ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මේ භාවනාව කරන්න ඕනේ හත් වෙනි ධ්‍යානය දක්වා තමන්ගේ සිත උස්සලා. ඒ කියන්නේ මම පටන් ගත්තා අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක අර ගිද්ධිලෝභය අවට තියෙන ඒ කාරණා තුන. ඒක බලලා ඉතින් ඕක අපි දන්නවා ඔතනින් අපිට හත් වෙනි ධ්‍යානයට දක්වා ඒකෙ යන්න පුළුවන්. ඒ සමාපත්ති ඥානය සඳහා කෙනකුට බලන්න පුළුවන්කම තියෙනවා නේ දුක්ඛ සත්‍යයේ ප්‍රතිලෝම වශයෙන් බලනකොට. අන්න ඒ කාරණාවත් එක්ක සම්බන්ධ කරලා අන්න එතැනට වෙනකන් මං ආවා.
ඒ ආවට පස්සේ මට මේ බුදුපියාණන් වහන්සේ කිව්ව භාවනාවට පෙර මෙන්න මේ භාවනාව කරන්නයි කියලා, බලන්නයි කියලා, ඒ කියන්නේ 11/11/2015 බොජ්ඣඞ්ග 2 භාවනාව බලන්නයි කියලා කිව්වා. එතකොට ඒ භාවනාවේ දී තියෙන්නේ, ඔයගොල්ලෝ දන්නවා වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති කියන diamond එක. එතකොට ඒකෙ අපි දන්නවා ඔය පරාමාසය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි ඔය එක i කියලා දානවා නේ, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා Roman i කියලා ගන්නේ, π අකුරෙන්. එතකොට ඊට පස්සේ ජීවිත ඉන්ද්රිය ඉඳන් විඤ්ඤාණය. ඒ ජීවිත ඉන්ද්රිය තියෙන තැන මගේ යන චිත්ත සංස්කාර කියලා අපි ලකුණු කරගන්නවා, විඤ්ඤාණය ඉඳන් ඊට පස්සේ අපි භය අගතිය. භය අගතියෙන් වේදනාව දක්වා එන්නා වූ diagram එකයි තියෙන්නේ. ඉතින් එතන දී අපි දන්නවා අධිට්ඨාන, දැන් සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව නේ, අධිට්ඨාන කිව්වහම ඉතින් අත්තා කියලා යම්කිසි සඤ්ඤාවක්, අර රතු පථය මගින් සනාථ නොකරන්නේ මගේ යන චිත්ත සංස්කාර අතහරී නම්, චිත්ත සංස්කාර නිසා ජීවිත ඉන්ද්රිය, විඤ්ඤාණ, භය අගති, වේදනා අන්න ඒ පථය ඔස්සේ වේදනා වීමත්, එමගින් අනුසය වීමත් බැස යනවා කියලා, රාග අනුසය එහෙම අපි රාග අනුසය බැහැගෙන යනවා කියලා අපි ඉගෙන ගත්තා ඒ භාවනාවේ. ඉතින් දැන් මං මේක ඊයේ භාවනාවත් එක්ක සැසඳුවා.
ඒකෙදි අපි දන්නවා ඔතන ඔය වේදනාව සඳහා තමයි අපි මේ චිත්ත සංස්කාර මගේ කියලා ගන්නෙත් වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර. එතකොට අපි කියමු මේක A කියලා පළවෙනි කාරණේ. දෙවැනි කාරණය හැටියට අපි ගන්නවා, ඇතුළත ඇති විඤ්ඤාණ ධාතුව නිසා රස්නය පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තරුණ පුරුෂයෙක්, තරුණ කාන්තාවක් දැක්කහම ඒ දෙන්න අතර මුකුත් සිදු වුණේ නෑ. නමුත් ඒ රස්නයක් ඒ ඒගොල්ලොන්ගෙ ඇතුළේ ඒ ඇති වීමක් කියන එක තියෙනවා heart එක වැඩි වෙලා හරි. අන්න ඒ ආකාරයට හිතන්න ඕනි. ඇතුළේ ඇති විඤ්ඤාණ ධාතුව නිසා රස්නේ පවතී.
තුන් වැනි කාරණයට පේනවා පිටත ඇති රූප කෙරෙහි හැඟීම් නැත කියලා. එතකොට, දැන් දෙවනියට දක්වපු ධර්මය, ඒ කියන්නේ ඇතුළත ඇති විඤ්ඤාණ ධාතුව නිසා රස්නේ පවතී කියන එක. අන්න ඒක කෙරෙහි ඕලාරික gross සිතුවිලි නැත්නම්, ආකිඤ්චඤ්ඤායතනය කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ රස්නේ කියන්නේ මේ තේජෝ ධාතුවත් එක්ක අපි මේ කරන්නේ. එතකොට තාමත් උණුසුමක් තියෙනවා, සඤ්ඤා නිසා. අතනින් අයින් වුණාට සඤ්ඤා නිසා උණුසුමක් තියෙනවා.
රහතන් වහන්සේ පෙන්නනවා “යම් කයක්, හත් වන ධ්‍යාන තලය තුළ උපද්දවා ද එය ගැන උණුසුමක් පවතිනවා.” කියලා. මෙවැනි උණුසුමකට අකැමැති වන්නේ, එවන් උණුසුම් ඇති කරන සංස්කාරයන් නොකරයි. මෙසේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. ඒකෙත් උණුසුමක් තියෙනවා. කුමක් නිසා ද? තේජෝ ධාතුවෙන් ඉවත් වීමට, මනා කොට ඉවත් වීමට, කරන ලද පෙර කළා වූ සංස්කාරයෝ, පූර්ව සංස්කාරයෝ, අන්න ඒවා නිසා. ඒක නිසා උණුසුමක් තියෙනවා. නිරෝධයට සමවැදුණු පුද්ගලයාට ද උෂ්ණය ඇත. ඕක ඔය සූත්‍ර දේශනාවල දී පෙන්නනවා. එය ද පෙර කළා වූ සංස්කාරය නිසා ය. මෙසේ තේජෝ ධාතුවේ යම් සංසිඳීමක් නැති ද, ඒ කියන්නේ සමුච්ඡේදයක් නැති ද, එතන නිර්වාණය නොවේ කියලා පෙන්නනවා.
ඉතින් මේක මේ අදහස තමන්ට තේරෙනවා නේ? ධ්‍යානයන්ගෙන් ධ්‍යානයට ගිය පුද්ගලයාට මේක තේරෙනවා. ඊට පස්සේ මේක මේ විදිහට දැනගෙන මං කිව්වේ හත් වෙනි ධ්‍යානයට ගිහිල්ලා ආපහු ඔය භාවනාව නැවතත් මෙනෙහි කරනවා. එයා බොජ්ඣඞ්ග භාවනාව පෙන්නපු විදිහට, මේ වේදනාව සඳහා චිත්ත සංස්කාර කරලා තියෙනවා නේ. අන්න ඒ මොහොතේ දී, ඕගොල්ලන්ට පේනවා ඒ ඒ ඉන්න අයගෙ මේ stream එකක්.
මෙතන ඉන්න එක්කෙනෙක්ගේ මම දැක්කා එයා වඳුරෙක් වෙලා ඉන්න හැටි, වඳුරෙක්ගේ භවය, ඒ කියන්නේ නිකන්, හරියට නිකන් photo එක වාගේ. මෙයා මෙන්න මෙතන මෙහෙමයි, මෙතන මෙහෙමයි. අර තුන ම එකට. ඒ භව තුන ම එකට, photo එක වගේ තමන්ට ඒක පේනවා. මෙතනින් මනුස්සයෙක් ගියා. එතනින් තමයි ඕක පටන් ගත්තෙ. ඒ මනුස්සයාගේ දැන් මෙතනින් ගියා ම අර trail එකක් වගේ තියෙනවා නේ. මට පේනවා දැන් ඒ මනුස්සයාගේ trail එක. දැන් එයා අර cursor එක move කරනකොට mouse එකේ හදන්න පුළුවන් නේ ද අර මේක පස්සෙන් එනවා වගේ. ආන්න ඒ වගේ එයා මෙතනින් ගියා කියන එක මං ඒක දැක්කා. ඊට පස්සේ මට පේනවා මෙතන ඉන්න පුද්ගලයෙක්ගේ, එයාගේ මෙතන භවයක කලින් භවයක, වඳුරු භවයක, වඳුරාගේ පැටියා හැටියට ඉන්න භවයක ඔහොම පේනවා. අර පැත්තෙන් බල්ලෙක් බුරනවා. අන්න ඒ බල්ලා මෙතන මේ ගහක් තියෙනවා මේ ගහේ එයාව බැඳලා තියෙනවා. එයා මනුස්සයෙක්. එයා දඬුවම් මොකක් හරි එකක් කරපු එකක් ඒ.
ඒ කියන්නේ මේ stream එකක්. අර තේජෝ ධාතුව අල්ල ගත්තම පුදුමාකාරයි මේ ඔක්කොම පේනවා. හැබැයි හතට ගිහිල්ලා මෙතැනට එන්න ඕනේ. මම හයෙන් පල්ලෙහා හිටියේ නෑ. ධ්යානයන්වල හයෙන් පල්ලෙහා හිටියේ නෑ. අර විඤ්ඤාණඤ්චායතනය එතන මේ ඔක්කොම ඒ තේජෝ ධාතුවත් එක්ක ඒ මුළු stream එක ම පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.