Date: 29/11/2015 Name: Ahamakara

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. මේ විදිහට හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව බලද්දී අද අහංකාරය බැලිය යුතුයි කියලා කල්පනාවක් ඇති උණා. එතකොට අපි දන්නවා, මේ ඊයේ භාවනාව කරලා ම තමයි මේක කරන්න තියෙන්නේ. අපි දන්නවා රූප, වේදනා, චේතනා, ඕවට උඩින් අපි වේදනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා ගිහිල්ලා පෙර අත්තා කියලා ලියනවා. ඒ වගේ ම අපි දන්නවා අර අහංකාරය කියන කොටස, පරාමාස, විඤ්ඤාණ, අනිත්‍යයේ නිත්‍යා, එතනින් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි ආශ්‍රවයෙන් උඩ පැත්තට අපි අහංකාරය කියලා දානවා.

එහෙනම් අපි දන්නවා, භවය ද, භෝගය ද, වෝකාරය ද කියන එක නිසා අහංකාරය වෙනවා කියලා අපි දන්නවා. භවය කිව්වහම එතන වේදනාව, භෝගය කියලා කිව්වහම එතන රූපය, වෝකාරය කියන තැන චේතනාව. එතකොට, අහංකාරය නිසා විඤ්ඤාණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නම් විඤ්ඤාණය තුළ බැසගෙන ඇත්තේ රූප, වේදනා, චේතනා අගයෝ ම නේ ද? මෙහි නැවත එම අගයන් ම සෑදීම නොවන්නේ නම්, විඤ්ඤාණයේ ස්ථාවරයට ඒ කියන්නේ stability එකට, පහර වදිනවා. එසේ අස්ථාවර වන්නේ නම්, කියන්නේ instability එක තියෙනවා නම්, ධාරාව බිඳීම වන්නේ නම්, මමංකාරය ද නොවේ. අහංකාරය ද නොවේ කියන එක තියෙනවා.

ඒ කියන්නේ, දැන් අම්මා කෙනෙක් ගැන, අපි අර එක ම අගයෝ කිව්වහම හිතන්න බලන්න, අම්මා කෙනෙක් ගැන තිබෙන්නා වූ අගය, අර අම්මා මළා නම් ඊට පස්සේ නැහැ නේ? ඒ විදිහට. එක කෑල්ලක් නැති වෙලා ගියා කියන එක තියෙනවා. භෝගය නැති උණා වගේ නේ. රූප කොටස නැහැ කියන එක. එතකොට ඒ වගේ, දැන් ඕනෑ ම දෙයක් ගැන තමන්ගේ තියෙනවා ඒ වගේ වෙනසක්. එතකොට ඒක එහෙම නම් අර ස්ථාවරය නැති වුණහම අපේ විඤ්ඤාණ ධාරාව ඒකත් අල්ලගෙන පවතින්නේ නැහැ. වෙන එකක් එක්ක නේ ගමන් කරන්නේ. එතකොට මේක හැම එකකට ම තේරුම් ගත්ත මනුස්සයාට, පේනවා මෙතන ඒක ආපහු stability එක නැත්නම් මමංකාරයත් නැහැ අහංකාරයත් ඒක නැති වෙලා යනවා.

ඒක තමයි මං කරපු භාවනාව.