තමයි මේ භාවනාවේ තියෙන්නේ.