ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මේ වෙලාවේ ඒ බුදුපියාණන් වහන්සේ මට යමක් කිව්වා. මම ඒක භාවනාවේ අවසානයට පෙන්නන්නම්. ඒ විදිහට හතර නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකෙ සඳහන් වෙන, මගේ යන චිත්ත සංස්කාර මගින් සුභය සනාථ කිරීම සිදු වූ විගසින් අධිට්ඨාන වන බව වැටහුණා. ඒකෙ අපි හාලිද්දිකානි සූත්‍රය පැහැදිලි කරනකොට, අධිට්ඨානයට අර බුදුහාමුදුරුවෝ දීපු කාරණා, උදාහරණ හතරක් අපි නිතර ම බලනවා.
ඒ පළවෙනි උදාහරණයට තිබුණේ රජ කෙනෙකුට අධිට්ඨානය සිතට ස්ථාන වන්නේ බලයයි කියලා. යමෙක් බලය භාවිතා කොට ජීවත් වෙන අයුරු දැක, එය සුභ විය. නිත්‍යභාවයක් නොවන්නේ නම්, කියන්නේ අට්ටීයති. මෙසේ ජීවත් විය නොහැකි බව දත යුතුයි, හරායති. බලය මගින් ජීවත් විය හැකි ය යන purpose එක නැති වීම මගින් මේක නැති වෙනවා.
ගෘහපතියෙකුට ශිල්පය අධිට්ඨාන වෙනවා. ශිල්පය භාවිතා කොට ජීවත් වන අය දක්නේ, මමත් එසේ ජීවත් වෙමි යන අදහස සුභ වෙයි. නිත්‍යභාවයක් නොවන්නේ නම් අට්ටීයති. මෙසේ ජීවත් විය නොහැකි බව දත යුතු ය, හරායති. ශිල්ප මගින් ජීවත් විය හැකි ය යන purpose එක නැති වීම මගින් මේක නැති වෙනවා.
ස්ත්‍රියකට පුත්තු අධිට්ඨාන වෙනවා. පුතුන් නිසා බිය නැතිව සැප ඇතිව ජීවත් වන අයකු දැක එසේ ජීවත් වීමේ අදහස විය. මෙය සුභ විය. පුත්තු මිය යන බව දන්නේ නිත්‍ය නොවන්නේ නම් අට්ටීයති. මෙසේ ජීවත් විය නොහැකි බව දත යුතු ය, හරායති. පුත්තු මගින් ජීවත් විය හැකි ය. ආරක්ෂාව සැලසේ යන purpose එක නැති වීම මගින් මේක නැති වෙනවා.
තාපසයෙකුට සීලය අධිට්ඨාන වෙනවා. සීලය නිසා තාමත් රැකෙන බවත් අන් අයත් රැකෙන බව දන්නේ එහි අධිට්ඨානය සුභ විය. සීලය බිඳෙන බව දන්නේ නිත්‍ය නොවන්නේ, ගසක පොත්ත කුඩා සතුන් මගිනුත් කැඩී යන බව දන්නේ, අට්ටීයති. මෙසේ ජීවත් විය නොහැකි බව දත යුතු ය, හරායති. සීලය මගින් ජීවත් වන purpose එක නැති වන්නේ, එනම් විමුක්ති චිත්ත වන්නේ මේක නැති වී ගියා.
ඉතින් මේ භාවනාව මම එක මොහොතෙන් අර ඊයේ භාවනාව බලනකොට ම මම ලියලත් අවසන් වුණා. ඉතින් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට එතැනදි මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පැවසුවේ, මේක අර ඒ බුදුපියාණන් සිහි කරනකොට අපි විඤ්ඤාණය තියෙන තැන පහළ පවතිනවා, පැවතිය හැකි ය කියලා නේ. එතකොට එහෙම නම් ඒ රජ කියලා ගන්න එක විඤ්ඤාණය. විඤ්ඤාණය තමයි රජ වන්නේ.
ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ අපි සිහි කරනකොට අපි දන්නවා අර ධම්මමච්ඡරිය තියන line එක. ශිල්පය නේ කතා කරන්නේ. එතකොට එතැන එහෙම නම් අපි කතා කරන්න ඕනෑ වේදනාවයි චේතනාවයි කියන line එක.
එතකොට ඊළඟට ආපහු ඒ ස්ත්‍රියක් කියන එක බලනකොට පුත්තු. මව සහ පුතා. අර ධම්මාධිපති බුදුපියාණන් සිහි කරනකොට ස්පර්ශය කියන තැනයි නාමරූපයයි. එතකොට ඒකයි ඒ බුදුහාමුදුරුවෝ එතන පෙන්නලා දීලා තියෙන්නේ.
එතකොට ඊට පස්සේ ආපහු තාපසයා. තාපසයාගෙ කතාව අපි ඒ වෙලාව වෙනකොට හතර වෙනි කාරණයට අපි විනයාධිපති බුදුපියා නේ සිහි කරගන්නේ, පරාමාසකායගන්ථය. එතකොට පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ සීලබ්බත උපාදානයෙන්. එනකොට අර විමුක්ති චිත්තයෙන් තමයි, අපි දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය කුසල සීලය කියන එකත් නැති වෙලා යන්නෙ විමුක්ති චිත්තයෙන්.
එතකොට ඒ විදිහට තමයි ඒක සිහි කරන්නේ. ඉතින් මේක අර මට නම් මණ්ඩලාධිපති බුදුපියා ඒක සිහි කරපු වෙලාවේදි එතන, ඒ බුදුපියවරු හතර නම සිහි කරනකොට ම ඉතින් සම්පූර්ණයෙන් ම නතර වෙනවා. නතර වෙවී නතර වෙවී තමයි ඒක කළේ.
ඒක තමයි මං කරපු භාවනාව.