Date: 01/12/2015 Name: සුභ 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙලා යනවා. පැවැතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට මම කළේ ඊයේ භාවනාවෙන් නැවතත් පටන් ගත්තා. ඊයේ භාවනාවේ අපි ඉගෙන ගත්තා අර සුභය කියන එක සනාථ කරනවා කියලා. ඒ ජාති වේදනා ඒ චේතනා ඒ අගයන් තුන.

එතකොට අද භාවනාවේ දී මම බැලුවේ, අපි ඉගෙන ගත්තා කලින් ම සබ්බලෝකයේ අනභිරත සඤ්ඤාව. ඒ සබ්බලෝකයේ අනභිරත සඤ්ඤාව මගින් අපි එතන ගත්තා මගේ ඇයි කියන චිත්ත සංස්කාර. ඒ මගේ යන චිත්ත සංස්කාරයන් තියෙනවා නම් අපි ඕක ලකුණු කරගත්තේ, අර චේතනාවෙන් ඉදංසච්චයට යන ජීවිත ඉන්ද්‍රිය තියෙන තැන. ඒකෙන් විඤ්ඤාණයට ගිහිල්ලා විඤ්ඤාණයෙන් අර සංස්කාරවල mode එක හරහා අපි භය අගතියට ඇවිල්ලා, වේදනාවට ඇවිල්ලා, වේදනාවෙන් ආපහු සුභය කියන එක සනාථ කරනවා, instance එක කියන එක. එතකොට අන්න එහෙම වෙනවා නම්, මට අද භාවනාවෙන් තේරුණේ, මේකෙන් වෙන්නේ මොකක් ද? අධිට්ඨානය කියන එක. එහෙම වෙනවා නම් සිතට ස්ථානයක් වෙනවා. එතකොට සිතට ස්ථානයක් වෙනවා කියන එක තේරුම් ගත්තා ගමන් ම මගේ සිත නම් නතර උණා.

දැන් ඊට පස්සේ මට බලන්න ඕන වෙලා තිබුණේ, වුණේ මේ class එක මගින් වෙන එක. එතකොට රහතන් වහන්සේ කිව්වා “සබ්බ සඞ්‌ඛාරෙ අනිච්ච සඤ්ඤාවේ, හරායති කියන කොටස” මෙනෙහි කරන්න කියලා. “ඒකෙන් තමයි ඒක වෙන්නේ,” කියලා. සිතට ස්ථාන වුණා නම් අපි හිතන්න බලන්න ගෙදරක මනුස්සයෙක් නතර වෙනවා. ගෙදරක මනුස්සයෙක් නතර වෙන්නේ, මොකක් හරි purpose එකකට. එතකොට එහෙම නම් අපිට පේනවා, අර අට්ටීයති කියන එකේ අපි දන්නවා අර නිත්‍යභාවයක් තමයි එතන තිබුණේ. පරිදේව වෙන සංස්කාරයක් පරිදේව වෙනවා කියලා එයා දන්නෙ නැතුව තමයි නේ, ඒක වෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න මනුස්සයා නම් ඒකට අට්ටීයති වෙනවා. එතකොට ඒ purpose එක අයින් කරාට පස්සේ, අපි ඕක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා, අර අශ්වයො දෙන්නාගේ කතාවෙන්. Purpose එක අයින් කරාට පස්සේ ඉතින් ඒකට අපි ලැජ්ජා වෙනවා කියන එක.

එතකොට මේක හරි ලස්සනට වැටෙනවා. එහෙම නම් දැන් මේ class කතාවෙන් ඒක සිද්ධ වෙන එක, එයත් ගිහිල්ලා දැන් අරක සනාථ කරනවා නේ. ඒ සුභය කියන එක. ඉතින් ඒකට අර සබ්බ සංස්කාරයේ අනිච්ච සඤ්ඤාවේ හරායති කියන එක හොඳට මෙනෙහි කරන්න ඕනෙ. අර ගෙදර නතර වෙලා මොකද කරන්නේ, purpose එක. එතකොට ඒ මනුස්සයෙක්ගේ සිත යම්කිසි දෙයක්, වස්තුවක්, මොකක් හ‍රි එකක් මත ඒක ස්ථාන වෙලා, ඊට පස්සේ එතන purpose එකක් තියෙනවා එයාට. මේ භාවනාව පුදුමයි. පුදුමාකාර විදිහට සිත නතර වෙනවා.

පළවෙනි එකෙන් ම, මේ අධිට්ඨානය කියන එක තේරුම් ගැනීමත් එක්ක ම සිත නතර වීම කියන එක තියෙනවා. ඒක ඉතින් තමන් ම හිතන්න ඕනෑ. ඒක තමයි මං කරපු භාවනාව.