ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව කරන්න පෙර රහතන් වහන්සේ කිව්වා 05/09/2015 අභිජ්ඣා භාවනාව බලන්නෙයි කියලා. ඒකෙ අපි ඉගෙන ගත්තා, අභිජ්ඣා කියන එකට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ කාමය, හේතුව හැටියට තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට කාමය කුලමච්ඡරිය නැති වෙමින් නැති වෙන බවත්, නිත්‍යභාවය ඉවත් වීමෙන්, ඒ කියන්නේ ක්‍රෝධය නැති වෙලා කාමය නොවීම සිදු වෙනවා කියන එක සිහි කළා. එහෙම කියන්නේ class හා instance, දෙක ම නැති වෙන්න ඕනේ. Class නිත්‍ය ස්වභාවය නැති වීමෙන් පහ වෙනවා.
ඉතින් අපිට ඕක පේනවා අර පරිදේවය වූ ධර්මයන් නිසා එතනින් අර ඊයේ කරපු භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟට instance කියන එක ඊයේ භාවනාවේ අවසානයට වටහා ගත්ත කාරණාවක්. ඒකේදි අපි දන්නවා, අර ඔය දිට්ඨි ආශ්‍රව, පරාමාස, එතෙන්ට අපි අහං කියලා ලකුණු කරනවා, පරාමාසය ඉඳන් විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් පහළට එනවා අනිත්‍යයේ නිත්‍යා කියන විපල්ලාසය, එතනින් එනවා ආපහු දිට්ඨි ආශ්‍රවයට. එතකොට ඒකෙ ඒ diagram එකේ කෙටියෙන් කියනවා නම් කියන්නේ, අහංකාර වී විඤ්ඤාණ වීම තමයි ඒ diagram එකෙන් පෙන්නන්නේ.
එතකොට අපි ඔය අහංකාර වෙලා විඤ්ඤාණය වෙන්නේ නැත්නම්, නොවීම මගින්, අර instance කියන එක, ඒක නැති වෙලා යනවා. ඉතින් මේ භාවනාවේ දී කෙළින් ම ඔය කුලමච්ඡරියත් එක්ක ඒ කතාව බලනකොට class එක නැති වෙනවා කිව්වහම මට තනිකර චෙතො විමුක්තිය. එය හොඳට බොහෝ වෙලාවක් තිබුණා. ඊට පස්සේ ඔය instance එක කල්පනා කරපුවහම, චෙතො විමුක්තියයි ඒ තියෙද්දිම ප්‍රඥා විමුක්තියයි මේ පැත්තෙන් ඇති වෙනවා.
එතකොට ඕකේ මම බොහෝ වෙලාවක් හිටියා ඔය විදිහට. මේකේ ඒ භාවනාවේ තව තියෙනවා, අර කාමය නිසා වූ මමංකාර කොටස, පහ කිරීම කියන එක, නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ගාථාව. ඒක අර අභිජ්ඣා 2, 06/09/2015 භාවනාවේ දී අපි ඉගෙන ගත්තා. එතකොට, ඉතින් මං ඒක ආපහු කියන්න අවශ්‍ය නැහැ. මේ විදිහට මේ කාමයත්, මිච්ඡා දිට්ඨියත් පහව යන්නේ අභිජ්ඣා නොවේ කියලා අපි එතැන ඉගෙන ගත්තා. ඉතින් මේකේ වැඩි හරියක් තිබුණේ මේ, බොහොම පහසුවෙන් මේ චෙතො විමුක්තියේ, ඒ ප්‍රඥා විමුක්තියේ, ඉඳලා නිරෝධය කියන එක හරියට සිද්ධ උණා.
ඒක තමයි මං කරපු භාවනාව.