Date: 23/11/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ හවස පූජාවෙන් පස්සේ වටහා ගත්ත ධර්මය නැවතත් මම සිහි කළා. ඒ කියන්නේ අපි දැක්කා අර 5A අත්තා ධර්මයට පසුව අපි රූපයට සුඛ යන මතය පවරන ලද, දිට්ඨි අනුසය කියන එක ඔඩු දුවලා, ඒකෙ ඇලිලා, අත්තානුදිට්ඨිය ඇති උණා කියන එක. ඉතින් මේක විමසනකොට, දිට්ඨි අනුසය කෙළවර ඇති වේදනාවත්, විඤ්ඤාණයටත් වැඩි අවධානයක් යොමු උණා. වේදනා සහ විඤ්ඤාණ significant බවත්, එය නැති කිරීම ඛිප්පාභිඤ්ඤාවලින් කළ යුතු බවත්, ඒ දුර්වල වූ රූපං අත්තතො සමනුපස්සති, ඒ කියන්නේ අපි දන්නවා මේ රූපයයි ජාතියයි අතර, ඒ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාව මගින් පහ කළ හැකි බවත්, ඒ වගේ ම රූපවන්තං වා අත්තානං කියන එක, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා මගින් පහ කළ හැකි බවත් වැටහිලා ගියා. කෙසේ ද කියන එක.

මෙතෙන්දිත් එතකොට අර diagram එක ඇඳගන්න ඕනේ, රූපයයි, ජාතියයි, ඊට පස්සේ අපිට එනවා වේදනාව, භය අගති, අනිත් පැත්තට යනවා චේතනා, උඩින් එනවා විඤ්ඤාණ, පල්ලෙහායින් මෝහ අගතිය කාරණා ටික ලකුණු කරගන්න. එතකොට අපිට එනවා, රූපං අත්තතො සමනුපස්සති කියන එක රූපයයි, ජාතියයි. ඊළඟට රූපවන්තං වා අත්තානං අපි චේතනා, භය අගති. ඊළඟට අත්තානුදිට්ඨිය කියන එක අර විඤ්ඤාණය, මෝහ අගතිය. එතකොට දිට්ඨි අනුසය කියන එක ඉතින් භය අගතියයි, වේදනාවයි අතර ලකුණු වෙනවා.

දැන් මෙතන පෙන්නනවා, යම් නාමරූපයක් වේ ද එය ප්‍රබල ය. යම් ඛිප්පාභිඤ්ඤාවක් මගින් එය පහ කරන්නේ නම්, ඒක ඒ ඕනෑ ම ඛිප්පාභිඤ්ඤාවක් වෙන්න පුළුවන්. මෙතෙන් දී බලන්න ඕන අර සබ්බාසව සූත්‍ර 2 දී, අර විරිය මගින් පහ කිරීම, වටහා ගත්ත ආකාරයෙන් අපි කල්පනා කරන්න ඕනේ. අර සංස්කාරයන් එහෙම ඉවත් කිරීම කියන එක. අන්න එහෙම කරනවා නම්, අර රූප පහ කිරීම කියන එක කරන්න පුළුවන්. ඛිප්පාභිඤ්ඤාව වඩන්නේ ඉද්ධිපාද හතර ම වැඩි ම මගින්, ඡන්ද ඉද්ධිපාදයෙන් ප්‍රබලතාවයට පත් කළ හැකි ය. ඡන්ද ඉද්ධිපාදයෝ කියන එක ප්‍රබලතාවයට පත් කරන්න පුළුවන් අර ඉද්ධිපාද හතර භාවිතා කරලා. එමගින් අපිට නිර්වාණය වෙනවා කියන එක. මෙතෙන්දි ආශ්‍රව නැසීම හෙමින් සිදු වන්නේ. ඡන්ද සමාධි පධානියඞ්ග සෙමින් සිදු වන බැවිනි කියලා කියනවා.

එතකොට ඒ අපිට පේනවා අර වේදනාව, නාමරූපයන් ඒ කියන ඒවා එතෙන්දි අර ඛිප්පාභිඤ්ඤා මගින් අපි අයින් කළහම තමයි ඉද්ධිපාද හතර තියෙනවා, ඡන්ද සමාධිය කියන එක, ඉද්ධිපාදයෝ මගින් ප්‍රබලභාවයට පත් කරන්න පුළුවන් අපිට. ඊළඟට ආපහු පෙන්නනවා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා මගින් විඤ්ඤාණගත වූ පෙර ගත්තා වූ දිට්ඨින් නිසා වූ බලපෑම්, උදාහරණයක් වශයෙන් කියනවා නම්, අවිද්‍යා ආශ්‍රව, විමංසා ඉද්ධිපාදය මගින් පහ කරන්නේ අත්තානු දිට්ඨියේ බලපෑම ඉවත් වන්නේ, මාන නොවන්නේ, ඕලාරික වූ ස්පර්ශය නිසා හටගත්තා වූ සඤ්ඤා සනාථ කිරීම, රතු පථය මගින් සිදුවීම වැළකීම කළ හැකි ය. මෙහි දී විරිය ඉද්ධිපාදය ප්‍රබල වෙනවා. සංස්කාරවලට මාන නොවන්නේ එය ඉවත් වීමත්, සඤ්ඤාවලට අවිද්‍යා නොවන්නේ එය ඉවත් වීමත් සිදු කරනවා. ආශ්‍රව නැසීම හෙමින් සිදු වන්නේ, විරිය ඉද්ධිපාද මගින් සංස්කාර ඉවත් කිරීම සෙමින් සිදු වන බැවිනි. බ්‍රහ්ම ලෝකවල වාසයට කැමති බව ඉවත් වන්නේත් සෙමිනි. අන්න ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේක කළහම නිරෝධයට යනවා පුදුමාකාර විදිහට. මේ අත්තානුදිට්ඨිය කියන එක තමන් භාවනාව තුළ දී අයින් කරගන්නවා ද, හරි පුදුමයි. මේ සද්ද බද්දවලට කියලවත්, කිසිම දෙයකට ප්‍රශ්නයක් නැහැ. හරි ම පුදුමාකාර විදිහට ඒක පවතිනවා.