Date: 24/11/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාවේ දී, අපිට මතකයි අර වේදනා සහ විඤ්ඤාණ significant වෙනවා කියන එකත්, ඒක නැති කිරීම ඛිප්පාභිඤ්ඤාව භාවනා මගින් කළ යුතු බවත්, ඒ වගේ ම දුර්වල වූ, රූපං අත්තතො සමනුපස්සති දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා මගින් පහ කළ යුතුයි කියන එකට නැවතත් මම මනස යොමු කළා. එතකොට දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ කොපමණ දුරකට අපි ගමන් කරන්න ඕනෙ ද? සම්පූර්ණ පටිපදාව නෙමෙයි නේ. අන්න ඒකයි මම විමසලා බැලුවේ. අඩු ම තරමින් වේදනාව නිසා තණ්හාව වන බව අවබෝධ කර ගන්නා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.

ඒ කියන්නේ එතන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. අන්න ඒ පමණටවත් අවබෝධ වෙලා තියෙන්න ඕනේ. කුමක් නිසා ද? දැන් එතෙන්දි අපිට එනවා අර diagram එක සීලබ්බත උපාදානය මතකයි නේ. වේදනා, චේතනා, පරාමාස. එතකොට ඔය triangle එක අනිත් පැත්තට දික් කළා ම අපිට එනවා, වේදනා, ජාති, අර ගිද්ධිලෝභ ඒ පැත්තට තියන එක, අභිජ්ඣා කියලා ගන්නත් පුළුවන්. ගිද්ධිලෝභ වේදනා කියලා එතන triangle එක එනවා. මේ පැත්තෙන් නන්දිය තියෙනවා. එතකොට ජාතියයි වේදනාවයි අතර අපිට රාග අනුසය කියන එක ඇති වෙනවා. ඉතින් ඒ, කුමක් නිසා ද මෙහෙම කියන්නේ, සීලබ්බත උපාදානයේ ප්‍රතිඵලය ඉවත් වෙන්න ඕනේ. යම් වේදනාවක් පරාමාසගත වන්නේ නම්, එය මගින් වන බලපෑම අධික ය. පාරවල් තුනකින්, වේදනාව කරා ගමන් කිරීම කියන එක පහ වෙන්න ඕනේ.

ඒක අපි බැලුවා, වේදනා නිරොධො තණ්හා නිරොධො කියන භාවනාවෙන්. 20/08/2015 ඒක කරලා තියෙනවා. මේක පහ කිරීම සිදු වෙනවා නම්, රාග අනුසය පහව ගොස්, ජාති වීම වැළකෙනවා කියන එක. එතකොට වේදනාව සඳහා චිත්ත සංස්කාර නොසාදන්නේ, නිර්වාණයට කැමැත්ත ඇති වන්නේ ඡන්ද සමාධි, එතනින් ඉන්ද්‍රිය සංවර, මෙත්තා අප්‍රමාණය. න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති කියන එක. ඉතින් එතන ඒ විදිහට කෙනෙක් බැලුවහම, ඒ ඡන්ද ඉද්ධිපාදය කියන එක, පුදුමාකාර විදිහට පවතිනවා. ඒ ඡන්ද ඉද්ධිපාදය මේ සුඛය සහගතව මම හිටියේ බොහෝ වෙලාවක්. ඉඳලා ඊට පස්සේ ඉතින් මට දැනුණා ඉහළ ධ්‍යානයන් එහෙම තිබිලා, තුනී වෙලා ගිහිල්ලා නිරෝධය දක්වා ම ඒ ගමන් කරනවා කියන එක. ඒ පුදුමාකාර විදිහට, ඡන්ද ඉද්ධිපාදය හෙල්ලෙන්නැතුව ඉන්න පුළුවන් යැයි කියන එක, මේ භාවනාවෙන් තේරුණා ඒ විදිහට කළහම.

ඒක තමයි මං කරපු භාවනාව.