ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව පටන් ගත්තේ අර ඊයේ වගේ ම අර ගිද්ධිලෝභය තියන තැන ඒ තුන් ධර්මයට අපි අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා බැලුවා. ඊට පස්සේ එතනින් අපි එනවා සම්බන්ධ වෙලා අර සම්පජානකාරීත්වය තියන තැනට, අට්ටීයති, ඊළඟට හරායති කියලා එනවා අර චේතනාවෙන් අල්ලාගෙන ඉන්න එක, විඤ්ඤාණය තැන ජිගුච්ඡති. ඉතින් එතන ගියහම ඉතින් ඔය හත් වෙනි ධ්‍යානය ඔය විදිහට තියෙනවා, එක එක රූපයන්, මේ ස්ථානයේ ඉන්න පුද්ගලයන් ගැන, පේනවා අතීත භවයන් එක්ක.
රහතන් වහන්සේ මට කිව්වා, භාවනාවට ඉස්සෙල්ලා ඔය 10/11/2015 බොජ්ඣඞ්ග භාවනාව බලන්න කියලා. ඒකෙ තියෙනවා මේ සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව මගින් මගේ යන චිත්ත සංස්කාරයන් ඉවත් කරනවා කියලා අපි ඒකෙදී ඉගෙන ගත්තා. ඊළඟට සබ්බ සංඛාරයේ අනිත්‍ය සඤ්ඤාව මගින් අර නිත්‍ය යන චිත්ත සංස්කාර ඉවත් කරනවයි කියලා අපිට වැටහුණා. නමුත් තවමත් මගේ නොවෙයි කියලා සඤ්ඤාවක් ඉතුරු වෙලා තියෙනවා කියන එක අපි දන්නවා හත් වෙනි ධ්‍යානයේ ඉන්නකොට. එසේ නම් මගේ නොවෙන දේ ඉවත් කිරීම සඳහා අපි චිත්ත සංස්කාරයන් කරනවා. මොන ආකාරයට ද අපි කරන්නේ? අපි හිතමු අපි පරිහරණය කරපු tissue කොළ ටිකක් මේසේ උඩ තියෙනවා. දැන් මේක අරගෙන දාන්න ඕනෙයි කියලා අපිට චිත්ත සංස්කාරයන් එනවා. එතකොට ඊළඟට ආයෙත් අපි හිතමු රැවුල කපනකොට භාවනාව ගැන බලනකොට තමන්ට තේරෙනවා මේ රැවුලේ එක කොටසක් කැපිලා නැහැ කියලා. එතකොට නොකැපී පවත්වන කොටස ඉවත් කළ යුතුයි කියලා සිතනවා. දැන්, තමන්ට මේක දැන් කරන්නත් ඕනෙයි, මේක කපන්නත් ඕනෙයි. භාවනාව ඉගෙන ගන්නත් ඕනෙයි මේක කපන්නත් ඕනෙයි. අන්න ඒ වාගේ හැඟීම් තියෙනවා නේ ද? එතකොට මේ වගේ චිත්ත සංස්කාරයන් නිසා උණුසුමක් පවතිනවා. රත් වීමක් කියන එක.
යම් අයෙකු මෙසේ කලබල වන්නේ stress පවා ඇති වෙනවා. මෙය උණුසුමකි. එතකොට, අපි මේ වගේ අවස්ථාවල අපි කියනවා නේ cool down කියලා. අර මනුස්සයාට අපි කියනවා cool down කියලා. එතකොට, මෙසේ සඤ්ඤා නිසා රත් වීමක් තියෙනවා. සඤ්ඤාව නිසයි රත් වීම කියන එක එතන තියෙන්නේ. ඉතින් මෙවැනි සඤ්ඤා නිසා රත් වන බව දන්නේ එහි නිරෝධය උතුම් බව වටහා ගන්නා සත්වයා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි සිත් පැහැදීමෙන්, එය සමවැදීම කියන එක කරනවා. ඉතින් මේ භාවනාවේ මම වැඩි හරියක් හිටියේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එකේ තමයි. අර ඒකෙ එලියට එනකොට තමයි අර pictures ඒවා හරියට ඒවා පේන්න ගන්නේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. බොහොම කෙටියෙන්.