ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මෙය සිහි කරනකොට මට අර සුභ 3 භාවනාව අර රජුගේ අධිට්ඨානය කිව්වේ, අන්න ඒක එහෙම සිහි වුණා. ඉතින් තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. අද ඒ උපධි සම්පත්තිය නිසා ඇති වන කම්මසමාදානය කියන එක සිහි කළා. ඔය සම්මස්සන සූත්‍රය එහෙම බලලා තියෙන අය දන්නවා ඔය ඒකෙ පෙන්නනවා මේ දුක උපධි නිදාන කොට තියෙනවා කියලා. දුක උපධිය සමුදය කොට, දුක උපධිය ජාතිය කොට, දුක උපධිය ප්‍රභව කොට තියෙනවා කියලා, produce කියන එකයි. කාරණා හතරකින් පෙන්නනවා.
එතකොට “උපධියට ගතිය හේතු විය. ප්‍රත්‍ය විය” කියලා රහතන් වහන්සේ පෙන්නුවා. කෙසේ ද? අතීතයේ යමක් කරන ලද්දේ ද, සිතන ලද්දේ ද, ප්‍රකාශ කරන ලද්දේ ද එය විසින් ඇති කරන උපධීන් තියෙනවා. ඔයා යම්කිසි දෙයක් හිතලා තියෙනවා ද, යම්කිසි ස්ථානයක ඉඳලා තියෙනවා ද, ආපසු ඒ ස්ථානයේ තමන් ගිහිල්ලා වාඩි වුණා නම් අර ඉස්සෙල්ලා ඒ ස්ථානයේ හිටපු දේවල් තියෙන්නේ, ඒ සිතුවිලි පහළ වෙන ස්වභාවයක් තියෙනවා. ගතියක් තියෙනවා. වර්තමානයේ යමක් කරන ලද්දේ ද, ඒ නිසා ඇති වන උපධීන් තියෙනවා. අනාගතයේ යමක් කිරීමට බලාපොරොත්තු වන්නේ ද? plan ඇත්ද? ඒ නිසා ඇති වන අත්තවාද උපාදාන, උපධීන් කියන ඒවා ඇති වෙනවා. Plan එක ගහලා යනවා. ඉතින් තණ්හාව මේ තුන් කාරණයට ම සාධාරණ වෙනවා. ඒ නිසා උපධි, තණ්හා නිදාන කොට, සමුදය කොට, ජාති කොට, ප්‍රභව කොට ඇති යැයි කියලා පවසනවා ඔය සම්මස්සන සූත්‍රයේ.
මේ භාවනාව කරනකොට මේ සිත ගලක්. සිත ගලක් කියලා කියන්නේ කිසිම එකකට එයා සෙලවෙන්නේ නෑ. ඉතින් ඒකෙදි මම ඔය දැක්කා ඔය ආකිඤ්චන සමාපත්තිය. ඒ කියන්නේ වම් ඇහෙන් හරියට ආලෝකයන් තියෙනවා. දකුණු ඇහෙන් බැලුවම කළුවට තියෙනවා වගේ. ඒ වගේ මට පස්සේ තමයි තියෙන්නේ මේ ආකිඤ්චන සමාපත්තියේ ඒ ස්වභාවය කියන එක. පුදුමාකාර විදිහට ඒක සිත පවතිනවා. ඉතින් කාරණා නම් ඉතින් ගොඩක් කියලා කියන්න පුළුවන් මේ විදිහට බැලුවාහම. මේ පුදුමාකාර භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.