ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. හත් නම කිව්වහම horse shoe එක වාගේ ඒ සුඛිතචිත්ත බුදු පියාණන්ගේ, වේදනාව තියන තැන ඒ සිහි කරන තත්වයට මම.
ඉතින් ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ කෙළවරකට එනවා, වේදනා, ඉච්ඡා, ඒ පරිග්ගහය කියන එක. එතන ඉච්ඡා කියන තැන අපි දන්නවා ඔය කුලමච්ඡරිය නිසා වූ කාමය කියන එක. පරිග්ගහය කියන තැන අනාගත භවය දැඩිව ගැනීම. ඉතින් “ඉච්ඡා සන්‌ත්‍යා න මමත්ති මන්ති” කිව්වහම, කාමය නිසා ඇති වුණ මමංකාර කොටස, කාමය නැති නම් පහ වේ. මේක අර බුදුපියවරු හත් නම සිහි කරනකොට, ඒ කියන්නේ අර සුඛිතචිත්ත බුදුපියා දක්වා සිහි කිරීමේ දී, වේදනාව පවතිනවා පැවතිය හැකි ය යන අදහස ගිලිහී යෑම සමඟ ම හොඳින් වැටහුණා.
කොහොම ද, භාවනාවට පෙර ම, ඒ කියන්නේ 10/11/2015 බොජ්ඣඞ්ග භාවනාව බලන්නෙයි කියලා රහතන් වහන්සේ පැවසුවා. ඉතින් ඒකේ අපි ඉගෙන ගන්නවා, අර රතු පථය මගින් අත්තා යන සඤ්ඤාව සනාථ කිරීම නොවන්නේ නම්, චිත්ත සංස්කාර අතහරී නම්, චිත්ත සංස්කාර නිසා වේදනා වීමත් එමගින් අනුසය වීමත් බැස යනවා කියලා. අන්න ඒ ධර්මයට සිත යොමු උණා.
ඊයේ භාවනාවේ දී අවබෝධ කරගත්තා අපි, අපි දන්නවා අර, දිට්ඨි ආශ්‍රව ඉඳන් පරාමාසය දක්වා අහංකාර අත්තා ලකුණු කරගන්නවා, උඩ යනවා විඤ්ඤාණය, ඊට පස්සේ එතනින් අනිත්‍යයේ නිත්‍යා, එතනින් එනවා දිට්ඨි ආශ්‍රවයට. ඉතින් ඒ අහංකාර අත්තාත් එක්ක අපි දන්නවා, වම් පැත්තෙන් උඩට එනවා සඤ්ඤා, වේදනා එතන පෙර අත්තා, එතනින් චේතනා. වේදනා, චේතනා අතන අතර සුභයි කියලා ගන්න එක. ඉතින් අහංකාර වෙලා විඤ්ඤාණ නොවන්නේ නම්, ඒ කියන්නේ අර instance එක සිද්ධ වෙන්නේ නැත්නම්, වේදනාව සඳහා එන කුලමච්ඡරිය නම් වූ ප්‍රධාන සංස්කාරය, නැවත හටගන්නා වූ ස්වභාවය නැතිව යන්නේ, ගිලිහී යන්නේ, නිරෝධය කරා පැමිණෙනවා.
ඉතින් ඊට පස්සේ තමයි මම විවිධ රූපයන් මම දුටුවා, ඒ නිරෝධයේ තමයි මම බොහෝ වෙලාවක් හිටියේ. ඒකෙ අර වැදගත් වූ වචනය තමයි අර “කුලමච්ඡරිය නම් වූ ප්‍රධාන සංස්කාරය නැවත හටගන්නා වූ ස්වභාවය” නැතිව යනවා. අර අහංකාරයි, ඒ විඤ්ඤාණ නොවනවා නම්. අන්න ඒ instance එක නොවනවා නම් කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.