Date: 03/12/2015 Name: Paramita

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ අධිට්ඨාන වශයෙන් බලන්නේ පාරමිතා කියන ඒවා අදිටන් කළා. ඉවසීම, අධිට්ඨානයක් මේක සිහි කළා. මදුරුවෝ කෑම ඉවසන්න ඕනේ. ශරීරයේ ව්‍යාධි ස්වභාවය ඉවසන්න ඕනේ. එතකොට මේ විදිහට ඉවසනවා නම් ව්‍යාධි, මරණ, සෝක, පරිදේව. එතකොට අර wiper එක වගේ තියෙනවා නේ, ඒවා ඉවසන්න ඕනේ.

ඒ වගේ ම දැඩි වෙහෙසට පත් වුණා වූ උපායාස ධර්මයොත් ඉවසන්න ඕනේ. මෙසේ ඉවසන්නේ නම් වේදනාවට ප්‍රතිචාර නොදක්වයි. ශාන්තිය ඇති විය. කුමන ශාන්තියක් ද? යම් දැවීමක් වේ ද, එයට ප්‍රතිචාර දක්වයි ද, එය පහ කිරීම මගින් වන සැනසීම. වේදනාව ඇති තැන ඛන්ති පාරමිතාව කියන එක සලකුණු කරගන්න ඕනේ. මෙසේ ඉවසීම මගින් ප්‍රීතිය සහගතව වාසය කළා. ප්‍රීති සහගතව එතන හිටියා භාවනාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.