Date: 16/11/2015 Name: Attanu Dittiya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ සඳහන් වෙනව නේ අර අවිද්‍යා අනුසය හේතු කොටගෙන එන්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ, බැස යා යුතුයි කියන වාක්‍යය. ඒකෙ පෙන්නනවා විඤ්ඤාණ ධාරාව පවතිනවා ය යන දිට්ඨිය නිසා චිත්තය අත්නොහැර අල්ලා ගැනීම පහ විය යුතුයි කියලා කියනවා. අන්න ඒ වාක්‍යයට මගේ හිත යොමු උණා. එතෙන්දි මම කල්පනා කරා, විඤ්ඤාණ ධාරාව පවතිනවා කියන දිට්ඨිය මොකක් ද කියන එක. එතකොට මේක අත්තානුදිට්ඨිය කියලා හොඳට පැහැදිලි උණා මට ඒක වැටහුණා. මේක සිද්ධ උණේ අපි 05/11/2015 අර අත්තානු දිට්ඨි භාවනාවේ දී අපි ඉගෙන ගත්තා, අත්තානුදිට්ඨිය වටහා ගත්ත ආකාරය තියනව නේ. අන්න ඒ ආකාරයට. මතක නේ අර squares 2 තියෙනවා කියලා, ඒ කියන්නේ වේදනා, නාමරූප, පරාමාස, සෝක. ඊළඟට ආපහු තියෙනවා, පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච, පරිදේව.

එතකොට ඒකේ අපි තේරුම් ගත්තා මෙන්න මේ විදිහට, මේ වේදනා, නාමරූප රේඛාව දික් කළහම අපි එන්නේ චේතනාවට. ඉතින් ඒ පල්ලෙහායින් ආපහු භය අගතිය කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉදංසච්ච, පරිදේව දෙක දික් කළොතින් භය අගති. මේක දෙක දැන් වේදනාව දෙපැත්තකින් එනවා, මෙතනින් අත්තා කියන එක තියෙනවා, ඒ චේතනාවයි, භය අගතියයි.

ඊළඟට අපි ගත්තා මේ රූපකායේ, ඒ රූපය තමා කියලා ගන්නවා කියන එක තියෙනවා, අර රූපයයි ජාතියයි අතර. එතකොට රූපං අත්තතො සමනුපස්සති කියනවා නේ. එතකොට මේ squares දෙක මේ චේතනාව මගින් glue කරලා ඇතෙයි කියලා අපි ඉගෙන ගත්තා, අත්තා කියන එක. අත්තා තුළ අර රූපය ඇති බව, ඒ කියන්නේ, රූපවන්තං වා අත්තානං, කියන කෑල්ල. එතකොට එතෙන්දි අත්තානුදිට්ඨිය අපි දෙපලක ලකුණු කරා කියලා ඕගොල්ලන්ට මතකයි. ඒ එක පලක් තමයි අර, භය අගති වේදනා රේඛාව, දිට්ඨි අනුසය රේඛාව. අනිත් අතට අර මුළු විඤ්ඤාණ ආහාර පාර. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් මෝහ අගතිය දක්වා එන්නා වූ එක කියන එක. ඉතින් එතැන දී අපි ඉගෙන ගත්තා, ඇයි දෙපලක ලකුණු කරන්නේ, විඤ්ඤාණය මගින් තමයි අපි දැනගන්නේ, ඒ වේදනාව කියන එක දැනගන්නවා, එකකින් තොරව අනිත් එක පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියන එක තේරුම් ගත්තා.

එතකොට එහෙම නම් මේ චේතනාව මගින් glue කිරීම කියන එක කොහොම ද සිද්ධ වෙන්නේ. ඒක නේ අපේ ප්‍රශ්නය? දැන් එතෙන්දි රහතන් වහන්සේ පෙන්නනවා, “යම් නාමරූපයක් වේ ද, ඒ නිසා යම් බලපෑමක් වේ ද, ඒ පරියුට්ඨානය හරහා චේතනා වීම කියන එක සිදු වේ. යම් චේතනාවක් වී ද, එය ඉදංසච්චය හරහා විඤ්ඤාණගත වීම, අවිද්‍යා ආශ්‍රව බවට පත් විය. මෙසේ කරකැවීමත්, කරකැවීමෙන් වන ආස්වාදයත්, එක ම ධර්මයක් මෙන් වැටහෙන්නේ, වෙනස සොයා ගත නොහැකි වන්නේ, ඇලීම කියන එක සිද්ධ වෙනවා.” කියලා. කරකවන එකයි, ඒ කරකැවීමෙන් ඇති වෙන ආස්වාදයයි. කුඩා දරුවෙකුට ඕක තේරෙන්නේ නැහැ නේ. මොකක් හ‍රි එකක් ඒක, කකුලෙන් ගහලා හරි ඒක කැරකෙනවා, කැරකෙනකොට ඒකෙ ආස්වාදය. අන්න ඒ දෙක ම එකයි කියලා. ඒ කියන්නේ සකස් කරනවා කියන එක තේරෙන්නේ නැති පුද්ගලයාට, මේ දෙක ම එකයි. ආන්න මේ නිසා තමයි ඇලීම කියන එක සිද්ධ වෙන්නේ.

ඉතින් එහෙම නම් දැන් අපිට පේනවා, චේතනා, ඉදංසච්ච, අවිද්‍යා ආශ්‍රව, ඊළඟට අනත්තේ අත්තා කියන විපල්ලාසය, උඩට චේතනාව. ඒ කියන්නේ ඒක ධාරාව වගේ ගමන් කරනවා, චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය හරහා ඉදංසච්චයට, එතනින් පල්ලෙහාට එනවා අපි අවිද්‍යා ආශ්‍රවයට, අවිද්‍යා ආශ්‍රවයෙන් අර අනත්තේ අත්තා කියන විපල්ලාසයට. ඒ දෙක parallel line දෙකක් නේ තියෙන්නේ. ඉතින් අපි ආපහු උඩට එනවා අත්තා කියලා. එතකොට අන්න ඒ අනත්තේ අත්තා කියන තැන ඉඳන් උඩ චේතනාවට තියන අත්තා කියන කතාව, අපි ලකුණු කරගත්තොත් ඒ කතා කරන්නේ සියල්ල නිසා අත්තා. අහංනුයි මමංනුයි දෙක ම නිසා එතන ඇති වෙන්නා වූ ඒ අත්තා කියන එකයි එතනදී කියන්නේ.

එතකොට රහතන් වහන්සේ පෙන්නනවා, “මෙසේ අනත්තේ අත්තා විපල්ලාසය සහ ජීවිත ඉන්ද්‍රිය මූලික වීමෙන් ඒ සංස්කාරය කියන එක පවත්වනවා.” කියලා. සංස්කාරය කියන එක පවත්වනවා කියලා. සංසාරය පැවැත්වීමත් ඒ විදිහට තමා. එතකොට ඊළඟට මට තේරෙනවා, ඕක විතරක් නෙවෙයි, තවත් එකක් තියෙනවා. මේක මම හුඟාක් ඉස්සර මේ භාවනාව කරලා තියෙනවා. ඒකේදි තේරෙනවා, ඕකට ම තවත් එකක් අපේ තියෙනවා, මොකක් ද ඒ? විඤ්ඤාණය ඉඳන් පල්ලෙහාට එනවා අනිත්‍යයේ නිත්‍යා, අනිත්‍යයේ නිත්‍යා කියන තැන ඉඳලා එනවා දිට්ඨි ආශ්‍රවයට. දිට්ඨි ආශ්‍රවයෙන් අපි යනවා පරාමාසයට, උඩ පැත්තට. එතනින් යනවා, ජීවිත ඉන්ද්‍රිය හරහා පරාමාසය ඉඳන් විඤ්ඤාණය කියන එකට. එතනත් තියෙනවා අර parallel මේකක් විදිහට යනවා.

එතකොට මෙතන ඉන්නේ අහංකාරය. දිට්ඨි ආශ්‍රවය ඉඳන් පරාමාසයට ඉන්නේ අහංකාරය. ඒ අහංකාරය විසින් අර ජීවිත ඉන්ද්‍රියට support කරනවා. ඒක නේ ඒ ධාරාවෙන් පෙන්නන්නේ. ඒක නේ දැන් අපි, අර පෙන්නුවේ, මම පුරුෂයා කියලා ස්ත්‍රිය දෙස බලනවා කියන කතාව කිව්වේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ මෙතන දැන් අහංකාරය කියන එක තියෙනවා. ඒ නිසා මොකක හරි දැක්ක ගමන් එකපාරට ම අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ බැස ගැනීම කියන එක, අපි විඤ්ඤාණය ඇති වීම කියන එක තියනව නේ. ඉතින් ඒකෙන් ජීවිත ඉන්ද්‍රියට යවනවා කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි අත්තානුදිට්ඨිය කියන භාවනාව.

මේක තමයි මං කරපු භාවනාව.