ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
ඉතින් ඒක ඉතාමත් ම ගෞරවයෙන් තමයි මං අද ඒක කළේ, වෙනදටත් වඩා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ භාවනාවට පෙර 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනාව බලන්නයි කියලා පැවසුවා. ඒකේ සඳහන් වෙනවා අර අත්තනි වා රූපං කියන එක. ඒ කියන්නේ form as in the self. එහෙමත් නැත්නම් රූපය අත්තා තුළ යන කාරණයට මම සිත යොමු කළා. ඒකෙදි අර අහංකාරය තුළ රූප සෙවීම ඇත. Seek delight කියන එක අපි ඉගෙන ගත්ත. ඒ කියන්නේ අර නටමින් ඉන්න පුද්ගලයා, ඒක දැන් නටන්න ඉස්සෙල්ලා අර සිංදුවක් ඇහිලා නේ නැටුවේ. දැන් සිංදුව නතර වෙලා. ඒක නටන්න දැන් ඒ පුද්ගලයා සුදුසු රූපයක් හොයනවා. එතකොට නටමින් සිටින පුද්ගලයා ඒ නටන සංස්කාරයට අහංකාර වෙලා. ඒකට ගැළපෙන සිංදුව සොයනවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ අවුරුදු දාසයේ ගෑනු ළමයගේ කතාවත් ඒ විදිහ ම යි. දැන් ඔය පෙළක් වෙලාවට අම්මලා එහෙම කියන්නේ මෙයාට හරි නැටිල්ලක් කියලා. ඒ ඔය තරුණ ළමයෙක් ඒ විදිහට දඟලනකොට නේ ද? එතකොට එහෙම නම් නැටීමෙන්, ඒ කියන්නේ කැරකවීමෙන් ඇති වෙන ආස්වාදය අහංකාරය තුළ තියෙනවා. ඒ සඳහා තමයි අපි රූප සොයන්නේ.
ඉතින් එහෙම නම් අර ඊයේ භාවනාවත් එක්ක ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න ඕනේ. අපි කිව්ව නේ අර ඒ දෙක ම කැරකැවීමේ කතාවත් කැරකවීමෙන් එන ආස්වාදයත්, මේ දෙක ම තෝරගන්න බැරි වෙලා මෙයාට මේ අර ඇලිලා ඉන්නවා කියන එක තියෙන්නෙ කියලා. එතන දී එහෙම නම් අර ඊයේ එකේ picture එක එනවා. ඒක මතකයි ඕගොල්ලොන්ට පරාමාසය, විඤ්ඤාණ, ජීවිත ඉන්ද්‍රිය හරහා එතනින් අනිත්‍යයේ නිත්‍යා, එතනින් පහළට එනවා දිට්ඨි ආශ්‍රවය, එතනින් උඩට එනවා අපි පරාමාසකායගන්ථය. එතන අපි දිට්ඨි ආශ්‍රවයයි පරාමාසයයි අතර අහංකාරය, අත්තා කියලා ලිව්වා.
එතකොට එහෙම නම් අපි ඉගෙන ගත්තා ඔය අත්තනි වා රූපං කියනකොට, අර මෙහා පැත්තෙන් සඤ්ඤාව, වේදනාව, ඊළඟට අර සුභය හරහා චේතනාව. එතකොට ඔය වේදනාවයි සඤ්ඤාවයි අතර පෙර අත්තා කියලා අපි ලියනවා. ඉතින් එතෙන්දි කිව්වා පෙර අත්තා කියලා කියන්නේ ස්පර්ශ වීමට පෙර යමක් ඇතියි කියලා හිතලා ඒ මනසේ සඳහන් වන රූප ස්වභාවය පමණි කියලා.
ඉතින් එහෙම නම් දැන් අපිට ලස්සනට පේනවා. පෙර අත්තා කියලා කියන්නේ අහංකාරය ම නේ ද? වෙන මොකක්වත් නෙවෙයි. අහංකාරය ම යි කියලා පේනවා, ඒක එසේ ම යි. ඒ කියන්නේ 04/10/2015 දුක්ඛ නිරෝධ අරිය සච්ච දෙවැනි භාවනාව මට ඒ වෙලාවේ සිහි වුණා. ඒ වේදනාව ඇති තැන අපි අහං කියලා ලියනවා. මතක ද ඒක. ඒ රේඛාවේ අපි ලියනවා නේ. උඩ චේතනාව, ඒ නාමරූපය පල්ලෙහායින් අර ජාතිය, ඒ රේඛාවේ අපි වේදනාව තැන අහං කියලා ලියනවා.
ඊළඟට දැන් එහෙනම් අපි මේ කැරකවීමෙන් ඇති වන ආස්වාදයයි දැන් බැලුවේ. දැන් ඊළඟට අපිට බලන්න තියෙන්නේ කැරකවීම කියන ධර්මය. එතකොට දැන් මේ ඊයේ භාවනාවේ කෑලි දෙක මේ පෙන්නන්නෙ. ඒ ධර්මයන්ට මගේ සිත යොමු වුණා. අර ඉස්සෙල්ලා ආකාරයට අපි බැලුවොතින් අපි චේතනා වෙනවා. අර වේදනාව, අහං එතන අර සුභයි, ඊළඟට චේතනාව දක්වා යනවා. එතකොට එහෙම වෙනවා නම් රූප සොයන්නේ, ඒ ලැබෙන්නේ නම් සතුටු වෙනවා. තමාට ගැළපෙන රූප ලැබුණා යැයි කියලා, ජීවිත ඉන්ද්‍රිය යම් පින වීමක් ඇත්ද අන්න ඒකයි. කැරකවීම කියන්නේ ජීවිත ඉන්ද්‍රිය පින වීමක් වුණා. අර රූපය ලැබිලා. තමාට ගැළපෙන රූපය. ඒ කියන්නේ අර අහංකාර කතාවත් එක්ක ආපු ගැළපෙන රූපය. තමාගේ නටන එකට ගැළපෙන සිංදුව වගේ.
එතකොට එහෙම නම් ඊළඟට අපිට ආපහු සම්බන්ධ වෙනවා. අර ඊයේ බලපු ඊළඟ parallelogram එක. ඒ කියන්නේ චේතනා, ඉදංසච්ච ඒක ජීවිත ඉන්ද්‍රිය හරහා ආවේ, එතනින් ආවා අවිද්‍යා ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවයෙන් අනත්තේ අත්තා. එතනින් අපි යනවා චේතනාවට. එතන අපි ලිව්වා සියල්ල නිසා අත්තා කියලා.
ඊළඟට ජීවිත ඉන්ද්‍රිය කියන තැනට දැන් අපි කිව්වා මේක තමයි පිනවන්න එන්නෙ කියන එක. ඉතින් මේ සියල්ල නිසා, මෙහි දී අපි මෙතෙන්දි සියල්ල නිසා අත්තා කියන එක මම මෙනෙහි කළහම, එතන “ඒ සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ සිහි කළ යුතුයි” කියලා රහතන් වහන්සේ කිව්වා. සඤ්ඤාවයි චේතනාවයි විඤ්ඤාණයයි. එහෙනම් අහංකාරය මගින් නිශ්චිත, ඒ කියන්නේ determine කරපු, කරන ලද කොටස් හා යම් සබැඳියාවක්, ඒ කියන්නේ connection එකක් ඇති ද, එය පින විය යුතුයි. මොකක් ද සඤ්ඤාවයි, චේතනාවයි, විඤ්ඤාණයයි. ඉතින් මේ නිසා ම තමයි අර සඤ්ඤා චේතනා විඤ්ඤාණවලින් ඉවත් වෙනවා නම්, යථාභූත ඥානයෙන් යුක්තව ඉවත් වෙනවා කියන්නේ මෙන්න මේකයි. ඒක තමයි මේ පවසන්නේ. ඉතින් මේ භාවනාවේ නම අත්තානුදිට්ඨිය.
ඒක තමයි භාවනාව.