Date: 06/12/2015 Name: කම්‌මසමාදානානං 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අතීත කාලෙත් මෙම බුදුපියවරු සත්වයා හට පිළිසරණ වුණා. වර්තමාන කාලයෙත් මේ බුදුපියවරු සත්වයා හට පිළිසරණ වන්නේ ය. අනාගත කාලයේත් මේ බුදුපියවරු සත්වයා හට පිළිසරණ වන්නේ ය. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව අවසානයේ සඳහන් කළා, අපි අතීත කාලයේ යමක් කරන ලද්දේ ද, එය නිසා උපධි ඇති වීම කියන එක මම සිහි කළා. කාලය අනුව උපධි ඇති වීම තුන් ආකාර වෙනවා.

ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත කියන කාලයන්. පළවෙනියට අපි බලනවා අතීත කාලේ යමක් කරන ලද්දේ නම් ඒකෙ බලපෑම අධිකයි, කුමක් නිසා ද? විඤ්ඤාණ ධාරාව යම් පථයක ගමන් කළා ද, ඉදංසච්චය එය අනුමත කළා ද, මේ නිසා අවිද්‍යා අනුසය ධර්මයෝ හටගෙන ඇත. එවන් දේ නිසා, පිළිගන්නා ලද වස්තූන් නිසා, ඒ කියන්නේ අර සුභ, අවිද්‍යා අනුසය සෑදෙන බව 31/10/2015 නිබ්බාන භාවනාවේ දී අපි ඉගෙන ගත්තා.

එතෙන්දි අපිට මතකයි අර diagram එකක් තියෙනවා. එතන එනවා මේ ජීවිත ඉන්ද්‍රිය කියන තැනින් විඤ්ඤාණය. සංස්කාර හරහා භය අගතිය, සෝක, වේදනා. එතනින් අර චේතනාවට යන්නා වූ පාර, අර සුභය සනාථ කරමින් යන එක. එතකොට ඔතන ඔය ජාතියේ ඉඳන් චේතනා රේඛාව. ඊළඟට ජරාවේ ඉඳන් අසම්පජාන රේඛාව. ඒ වගේ ම තමයි අපි දන්නවා මෝහ අගතියේ ඉඳන් අර පරිදේවය. ඒ කියන්නේ අර උඩ තියෙන instance එකයි අර පල්ලෙහා class එක. සනාථ කරන ලද සුභය ම වේදනාව දක්වා පැමිණෙන්නේ අවිද්‍යා අනුසය බවට පත් වූයේ ය. මෙය instance සහ class. අර B පථය. මතකයි නේ B පථය. භය අගතිය, සෝක, වේදනා. B පථය මගින් තමයි මේක සිදු වන්නේ.

MM_30_10_2015.jpg

එතකොට ඊළඟට අපි බලනවා වර්තමාන කාලේ යමක් කරන ලද්දේ නම් ඒක කෙසේ බලපාන්නේ ද කියලා. සිතන මොහොතක ම විඤ්ඤාණය බැසගෙන සිටී. එහි යම් “ස්ථිතියක්” ඒ කියන්නේ steady, ස්ථාවරයක් stability ඇද්ද, මෙය අවිද්‍යාවට බීජයක් වෙයි. එය නොසිඳී පවතින හේතුවක් වන්නේ ය. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව උස්සන්නේ, චිත්තස්ස සම්පලිබොධො, පරියුට්ඨාන, අප්පටිවේධ, අවිද්‍යා ආශ්‍රව, එතනින් දිට්ඨි ආශ්‍රව. මෙසේ දිට්ඨිය ඇති වන්නේ වර්තමාන කාලයේ සඤ්ඤාව අල්වාගෙන සිටීම සිදු වේ.

අනාගත කාලයේ යමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් ඒක කෙසේ බලපාන්නේ ද? පාඩම් කරන දරුවකු මෙම ක්‍රියාවලිය මගින් මම අනාගත කාලයේ දොස්තර කෙනකු වන්නේ යැයි සිතන්නේ, plan සංකප්ප ඇති වෙනවා. ඔහු එම සංකල්පය ම, රමණීය කරන්නේ, නැවත නැවතත් සිත පිහිටුවන්නේ නම් පරිග්ගහය හරහා පරාමාස වෙනවා. එතකොට මෙතෙන්දි පේනවා, අර චේතනාවලින් පස්සේ, අර අත්තා, අත්තා එකින් plan එක, ඒ කියන්නේ සංකප්පය. එතකොට ඒක තමයි මේ අනාගත line 7 එක, හරහා පරාමාස වෙනවා.

අනිත් පැත්තෙන් ගත්තම අපි දන්නවා අර ජරා, වේදනා රේඛාව. එතන ජරා වේදනා රේඛාවේ අවිද්‍යා අනුසය තියෙනවා. අර වේදනාවෙන් තණ්හා, තණ්හාවෙන් පරිග්ගහය, පරිග්ගහයෙන් පරාමාසය. අර දෙපැත්තකින් එයා එනවා එතනට. එතකොට ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ, ඒ අනාගත කාලයේ කතාව. ඉතින් අපි දන්නවා අර සීලබ්බත උපාදානය අර වෙන්නේ, අන්න ඒ වගේ එතන සිද්ධ වෙනවා කියලා පේනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

ඒ කියන්නේ මේ අවස්ථාවේ දී අර දොස්තර වීමෙන් ඇති වෙන සුඛ වේදනා කියන එක අන්න වේදනා පැත්තට එනවා. ඊට පස්සේ ඉතින් අර සංකප්පයන් අර පැත්තේ තියෙනවා. ඉතින් ඒකේ කෑලි දෙක දෙයාකාරයකට යනවා. ඒ කියන්නේ එක්කෙනෙක් සුඛ වේදනාව ගැන හිත හිතා ඉන්නවා. වැඩිය උත්සාහයන් කරන්නේ නෑ. ඒ තව කෙනෙක් උත්සාහ කරනවා අර සුඛ වේදනාව ගැන වැඩිය හිතන්නෙ නෑ. ඔන්න ඔය දෙක තමයි, ඒකෙ වෙනසකට හැටියට තියෙන්නෙ.