ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවේ දී දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව මගින්, අඩු ම තරමේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අවබෝධ වෙලා තිබිය යුතු බවත්, ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පමණටවත් අවබෝධ වෙලා තිබිය යුතුයි කියන එකත්, ඒ වගේ ම ඒ පාරවල් තුනකින් වේදනාව කරා ගමන් කිරීම පහ වී තිබිය යුතු බව, යුතුයි යන්න සිහි කරා. භාවනාවට පෙර ම රහතන් වහන්සේ පැවසුවා, 10/11/2015 බොජ්ඣඞ්ග භාවනාව බලන්නෙයි කියලා. අද භාවනාවේ දී මෙනෙහි කළේ අර පාරවල් තුන කෙසේ නතර වෙන්නේ ද කියන එක. ඒ කියන්නේ පටිපදාවේ සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව මගින් කුමක් නතර කරන්නේ ද? සබ්බ සඞ්‌ඛාරෙ අනිත්‍ය සඤ්ඤාව මගින් කුමක් නතර කරන්නේ ද? මරණ සඤ්ඤාවෙන් කුමක් නතර කරන්නේ ද? ඉතින් line 5 වලින් වන දේ කියන එක තේරුණා, සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව මගින් නතර කරන්න.
එතෙන්දි අපිට එනවා අර diagram එක, වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගතිය. එතකොට ජීවිත ඉන්ද්‍රිය අපි චේතනාවයි, ඉදංසච්චයයි අතර ලකුණු කරගන්නවා, මගේ යන චිත්ත සංස්කාරයන් කියන ඒවා අපි එතන. ඉතින් අපි දන්නවා ඔතන, භය අගති ඉඳන් වේදනාවටයි, වේදනාවේ ඉඳන් චේතනාවටයි, ඒ රේඛා දෙක තමයි කපන්නේ. එතකොට, දැන් මෙන්න මේ අවස්ථාවේ දී අපිට පේනවා, ඔය line 5 එකෙන් වෙන්නා වූ දේ සිද්ධ වෙන්නේ නැහැයි කියලා. ඉදංසච්චයේ ඉඳන් භය අගතියට. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ, අධිට්ඨාන හතර කියන එක නිසා අපි දන්නවා, අත්තා යැයි යම් සඤ්ඤාවක් සනාථ නොකරන්නේ, ඒ කියන්නේ සල්ලය මගින් රතු පථය හරහා, මගේ යන චිත්ත සංස්කාර, අන්න ඒවා අතහරිනවා නම්, line 5 හරහා වේදනාව දක්වා ඒම කියන එක නතර වෙනවා.
ඉතින් මේ අවස්ථාවේ දී අපිට පේනවා, අර පරාමාස වීමට, අපිට තියෙනවා නේ භය අගති ඉඳන් වේදනාව දක්වා එන්නා වූ පාර, අන්න ඒකත් කැපිලා තියෙන්නේ කියලා පේනවා. එතකොට දැන් අපි කල්පනා කරනවා, එහෙම නම් මේ පරාමාසයේ ඉඳන් මොනවද එන්නේ? දැන් ඉතින් line 7 සහ අත්තා කියන එක තමයි එන්නේ. එතකොට සබ්බසඞ්ඛාරෙසු අනිත්‍ය සඤ්ඤාව කියන එක භාවිතා කරනවා නම්, line 7 වලින් කරන ක්‍රියාවලිය පළමුව නවතිනවා. මොන ආකාරයට ද ඒක ඇති වෙන්නේ? අපිට දැන් ආපහු පේනවා අර diagram එක, වේදනා චේතනා, චේතනා ඉදංසච්ච, ඒකෙ අපිට ලකුණු වෙනවා ජීවිත ඉන්ද්‍රිය, අර නිත්‍යයි කියන චිත්ත සංස්කාර. ඒ පාර ඉදංසච්චයේ ඉඳන් භය අගතිය, ඊළඟට එතනින් පරාමාස. අපි ඒ පරාමාසයට යන තැන අහංකාරය කියලා ලකුණු කරනවා. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් අර පරිදේවය කියන එක තියෙනවා line 6 කියන එක, අපි ලකුණු කරනවා.
එතකොට රහතන් වහන්සේ මුලින් පෙන්නුවා, යම් මෝහයක් වී ද පවතී යැයි සිතුවා ද, පරිදේව වූ ධර්මයන් මනා කොට වටහා ගන්නේ, පවතී යන ධර්මය බැස යන්නේ චිත්ත සංස්කාර නොසාදයි, අට්ටීයති කියලා කිව්වා. මෙසේ වන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීමෙන්, 50% පාර හරහා, වේදනාවට නොපැමිණේ. දැන් එහෙනම් වේදනාවට එන පාරක් කැපිලා ගියා. පරාමාසයට යමක් පැමිණෙන්නේ නම් පමණක්, ඒ line 7 හරහා ගලනවා. පිටත විසිරෙනවා කියන එකයි පෙන්නන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ අර 5A අත්තා මගින් කරන, අර භය අගති හරහා වේදනා වීම. මේක හරායති මගින් සිදු වෙනවා. නතර වීම කියන එක. කෙසේ ද? සුඛ යන මුසාවට ලැජ්ජා වීම කියන එක අපි මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දි අපිට මතක් වෙනවා, අර වේදනා සඤ්ඤා, වේදනා චේතනා අතර සුභයි කියලා දානවා, පෙර අත්තා කියලා ලකුණු කරන එක. අර අහංකාරය නිසා සිද්ධ වන්නා වූ දේ.
නටමින් සිටින පුද්ගලයා ඒ නැටීම සිදු උණේ, සිංදුව ඇසීමෙන්. ඒ කියන්නේ 5A අත්තා මූලික වූවා. මේක ඉවත් වෙනවා නම් අහංකාර වීම පෙර ගත්තා වූ දේ නිසා තමයි සිද්ධ වෙන්නේ. එතකොට නිත්‍යභාවය කියන එක, නිත්‍යභාවය ඉවත් වෙනවා නම්, purpose එක නැතිව යනවා. එතකොට හිරි වීම. අර අශ්වයාගේ කතාවත් එක්ක අපි වටහා ගත්තා. ඉගෙන ගත්තා. එහෙම නම් අහංකාරය ඉවත් වී එමගින් විඤ්ඤාණ වීම වැළකේ නම්, අත්තෙක් කොයින් ද? මෙතෙන්ට එන්න ඕනේ අර diagram එක, දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් පරාමාසයට, පරාමාසයෙන් විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් පල්ලෙහාට අර අනිත්‍යයේ නිත්‍යා කියන සඤ්ඤාව, අනිත්‍යයේ නිත්‍යා ඉඳන්, එතනින් එනවා දිට්ඨි ආශ්‍රවයට. අපි මේක කලින් ඉගෙන ගත්තා නේ ඒ විදිහට. දැන් අහංකාරයට එහෙම නම්, දෙපැත්තකින් සිදුවීමක් තියෙනවා. අහංකාරය නිසා අර පෙර අත්තා කතාව, අර නටන්න සිංදුවක් හොයනවා කියන කෑල්ල.
ඊළඟට ආපහු මේක අහංකාරය තිබුණා නම් මෙතන මේ විඤ්ඤාණය කියන එක සකස් වෙනවා කියන එක. එතකොට, දැන් අපිට පේනවා, මෙසේ පරාමාස භය අගති කියන ඒවා වැළකිලා ගිහිල්ලා, ඒ කියන්නේ දැන් අපි කියනවා, පරාමාසයේ ඉඳන් දැන් අත්තා කියලා පල්ලෙහාට එන්නේ නැහැ. විඤ්ඤාණයක් සකස් වෙන්නේ නැත්නම් ඉතින් අත්තෙක් කතාවක් නැහැ නේ. ඒ ක්‍රියාවලිය නවතිනවා. ඊළඟට අපිට පේනවා, මේ සුභය කියන එක සනාථ කිරීම වැළකීම කියන එක මරණ සඤ්ඤාව මගින් අපි සිදු වෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එතකොට අර class එකයි, instance එකයි දෙකමත් යනවා, ඉතින් ඒ වගේ ම මේ අර මරණ මොහොතේ, ඒ මනුස්සයට සුභයක් නැහැ නේ, එතකොට මේ විදිහට මේ පටිපදාව සම්පූර්ණ වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන එක තමයි මේ භාවනාවෙන් පෙන්නන්නේ.
ඉතින් මේක කළහම මුල ඉඳන් ම ඉතින් නිරෝධය, මේක තේරෙන එක්කෙනාට මුල ඉඳන් ම සිත නතර වෙලා, නිරෝධයට යනවා. රූපයන් ඒවා එලියට එනකොට පේනවා, ඒ වගේ දේවලුත් තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.