ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධි මරණයටත් කැමති වෙනවා. මේකට අපි ලැජ්ජා වෙන්න ඕනේ, හරායති. මැරී ඉපදීමටත් කැමති වෙනවා. එහෙනම් නන්දියට අට්ටීයති. කුමක් නිසා ද? නැවත ඉපදුණා නම්, නැවතත් ජරාවක් නේ. එසේ නම් ජරාවට ම අට්ටීයති. ලාභමච්ඡරියට ජිගුච්ඡති. එහෙනම් ලාභය ගැනීමට තුඩු දුන් සියලු අත්ත සඤ්ඤාවට ම ජිගුච්ඡති. විඤ්ඤාණයට ජිගුච්ඡති යැයි අපි වටහා ගත්තා.
එහෙම නම් අපිට දැන් diagram එකක් හැටියට එනවා, රූපය, කාමච්ඡන්ද, ගිද්ධිලෝභ, දික් කළහම ජරාවට. ඊළඟට විඤ්ඤාණය, පරාමාස, පදුට්ඨමනසඞ්කප්පයට, විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට ඒක දික් කළහම ජරාවට. ඊළඟට අපිට එනවා, වේදනාව, අසම්පජානකාරීත්වය. රේඛා තුනයි. පදුට්ඨමනසඞ්කප්පය දික් කළහම ජරාව දක්වා පැමිණෙනවා, එහෙම නම් ජරාවට ජිගුච්ඡති. ජරා, වේදනා, අසම්පජානකාරීත්වය. එහෙම නම් අපි කියනවා අසම්පජානකාරීත්වයට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා. තණ්හාව නිසා සිදු වන ක්‍රියාවලියක් බව නොදන්නේ, තණ්හාව නැති වන විට නැති වන බව නොදන්නේ, එවන් වූ අසම්පජානකාරීත්වය ඇති වීමට තුඩු දුන් වේදනාවටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති.
එහෙම නම් ජරා වේදනා අසම්පජාන කියන රේඛාවේ, අපිට පේනවා ඒක තමයි අවිද්‍යා අනුසය හැටියට අපි ලකුණු කරන්නේ, එහෙම නම් එතන ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අසම්පජානකාරීත්වයට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ඒකට තුඩු වෙච්ච වේදනාවටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මෙම රේඛාව ජාතිය දක්වා පෙරළෙනවා. අපි දන්නවා, වේදනාව වටා, කැරකිලා ජාතිය දක්වා ගියහම, රාග අනුසය මගින් ඇති කරන සියලු ධර්මයන් කෙරෙහි අට්ටීයති, හරායති, ජිගුච්ඡති.
ටික වෙලාවක් මෙතන හිටියා, හත් වන ධ්‍යාන, සමාපත්ති කුසලය සහිතව. ඒකෙන් අනතුරුව මට කුක්කුච්චය කියන එක සිහි උණා. මම ඊයේ භාවනාවේ එතෙන්ට ආවා. එයට හේතුව තමයි දිට්ඨි අනුසය. ප්‍රත්‍ය තමයි නොපිරුණු නුවණ, කුක්කුච්චයට. ප්‍රත්‍ය විමසන්නේ නොපිරුණු නුවණ යනු, සියලු සංස්කාරයන් කෙරෙහි, අනිච්ච සඤ්ඤා නැතිකම බව, මට වැටහුණා. “සාදු” යි කියලා ඇසුණා. ජරාවට කැමති, සිදු වන ක්‍රියාවලියට, ඇලීම, චේතනා වීම. ඒ කියන්නේ අපි මේක කලින් ඉගෙන ගත්තා, පෙර හරායති කියලා වටහා ගත්ත කොටස, අන්න ඒක හොඳින් මට සිහි උණා. මේක වැදගත්. මොකක් නිසා ද? විඤ්ඤාණ ධාරාව පවතී යැයි අල්ලා සිටිනවා. අත්තානුදිට්ඨිය මගින් මේක සිදු කරන බව අපි, ඉගෙන ගත්තා. එසේ නම්, තණ්හාව සහ නන්දිය අතර යම් සබඳභාවයක් වේ ද, එවන් සම්බන්ධතාවයක්, අත්තානු දිට්ඨියත්, අපි අර පරාමාසයත් භය අගතියත් අතර ලකුණු කරන අත්ත සඤ්ඤාව කියන, අතර ඇති බව මට මනා කොට වැටහුණා. අපි දන්නවා අර පටිච්චසමුප්පාදයේ පුරුක් දොළහ, ඒකේ ඇතුළේ තියෙනවා තණ්හාවක්, මේකේ එළියෙන් තියෙන්නේ නන්දිය.
අන්න ඒ වගේ ම අපිට පේනවා එහෙම නම්, අපි diagram එකෙක් හැටියට, ඇඳ ගත්තොතින් රූපයයි, ඊට පස්සේ වේදනාවයි, භය අගතියයි. චේතනා, පරාමාස. විඤ්ඤාණ, මෝහ අගතිය. අත්තානුදිට්ඨිය කියන එක අපි දන්නවා, දැන් මෝහ අගතියයි, විඤ්ඤාණයයි අතර. ඊළඟට ආපහු අපි දන්නවා පරාමාසයයි භය අගතියයි අතර අපි ගන්න එක 5A කියලා, අත්තා කියලා ගන්න එක. එතකොට දිට්ඨි අනුසය කියන එක ඇවිල්ලා භය අගතියයි වේදනාවයි අතර. එතකොට දැන් රූපයට සුඛ යන මතය පවරන ලද දිට්ඨි අනුසය ඔඩු දුවා එහි ඇලී අත්තානුදිට්ඨිය කියන එක ඇති වේ. මෙය තුළ වූ නිත්‍යභාවය මගින්, සත්වයා සසරේ පෙළ ගැස්සවීම වේ. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සඤ්ඤාව වන්නේ නම්, නොපිරුණු නුවණ පිරෙන්නේ කුක්කුච්ච නොවේ. සැක නැත්තේ, සියලු ආශ්‍රව දුරු කරයි. සම්මා දිට්ඨි වන්නේ ය. සම්මා ප්‍රඥා වන්නේ ය. සම්මා ඥාන වන්නේ ය. සම්මා විමුක්ති වන්නේ ය. මෙය නිබ්බානයයි.
ඒක තමයි මං කරපු භාවනාව.