Date: 19/11/2015 Name: Jivita Indriya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට මම තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම කලින් අපි භාවනාවක් කළා ඕගොල්ලන්ට මතකයි, අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගත්තා. අට්ටීයති කියලා ගත්තේ අර නන්දිය තියන තැන, හරායති කියලා කිව්වේ කාමච්ඡන්දය, ජිගුච්ඡති කියලා කිව්වේ ලාභමච්ඡරිය, ඒ කියන්නේ සියලුම අත්තා කියන එක. ඕක අපි සම්බන්ධ කරා කාරණා තුනකට, ඒ කියන්නේ ආපහු අපි දැක්කා, අසම්පජානය කියන තැන, එතන අපි ගත්තා ඒ අට්ටීයති කියන එක. ඊළඟට ආපහු චේතනාව තියන තැන, හරායති කියලා ඊට පස්සේ විඤ්ඤාණය තියන තැන ජිගුච්ඡති.

එතකොට ඒකෙ සම්බන්ධතාවය හැටියට පෙන්නුවේ මොකක් ද? අර අපි නන්දිය අට්ටීයති කියලා කියනවා නම් නන්දිය දක්වා, නන්දිය සනාථ කරන්න එන අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට. අවිද්‍යා ආශ්‍රවයට එන්නේ අවිද්‍යා අනුසයෙන්. එතකොට ඒ රේඛාව උඩට ගෙනිච්චහම, අසම්පජානකාරීත්වය. එතකොට ඒක, නන්දියට අට්ටීයති නම්, එතන අසම්පජානකාරීත්වය තියන තැන එතනට අට්ටීයති. ඊට පස්සේ අපි හරායති කියනකොට අපි ගන්නේ කාමච්ඡන්දය. ඉතින් මහණෙනි සුභ නිමිත්තක් ඇත, එතකොට එහෙනම් සුභ නිමිත්ත කියන එක නේ අපිට හරායති වෙන්නේ. එතකොට අපි සුභය කියන එක අපි ලකුණු කරගත්තොත් අර චේතනාවයි, වේදනාවයි අතර, එහෙම නම් එතෙන්දි අපිට පේනවා, චේතනාවට හරායති, අල්ලාගෙන ඉන්නවා කියන එක.

ඊළඟට ජිගුච්ඡති කියලා කිව්වහම අර සුභය කියන එක සනාථ කරනවා විඤ්ඤාණය මගින්. එතකොට, නිත්‍යයි කියන සංකල්පය මගින්, එතකොට එතන අපි ජිගුච්ඡති කියලා ගත්තා. ඉතින් මේක කරලා ඉවර වෙලා, ඊට පස්සේ අපි කරා නේ, 16/11/2015 අත්තානුදිට්ඨිය භාවනාව. අන්න එතෙන්දි ඉගෙන ගත්තා, චේතනාව මගින් glue කිරීම කියන එක, කොහොම ද සිද්ධ වෙන්නේ කියන එක. ඒ වාක්‍යය මම නැවතත් මෙනෙහි කළා. ඒකෙ අපි ඉගෙන ගත්තා යම් නාමරූපයක් වේ ද, එය නිසා යම් බලපෑමක් වේ ද, එය පරියුට්ඨානය හරහා චේතනා වීම සිදු වෙනවා කියලා. ඊළඟට ආපහු තව කොටසක් අපි ඉගෙන ගත්තා, යම් චේතනාවක් වේ ද එය ඉදංසච්චය හරහා විඤ්ඤාණගත වී අවිද්‍යා ආශ්‍රව බවට පත් වේ. මෙසේ කරකැවීමත්, කරකැවීමෙන් ලබන ආස්වාදයත් එක ම ධර්මයක් මෙන් වැටහෙන්නේ, වෙනස සොයා ගත නොහැකි වන්නේ, ඇලීම සිදු වන්නේ ය කියලා.

එතකොට මේකේ දැන් වාක්‍යය දෙකක් තියෙනවා. පළවෙනි එකට අපි හිතමු A කියලා කිව්වොත්, යම් නාමරූපයක් වේ ද ඒ නිසා යම් බලපෑමක් වේ ද, එය පරියුට්ඨානය හරහා චේතනා වීම සිදු වේ කියන එක. එතකොට අන්න ඒ ධර්මය මම සිහි කරනකොට, දැන් ඔය ඊයේ ඇවිදිනකොට, ඉගෙන ගත්තා යම්කිසි ධර්මයක් අපි. ඒ ධර්මය තමයි, මේ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්, මේ තේජෝ ධාතුව භාවිතා කරලා, ඒ ජීවත් වෙන බව. මේක සියලුම බ්‍රහ්මකායට සාධාරණ බවත් ඒක සිහි කළා. ඒ කියන්නේ දැන් මනුස්සයෙකුට නම් ආහාරයක් තියෙන්න ඕනේ. මේක ආවේ මේ ප්‍රශ්නය කියන එක, දැන් මනෝමය කායෙන් ඉන්න එක භවයක් නෙමෙයි. ඇයි ඒ? එයා ජීවත් වෙන්නේ පරාමාසකායගන්ථය ඇතුළේ තියෙන දේකින් පමණයි. එයා අලුතෙන් ආහාරයක් ගන්නේ නැහැ, එයාට ගන්න පුළුවන්කමක් නැතිකම. ඒක නිසයි ඒක භවයක් නොවේ.

එතකොට, දැන් මනුස්සයෝ ආහාර ගන්නවා. දෙවියෝ ගන්නවා ඔය ආඝ්‍රාණය කරලා. අඹ ගෙඩියක සුවඳ වාගේ ඔය ආඝ්‍රාණය කරලා, ඒගොල්ලන්ට ආහාර. ඒක මනුස්සයන්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි බ්‍රහ්මයන්ටත් රූපය ඕනේ. යම් වූ, සියුම් වූ රූපයක් ඕනේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියත් රූපය කියන එක 50%ක් ස්පර්ශ කරනවා කියන එක තියෙනවා. එතකොට, එතෙන්දි මට රහතන් වහන්සේ පෙන්නුවා, එයා භාවිතා කරන්නේ තේජෝ ධාතු කියන එක. එතකොට මතක තියාගන්න ධාතු හතර ම තියෙනවා, හැබැයි තේජෝ ධාතුව කිව්වහම ඒක තමයි අර prominent එක හැටියට තියෙන්නේ ඒ කෑල්ල. එතකොට ඉතින් අපිට ඕක වැටහෙනවා ආලෝකය වගේ ඒවයෙත් තියෙන්නේ ඒ තේජෝ ධාතුව කියන එක තියෙනවා. එතකොට මේක හැමෝට ම සාධාරණයි. ඉතින් ඔය කෑල්ල සිහි වෙනකොට ම මම හිටියේ, deep space එකේ, ආකාසානඤ්චායතන ඈතට ගිහිල්ලා මම හිටියේ.

ඊට පස්සේ ආපහු මම මේක සිහි කරනකොට, මට පේනවා මෙතන ඉන්න එක්කෙනෙක්, ඔය hall එක ළඟ, බර කට්ටියක් මෙතන ඉන්නවා කියන එක පේනවා. ඒ අයගේ අතීත භවයක් ඒ කියන්නේ. එතකොට දැන් අපි ඕක ඔහොම මතක තියා ගමු, ඊට පස්සේ දැන් මං මේක සාධාරණ ධර්මයක් කියලා හැම බ්‍රහ්මකායට ම. එසේ නම් ඒ සඳහා කරන්නා වූ සංස්කාරයෝ, ඒ කියන්නේ චිත්ත සමාධීන්, විඤ්ඤාණඤ්චායතනය කිව්වත් චිත්ත සමාධියක්. උදාහරණයක් ගත්තොත්, විඤ්ඤාණඤ්චායතන ආලෝකය තුළ පැතිර පවතින්නා වූ තේජෝ ධාතුව ම අභිරමණය කරන්නේ, එය අළලා චේතනා වීම කියන එක වැටහුණා. එතකොට, මෙසේ මේ රූප ධර්මයන්, ඒ කියන්නේ තේජෝ ධාතුව, නාම ධර්මයන්, ඒ කියන්නේ විඤ්ඤාණඤ්චායතන වේදනාව, එකට ගැළපීම මගින්, ජීවිත ඉන්ද්‍රිය හටගැනීම කියන එක සිදු වෙනවා. අර මුලින් කිව්ව වාක්‍යයේ කෑලි දෙකක් තියෙනවා, පළවෙනි කෑල්ලේ පෙන්නන්නේ තේජෝ ධාතුව, මේ අපි කොහොම ද ජීවිත ඉන්ද්‍රිය හදා ගන්නේ කියන එක. අර දෙකේ ගැළපීමක් තියෙනවා.

එතකොට ඊළඟට පෙන්නනවා දෙවෙනි ධර්මය. දෙවෙනි ධර්මය කියන්නේ, යම් චේතනාවක් වී ද, එය ඉදංසච්චය හරහා විඤ්ඤාණගත වී අවිද්‍යා ආශ්‍රව බවට පත් උණා කියන එක. එතෙන්දි පෙන්නුවේ, මෙසේ කරකැවීමත්, කරකැවීම මගින් එන ආස්වාදය එක ම ධර්මයක් කියලා වැටහිලා තමයි ඒ පුද්ගලයා අර අල්ලගෙන ඉන්නවා කියන එක. එතකොට අපි දෙවෙනි ධර්මය සිහි කළොතින්, මෙසේ සෑදුණා වූ ජීවිත ඉන්ද්‍රිය මගින්, යම් ආස්වාදයක් විඳින්නේ, කරකැවීමෙන් එන ආස්වාදය, අවිද්‍යා ආශ්‍රව තුළට ගැබ් ගන්නේ, එවැනි සංස්කාරයන් නැවත සෑදීම, දෙයාකාරයකට ධ්‍යාන ඵල ලාභියා මගින් සිදු කරයි. විධි දෙකකට.

හත් වෙනි ධ්‍යානය දක්වා සංස්කාරයන් උපදවා, ඒවාට ඇලීම පහ නොකර, පවත්වනවා. අට වෙනි ධ්‍යාන ඵල ලාභියා නැවත නූපදින සංස්කාරය නිසා වූ යම් ආස්වාදයක් විද, එනම් තේජෝ ධාතුවෙන් යම් ඉවත් වීමක් මගින් මනා කොට ඉවත් වීම නිසා, ආස්වාදයක් වී ද, එය පැවැත්වීම අවිද්‍යා අනුසය මගින් ම සිදු කරනවා. මේ වෙලාවේ දී ධාරාව නොගලයි. නමුත් සියුම් වූ සඤ්ඤා පවතී. එම සඤ්ඤා ගැන ඔහුට හැඟීම් නැත.

එතකොට ඔයගොල්ලෝ අර picture එකක් වශයෙන් එනවා නම්, ජරාවේ ඉඳන් අවිද්‍යා අනුසය, අසම්පජානකාරීත්වය රේඛාව තියෙනවා, වේදනාවේ ඉඳන් චේතනාව දක්වා තියන එකේ මැද්දේ අපි සුභය කියන තැන අපි ලියාගන්නවා, තේජෝ ධාතුව කියලා. එතකොට කෑලි තුනකට කැඩිලා තියෙන්නේ. 1 ජරාවේ ඉඳන් වේදනාවට. 2 වේදනාවේ ඉඳන් තේජෝ ධාතුවට. 3 කියන්නේ තේජෝ ධාතුවේ ඉඳන් චේතනාව දක්වා. අරයා භාවිතා කරන්නේ ඔන්න ඔය තුන් වෙනි කාරණය. ඒ තේජෝ ධාතුවේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ යම් ධර්මයක් වී ද, ඊට අනුකූලතාවයක් පමණි. මෙය සිදු වන්නේ චේතනාව තුළ බැසගෙන ඇති සඤ්ඤා අගයෝ ඉවත් නොවී, චේතනාව මගින් ම පවත්වනවා. සඤ්ඤාව ගිහිල්ලා තියෙන්නේ චේතනාව අස්සට. ඒක මගින් පවත්වනවා. ඒක නේ ඒ නෙවසඤ්ඤානාසඤ්ඤා කියන එක කියන්නේ.

ඉතින් මේක හරි ලස්සනයි. ලස්සනයි කියලා කියන්නේ, මේ භාවනාව කරනකොට මම කිව්ව නේ ආකාසානඤ්චායතන deep space එකේ මම හිටියා, ඊළඟට මම මෙතන hall එක ළඟ, එකක් දැක්ක, මොකක් ද මේකෙන් කියවෙන්නේ? දැන් උත්පත්තිය යනකොට මේ මනුස්ස ලෝකේ වේවා, කොහේ වේවා, අර විඤ්ඤාණය තුළ අර තේජෝ ධාතුවෙන් තිබිච්ච energy signature එක තියනව නේ, ඒක තියෙනවා. එතකොට එයා ඒක තමයි match කරන්නේ. දැන් තමන් ගිහිල්ලා ඉපදෙනකොට මෙන්න මෙතන, තමන් කලින් හිටපු තැන්වල ඒවා තියනව නේ.

එතකොට දැන් තමන්ගේ කලින් ඉඳලා දැන්, ඒ එක එක පුද්ගලයාගේ energy signature එකක් තියෙනවා. මෙතන ඉන්න අයගෙත් එහෙම තියෙනවා. එතකොට ඒකට match කිරීම කියන එක අර විඤ්ඤාණයේ තියෙනවා. අර උපදින අවස්ථාවේ දී ආන්න මෙතෙන්ට ගියා. එකපාරට ම මට මේ ධර්මය පහළ උණා. මෙතැන දී මේ මේක මේවා කරනකොට ම. මෙතන මෙන්න මේකට තමයි අර ගිහිල්ලා රිංගුවේ. මම කිව්වේ හැමෝට ම හැම තැනට ම රිංග ගන්න බැහැ නේ. පුළුවන්කමක් තියෙන්නේ යම්කිසි ආකාරයකට, තමන්ගේ අර පෙර තිබුණා වූ ඒ දේවත් එක්ක තියෙනවා. එතකොට අන්න ඒ signature එක අනුව තමයි මෙයා මේක කරන්නේ. එතකොට ආකාසානඤ්චායතන signature යට ගිය එක්කෙනා, එතෙන්ට එයාට යන්න පුළුවන් තමන්ගේ මනස එතනට නැංවිලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඉතින් මව් කුසවල් ආදී වශයෙන් ඒක කෙරෙන්න පුළුවන්.

මේක තමයි මං කරපු භාවනාව.