ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට වැඳ නමස්කාර කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
කම්මසමාදානයෝ කියන ඒවා තුන් දෙනෙක් ඉන්නවා. ගති සම්පත්තීන්, උපධි සම්පත්තීන්, කාල සම්පත්තීන් යනුවෙන් තුන් ආකාර වෙනවා. ගති සම්පත්තීන් නිසා වන කම්මසමාදානයෝ කවරහු ද? මේ සාසනයේ ඇතැමෙක් යම් කර්මයක් කරන්නේ කුමන ගතියක් නිසා ද?
පළවෙනි කාරණයට එනවා, අතීතයේ එවැනි දේ කිරීම නිසා කරන්නකු ඇත. දෙවෙනියට එනවා, වර්තමානයේ එවැනි දේ කිරීම නිසා කරන්නෙකු ඇත. තුන් වෙනුවට එනවා, අනාගතයේ මෙවැනි දේ කිරීම් කිරීමට බලාපොරොත්තු වන නිසා කිරීමක් ඇත.
එතකොට අතීතයේ එවැනි දේ කිරීම කෙසේ දත යුතු ද? මෙය පරිදේවය ඇති තැන සලකුණු කරන සංස්කාර ලෙස ගත යුතු ය. අර මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන්නේ. එහෙම නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රවය දක්වා යෑම ලෙස අවබෝධ ඥානයෙන් විමසිය යුතු ය. උදාහරණයක් වශයෙන් ගත්තොත් භාවනාවට පෙර පුද්ගලයෙක් ශරීරය පිරිසිදු කරනවා නම් භාවනාව කරන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා.
ඊළඟට වර්තමානයේ එවැනි දේ කිරීම කෙසේ දත යුතු ද? පරාමාසකායගන්ථයේ සිට ඉදංසච්චය දක්වා යෑම, යමක් ඇදෙන්නේ ද, ග්‍රන්ථ වන්නේ ද එසේ සලකන්න ඕනේ. පරාමාසයේ ඉඳන් යන එක. එතකොට ඒ කියන්නේ දැන් ධර්මයන් මෙනෙහි කිරීම මගින් කෙනෙක්ගෙ ඵල චිත්තය කියන එක. මගේ නම් ඒ විදිහට නැංවෙලා තිබුණා, ඒ වෙලාවේ. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ තියෙන්නෙ.
ඊළඟ තුන් වෙනි කාරණයට එනවා. අනාගතයේ එවැනි දේ කිරීමට බලාපොරොත්තු වන නිසා කිරීම, කෙසේ දත යුතු ද? ඉදංසච්චයේ සිට පරාමාසකායගන්ථ වීමක් බැස ගැනීමක් ඇත්ද එසේ සැලකිය යුතු ය. උදාහරණයක් වශයෙන් ගත්තොත් පාඩම් කරන දරුවකු, අනාගතයේ මම දොස්තර වීම, මෙම ක්‍රියාවලිය, ඒ කියන්නේ මෙම පාඩම මගින් සිදු වේ යැයි සිතන්නේ ද එය එසේ ය.
ඉතින් මේ තුන් ධර්මයන් මම සිහි කළහම අනාශ්‍රව වුණා. අනාශ්‍රව වෙලා නිරෝධය කරා පැමිණියා. ඉතින් මේ ස්ථානයේ අතීත භවයන් හිටන් මම දැක්කා. මේ බුදුහාමුදුරුවන්ගේ දස බලයන් තියෙනවා නේ, පාරමිතාවයි ඒ කියන්නේ දසයන්ගෙන් දෙවැනි කාරණාවේ දී තමයි මේ කම්මසමාදාන සම්බන්ධයෙන් තියෙන එක. එකේ කොටසක් තමයි ඔය භාවනාවට ගත්තේ.
ඒක තමයි මං කරපු භාවනාව.