Date: 28/11/2015 Name: Mamimkara

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට දෙවෙනි බුදුපියත් සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම භාවනාව, ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙ වැඩි අවධානයක් මගේ යොමු උණේ අර රතු පථය ඔස්සේ අත්තා යන සඤ්ඤාවක් සනාථ කිරීම නොවන්නේ නම්, චිත්ත සංස්කාර අතහරී නම්, චිත්ත සංස්කාර නිසා වේදනා වීමත්, එමගින් අනුසය වීමත්, බැසගෙන යනවා කියන ධර්මයට.

අපි නිතර ම චිත්ත සංස්කාර හදනවා. යමෙක් පත්තරයක් කියවන්නේ, නව කතාවක් කියවන්නේ ඒ තුළ කාම සහගත සිතිවිලි ඇති වෙන, තමා ම සිතන, එමගින් ආස්වාදය ඇති වන දේ මෙනෙහි කරන්නේ, ඒ පුද්ගලයාට අර වේදනාවෙන් ඉච්ඡාව, ඉච්ඡාවෙන් පරිග්ගහය. ඉච්ඡා කිව්වහම අර කුලමච්ඡරිය නිසා වෙන කාමය, එතන පරිග්ගහය කිව්වහම අනාගත භවය දැඩිව ගැනීම.

ඉතින් අපි දන්නවා, බාහිර වස්තූන්ගේ පරිග්ගහය නිසා, මමංකාරය ඇති වෙනවා කියලා. මෙසේ, මගේ යන චිත්ත සංස්කාර නිසා නැවතත් මමංකාරය ම වෙච්චා කියන එක පටන් ගත්තා. ඉතින් මේ භාවනාව මේ විදිහට දැනගෙන, අර රතු පථය සිහි කරපු ගමන්, කෙනෙකුට නිරෝධයට යන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවක් මං හිටියේ ඒ නිරෝධයේ ම තමයි. ඒක ම මෙනෙහි කරමින්, වචන අදහස තියෙනවා නම්, එහෙන්ම ම නිරෝධයට යන්න පුළුවන්.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.