ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව පටන් ගත්තේ අර කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, ඒ විදිහට ගිහිල්ලා අපි ජරා ව්‍යාධිවලට කැමති වෙලා අන්තිමට මරණයටත් කැමති වෙනවා කියන එක, නන්දිය. ඉතින් ඕගොල්ලන්ට මතකයි අපි කලින් භාවනාවක් කළා, ඒ ගිද්ධිලෝභය අවට තියන කාරණා තුන, ඒකෙදි අපි ගත්තා ඒ නන්දිය තියන තැන අට්ටීයති, ඊට පස්සේ කාමච්ඡන්දය හරායති, ඊළඟට ලාභමච්ඡරිය තියන තැන එතන අපි, ජිගුච්ඡති කියලා.
ඉතින් ඕක අපි තව කාරණා තුනකට සම්බන්ධ කළා ආපහු. අපි දන්නවා ඔය නන්දිය ඇති වෙන්න නම්, අපි එන්න ඕනේ, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට, ඒක එන්න නම්, අවිද්‍යා අනුසය ඉඳන් එන්න ඕනේ අවිද්‍යා ආශ්‍රවයට. එතකොට එහෙම නම් ඒ රේඛාව දික් කළහම, අසම්පජානකාරීත්වය කියන රේඛාවට, එතනින් ඒ අසම්පජානය කියන තැනට ආවහම, එතෙන්දි අපි අට්ටීයති කියන එක ගත්තා. ඊට පස්සේ හරායති කියන එක අර චේතනාව තියන තැනට එනවා, එතෙන්දි අපි ඒ සම්බන්ධතාවය ඉතින් ඔයගොල්ලෝ හෙමින් සීරුවේ බලන්න ඕනේ. අර සුභයි කියන එක අපි ලකුණු කරනවා නේ එතන. එතකොට එතනින් චේතනාව වෙන තැන අල්ලාගෙන ඉන්නවා කියන එක. අත්තානුදිට්ඨිය නිසයි මේක අල්ලාගෙන ඉන්නේ. එතකොට ඒක හරායති. ඊළඟට මේ සුභය කියන එක සනාථ කරනවා, අර නිත්‍ය සඤ්ඤාවෙන්, විඤ්ඤාණයේ ඉඳන් ඇවිල්ලා එතන භය අගතියෙන්, වේදනාවට ඇවිල්ලා ඒකෙන් ඒ නිත්‍යභාවයෙන් සනාථ කරනවා. එතකොට ඒක අපි දැන් ජිගුච්ඡති කියලා ගත්තා.
දැන් රහතන් වහන්සේ මට මේ අද භාවනාව කරන්න ඉස්සෙල්ලා මට කිව්වා, ඔය 10/11/2015 බොජ්ඣඞ්ග භාවනාව බලන්න කියලා. ඉතින් මේ භාවනාවන් නිතර ම ඊයේ භාවනාවත් එක්ක නේ සම්බන්ධ වෙන්නේ. ඒක මම සිහි කරනකොට ම මට, එක ධර්මයක් මගින් ජීවිත ඉන්ද්‍රිය පිනවීම පවත්වන බවත්, තව ධර්මයක් මගින් ඒක සකසන බවත් මට වැටහුණා. කෙසේ ද, සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව අපි සිහි කරනකොට, ඔයගොල්ලන්ට මතකයි අපි අර diagram එකක් හැටියට ලියා ගත්තොතින් අර භය අගති, වේදනා, චේතනා, ඉදංසච්චය කරා යනවා, ජීවිත ඉන්ද්‍රිය කියන එක චේතනාවයි, ඉදංසච්චයයි අතර තියෙන්නේ, ඉතින් එතන අපි ලියාගත්තා මගේ යැයි කියනවා චිත්ත සංස්කාරයන් කියන ඒවා. අපි දන්නවා ඔය සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව භාවිතා කරලා, භය අගති ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට තියන පාරවල් තමයි කපන්නේ කියලා, එතකොට අත්තා කියන එක තියෙනවා, සම්පූර්ණයෙන් භය අගති ඉඳන් චේතනාව දක්වා.
එතකොට, ජීවිත ඉන්ද්‍රිය සෑදීම කියන එක සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව නැත්තන් සිදු වෙනවා කියන එක මට ඒක වැටහුණා. ඒ කියන්නේ අත්තා යැයි කියලා යම්කිසි සඤ්ඤාවක් සනාථ කිරීම වන්නේ නම්, සල්ලය මගින්, අර රතු පථය මතකයි නේ, රතු පථය මගින්, මගේ යන චිත්ත සංස්කාර වෙන්නේ, ජීවිත ඉන්ද්‍රිය සෑදීම සිදු වෙනවා. කුමක් නිසා ද? චේතනා නිසා. චේතනා නිසා ය. සළායතන කියන එක හටගන්නවා. චේතනා කියන තැන ඔයගොල්ලෝ ඒ diagram එකේ සළායතන කියලා ලියාගත්තා නම්, අන්න එහෙම නම් දැන් පේනවා, මෙතෙන්දි තමයි ඒ අපි සෑදීම කියන එක සිද්ධ වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය කියන එකේ. එතකොට අර රතු පථය අමතක කරන්න එපා ඒ අවස්ථාවේ දී.
ඊළඟට අපිට එනවා, සබ්බසඞ්ඛාරෙසු අනිත්‍ය සඤ්ඤාව කියන එක. ඒක සිහි කරනකොට ඔයගොල්ලන්ට මතකයි අර පටික්කුලයි වේදනාව, අප්පටිකූලයි වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර. ඉතින් ඒ diagram එකේදි අපි ඇඳගන්නවා නම්, වේදනා චේතනා, චේතනා ඉදංසච්ච අතරේ ජීවිත ඉන්ද්‍රිය කියන එක තියෙනවා. ඊට පස්සේ ඉදංසච්චයෙන් අපි භය අගතියට එනවා, මේ දෙක අතර තියෙනවා පරිදේවය කියන එක, ඊළඟට භය අගති ඉඳන් පරාමාසයට අහං කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා මෝහ අගතියෙන් ඔය line 6 එක හරහා ඔය පරිදේවය කියන තැනට අපි එනවා කියන එක. අපි දන්නවා අහංකාරය තුළ කැරකවීම මගින් වෙන්නා වූ ආස්වාදය කියන එක ඇතෙයි කියන එක.
ඉතින් දැන් අපිට පේනවා ඔය චිත්ත සංස්කාර පරිදේව වන බව නොදන්නේ නම්, අපි බලන්නේ මේක අනිත් පැත්තට, සබ්බසඞ්ඛාරෙසු අනිත්‍ය සඤ්ඤාව නැත්නම් මොකද වෙන්නේ කියන එක. ඒක නොදන්නේ නම්, එවන් චිත්ත සංස්කාරයන්ට අපි අහංකාර වෙලා, රූප සොයන බව අපි ඉගෙන ගත්තා. ඉතින් දැන් මේකට උදාහරණ වශයෙන් ගත්තොත් අපිට පේනවා, ගෙයක් හදාගෙන ඉන්න පුද්ගලයා ඒක පැවැත්වීම, පවත්වා ගැනීම සඳහා ලී වැනි දේවල් සොයනවා කියන එක. එසේ ම ජීවිත ඉන්ද්‍රිය පවත්වා ගැනීමට අපි රූප සොයනවා කියන එක තියෙනවා.
එතකොට එකකින් සෑදීම කියන එක කරනවා, ඒ කියන්නේ සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව නැත්නම් අපි සෑදීම කියන එක කරනවා, සබ්බසඞ්ඛාරෙසු අනිත්‍ය සඤ්ඤාව කියන එක නැත්නම් maintain කරනවා කියන එක, ලී වාගේ දේවල් හොයලා, maintain කරනවා කියන එක තියෙනවා. ඉතින් මේ දෙක බැලුවහම අර, දැන් අපිට පේනවා, අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා, බැලුව නේ අපි. එතකොට විඤ්ඤාණ ධාරාව කියන එක අතනින් ආවා නම්, නිත්‍යයි කියලා, භය අගතියට ඇවිල්ලා එතනින් අර සනාථ කරනවා කියන එක. ඉතින් අන්න ඒ කෑල්ල හොඳට, ඒ අවස්ථාව කල්පනා කරන්න ඕනේ. අර භාවනාව කරලා මේක කරන්න වටින්නේ අන්න ඒකයි.
ඉතින් එතෙන්ට තමන්ට පේනවා අර නැති දෙයක් තමයි, නමුත් අර අපි පිළිකුල් කළ යුතු සුභයි කියන එක පිළිකුල් කරන්නේ නැතුව, අපි මෙන්න මේ අවස්ථාවේ දී මේක සකසා ගන්නවා කියන එක. පිළිකුල් කළ යුතු දේ පිළිකුල් කරන්නේ නැතුව ඒක maintain කර කර අපි ඉන්නවා කියන එක තමන්ට පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.