Date: 30/11/2015 Name: Suba

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත් සිහි කළා. වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම, රූපස්මිං වා අත්තානං, අත්තා රූපය තුළ ඇත. 06/11/2015 අත්තානුදිට්ඨිය භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. අර වේදනාව අත්තා ලෙස ගන්නේ, සුඛය නිසා මමංකාරයක් සිදු විය. එම සුඛ වේදනාව මිය යන්නේ, ප්‍රිය වූ දෙයක් ඇතැයි සිතා ජාති දක්වා odd path එකේ පැමිණෙනවා. දැඩි වෙහෙස, උපායාසය කියන එක තියෙනවා. මේක පෙර විදිහට ලැබෙන්නේ නැහැ.

දැන් මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. අපි ඉගෙන ගත්තා, විඤ්ඤාණය තුළ බැසගෙන තියෙන්නේ රූප, වේදනා, චේතනා අගයෝ ම යි කියලා. එය නැවත සෑදීමක් නොවන්නේ, විඤ්ඤාණයේ ස්ථාවරයට පහර වදිනවා. Stability එක නැති වෙනවා. ධාරාව බිඳෙන්නේ නම් මමංකාරය නොවේ කියලා.

ඒ කියන්නේ දැන් අපිට පේනවා, ජාති, වේදනා, චේතනා කියන රේඛාව. එතකොට මේ තුන් අගයෝ අපිට හිතාගන්න පුළුවන් ඔය ජාතිය තියන තැන රූපයයි කියලා ගත්තොත්, රූප, වේදනා, චේතනා. ඒ විදිහට සැළකුවා නම් මේක align වීම නොවන්නේ නම් විඤ්ඤාණය කියන එක නොවේ.

එතකොට එක් ධර්මතාවයක් අඩු වුණොත්, අනෙක් අගයන් වැඩි කිරීම මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා. උදාහරණයක් වශයෙන් ඔය light bulb එකක් එළිය මදි නම්, අනෙක් bulb එකේ watts ගාන වැඩි කරලා ආලෝකය ඇති කරගන්නේ යම් සේ ද, අන්න ඒ ආකාරයට. දැන් අපි හිතමු, ජාති, වේදනා, චේතනා. ජාතිය තැන රූපය, රූපයේ අගය අඩු නම්, ඉතින් තමන්ගේ චේතනා අගය වැඩි කරගන්නවා. ඒ වගේ අගයන් වැඩි කරගැනීම අනුව, කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක පවත්වන්න. ඉතින් වේදනාවයි චේතනාවයි අතර අපි සුභය කියන එක ලකුණු කරනවා.

එහෙනම් මේ තුන මගින් සනාථ කරලා තියෙන්නේ මොකක් ද? සුභයි කියන එක. සුභය කියන එක ම තමයි මේ තුනෙන් සනාථ කරලා තියෙන්නේ. අන්න එතෙන්දි මතක් වෙනවා අපි අර භාවනාවක දී ඉගෙන ගත්තා special එකේදි ඔය “සුභ වූ දෙය ම තමයි මානය මගින් හොඳයි කියලා කියන්නේ” කියලා. ඉතින් මේක, ඕන ම තලයකට හරි. රූප තලයට ඒ දෙතිස් කුණපයන් එක්ක ඒවයේ තියෙන්නා වූ එක. ධ්‍යාන තලයන්ගේ, අර තේජෝ ධාතුව නිසා, දැන් ආලෝකය නිසා මනුස්සයකුට ඒකේ තියෙනවා නේ සුභයක් beauty එකක්. ඒවා ඔක්කොම අල්ලලා තියෙනවා. මේවා නම් සුභය ම තමයි අපි මේ අල්ලගෙන යන්නේ කියන එක, ඒක පේනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.